චාජර්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    හොද චාජර් එකක් ගන්න තැනක් කියපන්කො.
    450 ක් දීල ඇඩප්ටරයක් ගත්ත. ඒක විනාඩි තුනෙන් තුනට රත් වෙල චාජ් වෙන එක නතර වෙනවා.
    ඇඩප්ටරේ ළග දී පොග් ගාලා පිපුරුවා.
    ඊට පස්සෙ ලැප් එකෙන් තමයි ෆෝන් එක චාජ් කරේ.
    චාජර් හුත්*වල් අරන් එපා වෙලා ඩේට කේබල් චාජර්වලට ලොකු ගානක් නාස්ති කරල ඇති
    ලොකු ගණන් දීල ගන්න ඒවත් එහෙම මයි. තුට්ටු දෙකේ ඒව ගණන් වැඩි කරල දීල.
    යූඑස්බී කීපයක් ගහන්න පුළුවන් ඇඩප්ටරේ ගත්තොත් අවුලක් නැති වෙයි නේද? පිටකොටුවෙන් එහෙම එකක් ගන්න හොද තැනක් කියපන්කො. කීයක් වගේ වෙයි ද?
    අනික zoom ක්ලාස් කරද්දි චාජර් එක ගහන් කරන එක ද හොද නැත්නම් පවර් බෑන්ක් එක ගහන් කරන එක ද?
    එහෙනම් හොද පවර් බෑන්ක් වර්ගයකුයි ගාණකුයි කියපන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,847
    2
    44,209
    113
    අලිඇක්ස්ප්‍රස් එකේ හොඳ රිවීව් ගොඩක් තියෙන එකක් ගනිම්, මගෙ එකක් දැන් අවුරුදු තුනක් විතර permanently plugged in ඔයි හොඳට තියෙන්නෙ
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අලිඇක්ස්ප්‍රස් එකේ හොඳ රිවීව් ගොඩක් තියෙන එකක් ගනිම්, මගෙ එකක් දැන් අවුරුදු තුනක් විතර permanently plugged in ඔයි හොඳට තියෙන්නෙ
    Add කරන්න කාඩ් එකක් වත් නෑ බං

    ඔක්කොට ම කලින් කාඩ් එකක් හදාගන්න ඕන.
    මොකද්ද හොද?
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,664
    113
    66
    Albuquerque, New Mexico
    ඔරිජිනල් චාජර් එකේ චාජින් කරන්ට් එක කීයද බලල ඒ ගානට හෝ ඊට වැඩි චාජින් කරන්ට් එකක් තියෙන එකක් ගන්න, චාජර් එකට බිල්ට් ඉන් කේබල් එකක් එන්නේ නැත්නම් ලාබ කේබල් දැම්මම චාජ් වෙන්නේ නෑ, (අත්දැකීම් තියෙනවා) ඔරිජිනල් කේබල් එකක් ඕන. සැම්සන් කේබල් කියල අඩු ගණන් වලට තියෙන ඒවත් හරියන්නේ නෑ.

    පුළුවන් නම් ඔරිජිනල් චාජර් එකක් ඊබේ වලින් ගන්න, නැත්නම් හොඳට රිවීව් බලල අලි එකෙන් චාජර් එකක් ගන්න.

    ගූඩ් ලක්
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,488
    15,296
    113
    Colombo
    Branded එකක් ගනින්.
    මගේ ලඟ තියනවා Aukey 65W charger එකක්, මේක පැය 15-16 වගේ ගහලා තියෙන්නෙ. අවුරුදු 3ක් විතර තිස්සෙ යූස් කරනවා අතට දැනෙන්න ලාවට රත් වෙනවා විතරයි
    මේක ගත්තෙ 4500කට විතර Ali එකෙන්

    Aukey, Anker, Belkin වගේ හොඳ බ්‍රෑන්ඩ් තියනවා. හැබැයි ගනන්.
     
    • Like
    Reactions: skylander