චම්පිකට_මෙට්ටයක්

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    චම්පිකට_මෙට්ටයක්

    පාඨලී චම්පික එම් වාට්ටුවේ පැදුර වෙනුවට මෙට්ටයක් ඉල්ලලා දවසටම එළියට එන්නෙ පැය දෙකයි

    Untitled-1.jpg

    තරුණයෙකු ආබාධ තත්වයට පත්වන ආකාරයේ රිය අනතුරක් සිදුවීමෙන් පසු පළායාම හා වෙනත් අයෙකු ඉදිරිපත් කර කරුණු වසන් කිරීමට තැත්කිරීමේ චෝදනාව ලද හිටපු ඇමති පාඨලී චම්පික රණවක අත්අඩංගුවට පත්වීමෙන් පසු දින 5 කට රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට ඊයේ නියම විය.
    කෙසේ වෙතත් හිටපු ඇමති චම්පිකගේ නීතීඥයින් ඇප ඉල්ලා සිටි නමුත්
    ඇප නොලැබුණ අතර රෝහල්ගතවීමට ඉල්ලීමක් නොකිරීම විශේෂිතය. ඒ අනුව හිටපු ඇමතිවරයාට සිර කුටියකට යාමට සිදු විය.
    අනතුරුව හිටපු ඇමතිවරයාව ඊයේ 19 දහල් වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබීය.

    එහිදී දැඩි ආරක්ෂාවක් යටතේ 'එම්' සිර වාට්ටුවට ඔහුව ඇතුළත් කළ බව බන්ධනාගාර ආරංචි වාර්තා කර තිබේ.
    එම සිර වාට්ටුවේ චම්පික සිටින්නේ තනිව දමා තිබෙන සිර කුටියක බවත් විශේෂ ආරක්ෂාව යොදවා ඇති බවත් එක් ජේලර්වරයෙකු සිර කුටිය භාරයේ සිටින බවත් බන්ධනාගාර ආරංචි වාර්තා කර තිබේ.
    මේ අතර සිරගතවීමෙන් පසු ඔහුට නිදාගැනීමට ලැබී ඇත්තේ පැදුරකි. ඒ වෙනුවට මෙට්ටයක් ලබාගත හැකිදැයි චම්පික විමසා ඇති අතර බන්ධනාගාර වෛද්‍යවරයාගේ අනුමැතිය ඊට ලැබී ඇත. කෝප්පයක් පිගානක් හා ඇද ඇතිරිල්ලක් පිටතින් ගෙන ඒමට අවසර දී ඇත.
    මෙම සිර මැදිරිය සවස 5 ට සිරකරුව අගුළුදමා වසන බවත් නැවත පසුදින අලුයම 6 ට විවෘත කරන බවත් වාර්තා විය. සැකකරුට උදේ හා සවස පැයක් බැගින් පිටතට පැමිණීමට අවකාශ ලබාදෙන්නේ ව්‍යායාම හා වාතාශ්‍රය පිණිසය.
    චමිපික රදවා සිටින එම් සිරමැදිරිය වැලිකඩ විශේෂ ආරක්ෂක ප්‍රදේශයේ පිහිටුවා ඇති බවත් ඊට යාබද එම්1 හා එම්2 කාන්ඩවල සිටින්නේ මත්කුඩු ජාවාරම්කරුවන් බවත් වාර්තාවේ.
    ඊයේ සවස පාඨලී හිටපු ඇමතිවරයා බලන්නට එජාපයේ හෙක්ටර් අප්පුහාමි හා කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරුන් බන්ධනාගාරය තුළට ගොස් තිබුණි. මේ අතර කතානායක කරු ජයසූරිය නිවේදනයක් නිකුත් කරමින් කතානායකවරයාට නොදන්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම පටිපාටිය උල්ලංඝනය කිරීමක් බවත් පෙන්වාදී ඇත.

    Gossiplanka
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ අතර කතානායක කරු ජයසූරිය නිවේදනයක් නිකුත් කරමින් කතානායකවරයාට නොදන්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම පටිපාටිය උල්ලංඝනය කිරීමක් බවත් පෙන්වාදී ඇත.

    Gossiplanka

    කලින් මෙයාට මෙව්වා මතක් වුනේ නැ නේද :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලින් මෙයාට මෙව්වා මතක් වුනේ නැ නේද :rolleyes:

    :yes::yes: ඒ කාලෙ ඇරස් කරද්දි මීක් කියුවෙ නැ දැන් මාධය නිවේදන එක අතකට හොදයි රටේ මිනිස්සුන්ට මතක් වෙනවනෙ 2015 ගැන..
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    කලින් මෙයාට මෙව්වා මතක් වුනේ නැ නේද :rolleyes:
    Policiyen Karu ta inform karanna hadala, karu lankawe idala naa.
    ekanisa deputy speaker ta inform karala thama champikawa arrest karala thiyenne.
    ekanisa kisima waraddak kiyanna baa process eke
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ලංකාවේ හිර ගෙවල් ගල් යුගේ වගේනේ. සිරකාරයන්ට මූලික පහසුකම් දෙන්න ඕන. නිදාගන්න ඇඳක්,පිරිසිදු තැනක්, පිරිසිදු කන්න පුලුවන් කෑම.හිරකාරයන්ටත් මානව හිමිකම් තියෙනවා.:dull:
    සමාජේ හැම තරාතිරකම අය හිර ගෙවල් වලට එනවාඇමතිල,හමුදාපති පොලිස්පති, වින්ශ්චයකාරවරු,දොස්තරලා,ලෝයර්ස්ල, බිලියනයර්ස්ලා මේ ඔක්කොම.දවසම දවල්ට ලොකප් කරලා තියෙන එක තේරුමක් නෑ.අඩුම ගානේ ටීවි එකක් හරි රේඩියො එකක් හරි දෙන්න ඕන
    prison-5.jpg
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,808
    8,147
    113
    Kotahena
    ලංකාවේ හිර ගෙවල් ගල් යුගේ වගේනේ. සිරකාරයන්ට මූලික පහසුකම් දෙන්න ඕන. නිදාගන්න ඇඳක්,පිරිසිදු තැනක්, පිරිසිදු කන්න පුලුවන් කෑම.හිරකාරයන්ටත් මානව හිමිකම් තියෙනවා.:dull:
    සමාජේ හැම තරාතිරකම අය හිර ගෙවල් වලට එනවාඇමතිල,හමුදාපති පොලිස්පති, වින්ශ්චයකාරවරු,දොස්තරලා,ලෝයර්ස්ල, බිලියනයර්ස්ලා මේ ඔක්කොම.දවසම දවල්ට ලොකප් කරලා තියෙන එක තේරුමක් නෑ.අඩුම ගානේ ටීවි එකක් හරි රේඩියො එකක් හරි දෙන්න ඕන
    prison-5.jpg
    කලින් ආණ්ඩුවේ කාලේ ඔය ටික කරලා A/C එහෙම හයි කරලා තමයි හොරා කන්න පටන් ගන්න තිබ්බේ. එහෙම කරා නම් මේ ආණ්ඩුව අවම හිරේ යන උන්ට සැපෙන් ඉන්න තිබ්බ. දැන් ඉතින් මොනවා කරන්නද? හොරා කන එක ගැන විතරයි නේ හිතුවේ. කල්දේරං බයි කන්න වෙන එකක් නෑ deal ගහලා බේරෙන්න පුලුවන්, මුස්ලිම් සහෝදර ජනතාව මොනා උනත් අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා සිංහලුන් ඔක්කොම විනාස වෙලා බෝම්බ කාලා හැඳි ගෑවිලා ගියාවේ කියලා උඩ පැන පැන හිටිය
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,657
    25,669

    :rofl:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේකත් මරු වැඩේ ඕයි. මේ පාර වැරදි කරන මන්තී්‍රල ඇමතිල ලබන පාර හිරේ. ලබන පාර වැරදි කරන උන් ඊලග පාර හිරේ. මේක මේ විදියටම යනවනම් කොච්චර හොදද? :rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කලින් ආණ්ඩුවේ කාලේ ඔය ටික කරලා A/C එහෙම හයි කරලා තමයි හොරා කන්න පටන් ගන්න තිබ්බේ. එහෙම කරා නම් මේ ආණ්ඩුව අවම හිරේ යන උන්ට සැපෙන් ඉන්න තිබ්බ. දැන් ඉතින් මොනවා කරන්නද? හොරා කන එක ගැන විතරයි නේ හිතුවේ. කල්දේරං බයි කන්න වෙන එකක් නෑ deal ගහලා බේරෙන්න පුලුවන්, මුස්ලිම් සහෝදර ජනතාව මොනා උනත් අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා සිංහලුන් ඔක්කොම විනාස වෙලා බෝම්බ කාලා හැඳි ගෑවිලා ගියාවේ කියලා උඩ පැන පැන හිටිය

    :yes::yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මතක තියා ගන්න මචන්ලා..මොකෙක් හරි හිරේ ගියාම අපි ඌට අනුකම්පා කරන්න ගන්නවා...එත් මේකා එසේ මෙසේ පරයෙක් නෙමෙයි....තමන්ගේ දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් ජාතියක් පාවල දුන්නු පරයෙක්......
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,351
    20,759
    113
    Panadura
    මතක තියා ගන්න මචන්ලා..මොකෙක් හරි හිරේ ගියාම අපි ඌට අනුකම්පා කරන්න ගන්නවා...එත් මේකා එසේ මෙසේ පරයෙක් නෙමෙයි....තමන්ගේ දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් ජාතියක් පාවල දුන්නු පරයෙක්......

    :yes: :yes: :yes:
     
    :rofl: supiri