චැනල්-4 ඇත්තයි වාර්තාව බාරදෙයි!!!!!!!
චැනල්-4 මාධ්‍යය මගින් ශ්‍රී ලංකාවේ සිදුවීයැයි කියනු ලබන යුද අපරාද සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමක් ලෙස කලකට ඉහතදී විකාශය කරන ලද වීඩියෝ පටය සත්‍යය වීඩියෝ පටයක් බවට තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.
ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලන්නට පත් කෙරුණු විශේෂඥයින්ගේ වාර්තාව ඉකුත්(18)වන දින බාර දී තිබේ. චැනල්-4 මගින් හෙළිදරව් කරන ලද ආකාරයේ එබඳු ඝාතනයන් සඳහා ඉහළින් අණ ලැබුණු බව ජ්‍යෙෂ්ඨ යුද හමුදාපතිවරයෙකු සහ යුද පෙරමුණේ සිටි සොල්දාදුවෙකු විසින් පෙන්වා දී තිබුණු බවද එහි සඳහන් වේ.
2004 වසරේ අගෝස්තු මාසයේ චැනල්-4 මගින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා ඝාතනය වන බවට විකාශය කරන ලද පුවතකට අදාළ වීඩියෝ පටයේ ඇතුළත්ව සිටි හමුදා සොල්දාදුවන් ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන් බවට එක්සත් ජාතීන් විසින් තහවුරු කර තිබිණි.
ඒ බව හිටපු යුද හමුදාපතිවරයෙකු මෙන්ම යුද පෙරමුණේ සිටි සොල්දාදුවෙකු විසින් පිළිගත් බව විදෙස් මාධ්‍ය කියා සිටියි. යුද පෙරමුණේ සිටි සොල්දාදුවා"ඇත්ත.අපට සියලුදෙනාම මරා දාන්නට අණ ලැබුණා.අපි ඒක කළා"යයි පවසා ඇත.
"සත්‍ය වශයෙන්ම සියලුදෙනා ඝාතනය කරන ලෙස සහ සියල්ල නිමා කරන ලෙස නියෝගයක් ලැබී තිබුණා.මම හිතන්නේ නෑ අපට වෙන බලවත් කරුණු ගැන සලකා බැලිය යුතුයි කියලා..සියල්ල ශුද්ධ කරන්නට ඉහළින් අණ ඇවිත් තිබුණා.." හිටපු හමුදාපතිවරයා පවසා තිබිණි.
මෙම චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විරෝධය දක්වමින් ස්වාධීන විමර්ශනයකට මංඅහුරන ලද නමුත් ඊට අදාළ කරුණු යළි යළිත් තහවුරුවෙමින් පවතින බව වාර්තා වේ. පසුගිය වසරේ එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව කරනු ලැබූ යුද්ධය සැබෑ ලෙසම ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා රජය සමත්වුවද එකී ප්‍රචණ්ඩත්වයට මුහුණදුන් අනෙක් ජාතිය කැරලිමර්දනය කළ ස්වරූපය පිළිබඳ ශ්‍රී ලංකාව ජයග්‍රහණයට එහා ගිය අධි තක්සේරුවක සිටින බව චැනල්-4 හි විදෙස් ප්රවෘත්ති වාර්තාකරු ජොනතන් මිලර් පවසයි.
ජාත්‍යන්තර නීතිය,මානව හිමිකම් හා ගැටුම් නිරාකරණ කණ්ඩායම් ජාත්‍යන්තර නීතියට පිටින් යන ශ්‍රි ලංකා රජයේ දෙබඩි පිළිවෙත සම්බන්ධයෙන් තැති ගැන්වුණු ස්වරූපයක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් උපුටා දක්වයි.
ඔන්න අපේ හිටපු හමුදාපතිගේ වැඩ......