මචන් මේ සිද්දිය නම් ඇත්තටම චිත්ත case එකක් ..උඹලට මොකද හිතෙන්නේ මේ සිද්දිය ගැන ...මේකයි සීන් එක ..මැරී කරලා පොඩි බබෙක් ඉන්නවා ..wife මම දෙන්නම් වැඩට යන නිසා ගෙවල් ළග අක්කා කෙනෙක් කතා කර ගත්තා බබාව බලා ගන්න ..උදේ ඇවිත් හවස යන්න ..ඒ අක්ක ටත් ලොකු ළමයි දෙන්නෙක් ඉන්නවා ඉස්කෝලේ යන ..10 වසරේද කොහෙද ..එයාලට සැහෙන්න සල්ලි ප්‍රශ්න තිබ්බ ..මනුස්සයත් කුලී වැඩ කරන්නේ ..හැමදාම වැඩත් නැහැ..අපේ තාත්තගෙත් මනුස්සකමට ඒ අක්කලාගේ ගෙදරට සැහෙන්න උදවු කලා ..ළමයින්ට පොත් අරන් දුන්න .නයක් ඉල්ලුවත් දුන්න..සමහර ණය දුන්නෙත් නැහැ ...ඒවා ඉල්ලන්න ගියෙත් නැහැ ...ඊට කලිට්නුත් ඒ අක්ක අසනීප බඩේ ලොකු operation එකක් කරන්න වෙලා අපි සැහෙන්න උදවු කළ මනුස්සකමට ..හැබැයි අක්කට අපේ බබාව බලාගන්න එක නම් හරියට කලේ නැහැ ..කෑම ටික වත් කවා ගන්න බැරි උන හරියකට ..ගොඩක් වෙලාවට අපේ අම්ම හරි මම ගෙදර හිටියොත් මම තමයි තුන් වෙලාම කෑම කැවුවෙත් ...හරියටම මාස 1.1/2 ආවේ වැඩට ..එක දවසක් හිටි ගමන් ආවේ නැහැ ..අපිට අඩුම තරමින් call එකක් දිලවත් කිවුවේ නැහැ හවස් වෙලාවත් එන්න බැරි උනේ අයි කියල ..හැබැයි පස්සේ දවසේ වැඩට එනවා මුකුත් නොවිච්ච ගානට ..ඕවගේ 3 පාරක් උනා ..ඔන්න පස්සේ දවසේ ආවා වැඩට ..අපේ අම්මත් මුකුත් කියල නැහැ ..අඩුම තරමින් ආවේ නැත්තේ ඇයි කියලවත් අහල නැහැ ..අක්කම ගෙදට ගොඩ වෙනකොටම කියාගෙන ඇවිත් ඊයේ එන්න බැරි උනානේ කියලා ..අපේ අම්මත් කියල එකනේ අක්ක නිවාඩු ගිහින්නේ ඉදලා තියෙන්නේ . හිතුන ගමන් නිවාඩු ගන්නවා කියල ..අක්කට මල පැනලා කියල නිවාඩු ආවේ නැත්තේ සනීප නැති නිසා එහෙනම් ඔයාලම ලමයව බලා ගන්න මට බලන්න බැහැ කියල ..ගියා ගියාමයි ආවේ නැහැ ආයේ වැඩට ..ඊට පස්සේ මමයි තාත්තයි අපේ wife තුන් දෙනාම ගිහින් කතා කලා අඩුම තරමින් කෙනෙක් හොයා ගන්නව්වත් වැඩට එන්න කියල ..ඒත් ආවේ නැහැ ..අන්තිමට wife තනියම ගිහින් ආයෙමත් කතා කරලා තිබ්බ ..එදා මේ අක්ක කියලා wife එක්ක බබාව බලා ගන්න එයාට amaruilu ..අපේ ගෙදරින් කිසිම හෙල්ප් එකක් දෙන්නේ නැහැලු ..කිරි එකකවත් හදල දෙන්නේ නැහැ තේ වතුර දෙන්නේ කියල ..ඒ මදිවට කියලා අපේ තාත්තා මොනවා හිතාගෙනද දන්නේ නැහැ එයාලට සැහෙන්න උදවු කරනවලු ..එයා එකට කැමති නැහැ ..ඕවගේ ජරා කතා කියලා ..