චානක_වෙලගෙදර ලෝක වාර්තාවක් සමකරයි
ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක චානක වෙලගෙදර පන්දුවාර විස්සයි20 තරග ඉතිහාසයේ පන්දුවාර හතරකට අවම ලකුණු ප්රමාණයක් ලබාදීමට හිමි වාර්තාව සමකිරිමට සමත්ව තිබෙනවා.
ඊයේ (05දා) ටැමිල් යූනියන් කණ්ඩායම හා එස්.එස්.සී. කණ්ඩායම අතර පැවැති තරගයේදී වෙලගෙදර මෙම දක්ෂතාව දැක්වූවා.
ඔහු පන්දුවාර හතරක් යොමුකර ලකුණු දෙකක් ලබාදී කඩුලු හතරක් දවාගැනීමට සමත්ව තිබෙනවා. එහිදී ඔහු නිලකුණු පන්දුවාර දෙකක් යැවීමටත් සමත්ව තිබෙනවා.
ඒ අනුව ඔහු සමකරනු ලැබුවේ දකුණු අප්රිකාවේ ක්රිස් මොරිස් පසුගිය වසරේදී පිහිටවනු ලැබූ වාර්තාවයි. ක්රිස් මොරිස් පන්දුවාර හතරකදී, ලකුණු දෙකක් ලබාදී කඩුලු දෙකක් ප්රතිවාදීන්ගෙන් ලබාගැනීමට සමත්වුණා. එසේම ඔහු නිලකුණු පන්දුවාර 3ක් යොමුකිරීමටත් සමත්ව තිබෙනවා.
ADA
මේ වගේ අය WORLD CUP මැච් වලට ගත්තේ නැත්තේ ඇයි?

Last edited: