චාල්ස් ඩිකන්ස්
චාල්ස් ඩිකන්ස්, ඉංගී‍්‍රසි නවකතාකරුවන් අතර ජනපි‍්‍රයම හා ශ්‍රේෂ්ඨතම නවකතාකරුවකු හැටියට අවිවාදයෙන් පිළිගැනෙනවා. අනෙක් බොහොමයක් ලේඛකයන් මෙන් නොව ඩිකන්ස් ජීවත්ව සිටින කාලය තුළදීම හුඟාක් ජනපි‍්‍රය වුණා. එදා ඔහුගේ නමින් සාහිත්‍ය සමාජ පවා බිහි වුණා. අදත් චාල්ස් ඩිකන්ස් සාහිත්‍ය සමාජ ලෝකයේ බොහොමයක් රටවල පවත්වාගෙන යනවා. ඔහුගේ පොත් ලොකයේ බොහෝ භාෂාවන්ට පරිවර්තනය වුණා. ඒවායේ එන ඩේවිඩ් කොපර්ෆීල්ඩ්, ස්කෲග්, ටයිනි ටිම්, ඔලිවර් ට්විස්ට්, පික් වික් වැනි චරිත ලොව පුරා පාඨකයන්ගේ සමීප චරිත බවට පත් වුණේ නොසිතූ විරූ විදියටයි. පොත්පත් නිසාම පසු කාලයක දී විශාල ආදායම් උපයන්නට හැකි වුණත් චාල්ස් ඩිකන්ස් ගේ ළමා විය බොහොම දුක්බර වූවක්. 1812 වසරේ එංගලන්තයේ පෝට්ස් මවුත් ප‍්‍රදේශයේදීයි ඔහු උපත ලැබුවේ පවුලේ දෙවැනි දරුවා වූ ඔහුට චාල්ස් ජෝන් හෆාම් ඩිකන්ස් යනුවෙන් නම් තැබුණා. ඔහුගේ පියා වූ ජෝන් ඩිකන්ස් නාවුක හමුදාවේ ලිපිකරුවකු හැටියටයි සේවය කළේ.චාල්ස්ට වයස අවුරුදු දෙකක් වන විට ඩිකන්ස් පවුල පෝට්ප් මවුත් ප‍්‍රදේශය අතහැර දමා ලන්ඩන් නගරයේත්, පසුව චැතම් නගරයේත් පදිංචියට පැමිණියා. චාල්ස් ගේ මව නිවසේම පෞද්ගලික පාසලක් පවත්වා ගෙන ගිය අතර චාල්ස් අම්මාගෙන් ලතින් භාෂාව ඉගෙන ගත්තා. කෙසේ වෙතත් මේ පවුල දිවි ගෙව්වේ විවිධ අගහිඟකම් මැදයි.දරුවන් අට දෙනකුගෙන් යුත් පවුලක දරුවකු වූ නිසාම චාල්ස්ට කුඩා කාලයේදී විවිධ දුක් කම්කටොළු වලට මුහුණ දෙන්නට සිදු වුණා. ඔහුට පාසල් යන්නට හැකි වුණේ වසර හතරක් පමණයි. වයස අවුරුදු නවයේදී මේ කුඩා දරුවාට රැකියාවක් කරන්නට සිදුවුණා. ඔහුට වැටුප ලෙස ලැබුණේ සතියකට සිලිම් හයක් වැනි සුළු මුදලකුයි.