හැබැයි wife ඔය මොනවත් මගේ එක්ක කිවුවේ නැහැ ..මට ඇවිත් කිවුව අක්ක ආයේ ළමය බලන්න පොරොන්දු උනා කියල. ඊට පස්සේ අක්ක වැඩට අවට අපිත් වෙනද වගේම සැලකුව ..කිසිම වෙනසක් කලේ නැහැ ..හැබැයි ඒ මාසේ ඉවර වෙලා සල්ලි ගත්ත ගමන් එයා ආයේ නතර උනා ..කොහොම හරි ටික දවසක් ගිහින් අපි වෙන කෙනෙක් හොයා ගත්ත ලමයව බල ගන්න..ඒ මනුස්සයටත් අපි හොදටම සැලකුවට එයත් මාස 6න වගේ ගියා ..ඒ ගැනිත් අපේ wife ට කතා කරලා කියල අපේ ගෙදරින් හරියට කමවත් දෙන්නේ නැහැ..තේ වතුර දෙන්නේ කියල..ඔන්න ඊට පස්සේ තමයි wife මට ඔය ඔක්කොම කතා කිවුවේ ..මටත් ඔක්කොටම වඩා upset උනේ ගෙවල් ලග අක්ක අපේ තාත්ත උදවු කරපු එක වැරදි විදියට කියල තිබ්බ නිසා ..මම හොදටම දන්නවා ගෙදරින් හොදට වැඩ කරපු දෙන්නටම සැලකුව ..මොකද මමත් WFH covid case එක නිසා ..හැබැයි ගෙවල් ළග මනුස්සයොනේ කියලා ඕවා අහන්න ගියේ නැහැ ඒ අක්කාගෙන් ...හැබයි අපිටත් ආරංචි උනා කන්න දුන්නේ නැහැ කියලා එක එක තැන් වල ගිහින් කියලා ...නොකියම ඉන්න බැරි කමට මම තාත්තටත් කිවුවා ගෙවල් ළග අක්ක අපේ wifeta කියල තිබ්බ කතාව ..අපිත් ඊට පස්සේ උදවු කලෙත් නැහැ .කතා කලෙත් නැහැ ඒ මිනිස්සු එක්ක ..හැබැයි මේ ලගදි දවසක ගෙවල් ළග අක්ක අපේ තාත්තා එක්ක කතා කරලා පාරේ ඉන්නකොට දැකලා ..තාත්තා මේ කතාව කියල තියෙනවා ..එතකොට මේ අක්ක කියල එයා එහෙම දෙයක් කිඋවේ නැහැ කියල ..කන්න දුන්නේ නැති එකට නම් කට පියාගෙන ඉදලා ...ඊට පස්සේ ඒ අක්ක wifta call කරලා තියෙනවා ..office එකේ වැඩ නිසා කතා කරන්න හම්බ වෙලා නැහැ ..මට හවස ඇවිත් කිවුව ..මම වෙච්ච සිදිඉය කිවුවු..මොකද wife එදා ගෙදරට ගිය වෙලෙනේ ඔහොම කිඋව කිවුවේ .මම wifeta කිවුවා ඔයා කතා කරලා අහන්න ඔයා එක්ක එහෙම දෙයක් කියලා දැන් තාත්ත ට කියන්නේ එහෙම කඉවේ නැහැ කියල ..දැන් wife කතා කරන්න පස්ස ගහනවා ...ඇත්තටම මම wife කියපු දේ විශ්වාස කලා ..wife මට දොස් කියනවා මම ඒ කතාව ගෙදර අයට කිවුව කියල ..මට නිකමට හිතෙනවා කන්න දුන්නේ නැහැ කියපු කතාව ඇත්තටම අර අක්ක කියල තියෙනවා ..හැබැයි තාත්ත වැරදි හිතකින් උදවු කරන්නේ කියපු එක wife හදපු දෙයක් කියලා ..මොකද එයා කොහොමත් අපේ ගෙදර අය එක්ක පැහැදීමකින් නෙවෙයි ඉන්නේ ..හැබැයි මෙහෙම දෙයක් කියයි කියලා හිතුවේ නැහැ ...උඹලට මොකද හිතෙන්නේ ...