චමීරයගෙ ගම
චමීරයගෙ ගමට යන්න ගලේවෙලින් හැරිලා දේවහූව වැව් බන්ට් එක දිගේ ගිහිල්ලා මකුල්ගස්වැව කියන ගමත් පහු කරගන යන්න ඕන.මම මෙ කියන එව්වා විස්වාස කරන්න බැරි එව්වා වගෙ හිතුනට දේවහූව කනිෂ්ට විද්යාලෙට ගියපු ඔන කොල්ලෙක්ගෙන් අහන්න මේ ටිකම තමා ආයෙ අහගන්න වෙන්නෙ.
චමීරයා විභාගෙ ලියල ගමේ ගියාට පස්සෙ ගහකින් වැටිලා අතක් කඩාගෙන.අපි ගියා කොල්ලෙක්ගෙ වෑන් එකක් සෙට් කරන් ඌව බලන්න.හොඳ වෙලාවට අපි වෑන් එකක් සෙට් කරන් ගියේ.ත්රී වීල් එක්ක ගියානම් ගලේවෙල ඉඳන් රුපියල් 400ක් ගන්නව(අපි ගියෙ 2001.ඒ කාලෙ කොලඹ ඉඳන් ගාල්ලට යන්නත් එච්චර නැද්ද මන්දා). චමීරයගෙ ගෙදර යනකොට ඌ ඉන්නව අතකුත් එල්ලගෙන.අත කැඩුනට කට කඩිල නැ.ඌ සින්දු කියනවා.
“යන්න ගියේ ගස් ඉන්න උනේ බිම අන්ඩ කඩාගෙන ඇඳට වෙලා………..
ඉන්න බෑ මගෙ අන්ඩ.. රිදෙනවා….” කියල මූ සින්දු කියාගෙන කියාගෙන යනවා.
ගිහිල්ලා ටික වෙලාවකින් චමීරයගෙ මල්ලි ආව තව උගෙ සයිස් කොල්ලො සෙට් එකක් එක්ක. චමීරයගෙ මල්ලි හිමීට අපි ලගට ඇවිල්ල ඇහුව “අයියල ඔය ඉස්සරහ නවත්තල තියන ලොරියෙද ආවෙ?” කියල.
මොන ලොරියක්ද?අපි උඩබිම බැලුවා.එතකොට චමීරයා අවිල්ලා කාරනේ පැහැදිලි කලේ.
ඒ පැත්තෙ පොඩි එවුන් ලොරියයි අත් ට්රැක්ටෙරෙයි ඇරුනාම වෙන වාහන දන්නෙ නැ.ගමට බස් එන්නෙ නැ එන්නෙ බංකු පේලි දෙකක් දෙපැත්තෙන් දාපු ලොරි දෙකක්.බස් එකටයි ලොරියටයි ඔක්කොටම තියෙන්නෙ ඔය ලොරි දෙක.ඉතින් ඒ පැත්තෙ පොඩි එවුන් ඕන වාහනේකට කියන්නෙ ලොරිය කියලා.
“ඒ උනාට බං ටීවී එකේ වත් බස් එකක් පෙන්නනකොට මුන්ට කියලා දීපන්කො” ඉන්දිකය කිව්වා.
චමීරයට මල පැන්නා “යකෝ ටීවී බලන්න කොහෙද බොල මෙහෙ කරන්ට් තියෙන්නෙ ” .
ඇත්ත කතාව.චමීරය කියල තියන විදියට මේ පැත්තෙ මිනිස්සු මගුල් ගෙවල් වලට යන්නෙ ලයිට් බලන්න.ජෙනරේටරයක් ගෙනල්ල ලයිට් දැම්මෙ නැත්නම් ඒ මගුල් ගෙදර වැඩක් නැ.ගමේ ගැනු කියන්නේ “මඟුලක් කියල ගත්තට මොකෑ මනමාලි විතරයි.ලයිට් ටිකක් එහෙම දාල ගත්තනම් මුන්ට හෙනද?” කියල.ඒ පැත්තෙ චන්ද ඉල්ලන එක හරි ලේසියි. ගමට ලයිට් දෙනවා කියන පොරොන්දුව තමා හම අපේක්ශකයම හම පාරම දෙන්නෙ.
අර මම මුලින් කිව්ව වගේ ඒ පැත්තෙ සනීපාරක්ෂක තුවා පාවිච්චි කරන්නෙ ගොවියො කුඹුරු වලට තෙල් ගහද්දි මූනෙ බැඳගන්න.තව ඉවර වෙච්ච දත් බෙහෙත් පැකට් ගෙවල් ඉස්සරහා ගස්වල එල්ලලා ලස්සනට.ඒ පඇත්තෙ දත් බෙහෙත් ,සබන් කියල කියන්නැ.’මුදලාලි මට සිග්නල් එකක් දෙන්න,සන්ලයිට් බාගයක් දෙන්න’ එහෙමයි කියන්නෙ.සබන් කැල්ලෙ වර්ගය සන්ලියිට් උනත් නැතත් සබන් වලට කියන්නෙ සන්ලයිට් කියල.
ඒ පැත්තෙ ඉතින් රට බීම එහෙම නැ.තියෙන්නෙ කැලෑ ෆැන්ටා තමා.එ පැත්තෙ මොන බීම ජාතිය තිබ්බත් කියන්නෙ බාර්ලි කියලා.චමීරයගෙ මල්ලිත් වටේ කැරකි කැරකි ඉඳල ඒක තම කිව්වෙ “උඹලා කඩේට ගිහිල්ලා බාර්ලි බෝතලයක් එහෙම බොනවනම් මටත් දීපන් ” කියලා (ඕකට හේතුව මම පස්සෙ දැනගත්තෙ.ඉස්සර ගොඩක් බීම වර්ග තිබිල නැ.”අලියා” ඔරේන්ජ් බාර්ලි තමා ඉස්සර ගම් වල කඩවල් වලට ඇවිල්ල තියෙන්නෙ.ඒ නම තමා තාම එහෙ පාවිච්චි කරන්නේ ).

meka kassa kiyala ekkenek liyapu katawa. nice story thanks to him