චාල්ස් ගේ පියාට පවුල නඩත්තු කිරීම සඳහා රැකියාවෙන් ලැබුණු වැටුප ප‍්‍රමාණවත් වුණේ නෑ. ඒ නිසා ඔහු බොහෝ දෙනෙකුට ණය වුණා. අන්තිමේදී මේ ණය ගෙවා ගත නොහැකිව පියා සිරගෙට නියම වුණා. මේ වන විට චාල්ස් ගේ වයස අවුරුදු දහයක් පමණයි. කුඩා චාල්ස් තම නිවස අසල තිබුණු කිසිම පහසුකමක් නැති අපිරිසුදු කම්හලක ලේබල් ඇලවීමේ රැකියාවකට ගියා. වසර දෙකකට පසු පියා හිරෙන් නිදහස් වුණා. කුඩා චාල්ස්ට නැවත පාසල් යන්නට අවස්ථාව ලැබුණා. එහෙත් ටික දිනකින්ම යළිත් ඔහුගේ පාසල් ගමන නතර වුණා. ඊළඟට ඔහු නීතිඥයකුගේ ලිපිකරුවකු ලෙස සේවයට ගියා.වයස අවුරුදු 16 දී චාල්ස් පුවත්පතක උසාවි වාර්තාකරුවකු බවටත් තවත් ටික කලකින් පාර්ලිමේන්තු වාර්තාකරුවකු බවටත් පත්වුණා.මේ අතරේම ඔහු කෙටිකතා හා රචනා ලිවීම ආරම්භ කළා. ඔහුගේ නිර්මාණයක් මුලින්ම පළ වුණේ වාර සඟරාවක. එවිට ඔහුගේ වයස අවුරුදු විසි දෙකයි. එතැන් සිට දිගින් දිගටම ඔහු ලේඛන කටයුතුවල නියැලෙන්නට පටන් ගත්තා. ඔහුගේ නිර්මාණ පුවත්පත්, සඟරා වල දිගින් දිගටම පළ වුණා. දිනෙන් දින පාඨකයන් ඔහු වටා රොක් වුණා.ඔහුගේ මුල්ම පොත වූ ‘පික්වික් පේපර්ස්’ එළිදැක්වීමත් සමඟ ඔහු ජනපි‍්‍රය ලේඛකයකු බවට පත් වුණා. මාසයක් තුළ මේ පොතේ පිටපත් 40,000 ක් අලෙවි වූ බවයි පැවසෙන්නේ.ඉන් අනතුරුව ඔලිවර් ට්විස්ට්, නිකලස් නිකල්බි, දි ඕල්ඩ් කියුරියෝසිටි ෂොප් ආදී වශයෙන් දිගින් දිගටම ඔහුගේ කෘතීන් මුද්‍රණය වුණා. ඒ හැම කතාවක්ම පාඨකයන් අතර බොහෝ ජනපි‍්‍රය වුණා.
ඔහු අතින් ලියැවුණු ‘අ කි‍්‍රස්මස් කැරොල්’ නම් වූ කුඩා පොත මොනතරම් මිනිසුන්ගේ සිත් ඇදබැඳ ගත්තා ද කිව්වොත් එය ලෝකයේ සෑම භාෂාවකටම පාහේ පරිවර්තනය වී පිටපත් ලක්‍ෂ ගණනක් අලෙවි වුණා. ඇතැම් විචාරකයන් මේ පොත හැඳින්වූයේ ‘ලොව ඇති ශ්‍රේෂ්ඨතම කුඩා පොත’ යනුවෙනුයි.1850 වසරේ ඔහු ලියූ ‘ඩේවිඩ් කොපර්ෆීල්ඩ්’ පොතත් ඒ වගේමයි. මේ කතාවේ ඩේවිඩ් නම් කුඩා පිරිමි ළමයාගේ චරිතයෙන්, චාල්ස් ඩිකන්ස් ගේ දුකින් පිරිණු ළමා වියම නිරූපණය කෙරෙන බවයි බොහෝ දෙනා පවසන්නේ. ‘ඔලිවර් ට්විස්ට්’ ඇතුළු ඩිකන්ස් ගේ බොහෝ කතාවල දුක් කරදර මැද ළමා විය ගෙවන චරිත හමුවෙනවා.චාල්ස් ඩිකන්ස් හා සම්බන්ධ තවත් අපූරු කතාවක් තියෙනවා. ඔහු ලියූ පළමු පොත වෙනුවෙන් ප‍්‍රකාශකයන්ගෙන් ඔහුට පවුමක්වත් හිමි වුණේ නෑ. ඔහු මුල් යුගයේ ලියූ පොත් කිහිපයකටම සිදුවුණේ ඒ දෙයමයි. එහෙත් ඔහුගේ අවසන් පොතේ අත් පිටපත වෙනුවෙන් වචනයකට පවුම් තුන බැගින් ගෙවන්නට ප‍්‍රකාශකයන් ඉරිපත් වුණේ බොහොම කැමැත්තෙන්ලු.මෙලෙස පසු කාලයකදී පොත්පත් වලින් විශාල ආදායම් ඉපයූ ඩිකන්ස් මියයන විට විශාල බූදලයකට උරුමකම් කියන්නට සමත් වුණා. ඒ විතරක් නොවෙයි ඔහු මියගොස් වසර හැටතුනකට පසුවත් ප‍්‍රකාශකයන් විසින් පවුම් හතළිස් දහසක මුදලක් ඔහුගේ බූදලයට එක් කළ බවයි පැවසෙන්නේ.1870 ජූනි මාසයෙදී මේ මහා ලේඛකයා මියගියා. ඔහුගේ සිරුර එංගලන්තයේ ගෞරවනීය මිනිසුන් මිහිදන් කොට ඇති වෙස්ට්මිනිස්ටර් ඇබේ හි මිහිදන් කෙරුණා.

Last edited: