ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න නව ලෝක වාර්තාවක් අභියසට පැමිණ තිබෙනවා. ඒ, අඛණ්ඩව වැඩිම ටෙස්ට් ඉනිම සංඛ්‍යාවකදී ලකුණු 50 ට වඩා වැඩියෙන් වාර්තා කළ පිතිකරු බවට පත්වීමේ ලෝක වාර්තාවටයි.
වනවිට දිමුත් කරුණාරත්න අඛණ්ඩව ටෙස්ට් ඉනිම් 6 කදී අර්ධ ශතක රැස්කර ගෙන සිටිනවා. එහි ලෝක වාර්තාව වන්නේ අඛණ්ඩව ටෙස්ට් ඉනිම් 7 කදි අර්ධ ශතක රැස් කිරීමයි. කුමාර් සංගක්කාර ඇතුළු පිතිකරුවන් හය දෙනෙකු මේ වනවිටත් එම ලෝක වාර්තාවට හිමිකම් කියනවා. එහෙත් 1948 වර්ෂයේ සිට එම ලෝක වාර්තාව බිද හෙළීමට කිසිදු පිතිකරුවෙකුට මේ දක්වා හැකි වී නැහැ.
ඒ අනුව කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන මීළඟ ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදී දිමුත් අර්ධ ශතක දෙකක් රැස්කර ගත හොත් නව ලෝක වාර්තාව ඔහුගේ නම ඉදිරියේ සටහන් වනු ඇති. ශ්‍රී ලංකා කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන සදුදා ගාල්ලේදී ආරම්භ වනවා.
Dimuth Karunaratne sets sights on 'peak form', 10,000 runs and 100 Tests


