මගේ පැරනි මිත්‍රයකුගෙ පෝස්ට් එකකට රිප්ලයි නොකර ඉන්නම බැරි තත්වයක් ඇවිත් තියෙනව.
හැබැයි ඒක කෙටියෙන් කියන්න විදිහක් නැති දිග කතාවක්. මේක කොමෙන්ට් එකක් ලෙසින් භාරගන්න බෑ කියල බුකියෙන් කියන නිසා, මට පෝස්ට් එකක් දාන්න වුනා.
___________________________________
8 වසර පන්තියෙ ඉඳල දන්න කියන, තරමක් සමීපව මට දැනුන මිත්‍රයෙක් හිටිය ගුනේශ් චින්තන ධර්මදාස කියල. පොඩිකාලෙත් ඌ කතාන්දර, රචනා ලියන්න දක්ශය. (අනිත් වැඩත් අවුලක් නෑ - මට වඩා හොඳයි
චින්තන මාත් එක්ක 8, 9 වසර දේකේම හිටිය වගේම, අපි දෙන්නගෙ යම් යම් සමානකම් තිබුන. අපට ගැන්සි තිබුනෙ නෑ, දෙන්නම ග්‍රාමීය පරිසරයක රාජ්ය්‍ය සේවකයින්ගෙ දරුවො. ඇඟපත හෝ සමාජ තත්වෙන් ලොකු කමක්වත්, ශක්තිසම්පන්න, වලියට සහ වලට බර ගතියක්වත්, වෙනත් කැපී පෙනෙන චරිත දෙකක්වත් නෙවෙයි.
9 වසරෙදි, අනිත් හැම එකා වගේම අපේ ආගිය කතාබහේ වැඩිපුර තිබුනෙ ලිංගිකත්වය, කෙල්ලො, crush සහ love වගේ දේවල්. හැබැයි ඌටවත් මටවත් ගෑනු / කෙල්ලො එක්ක බුදියන්න තදියමක් තිබුනෙ නෑ. කෙල්ලෙකුට සෙට් වෙන එකේ, Affair එකක අමන්දානන්දය විඳින එකේ ආසාව.
කොහොමවුනත් ඌ තමන්ගෙ පෙනුම ගැන බරපතල අවතක්සේරුවක ඉන්නබව ඒකාලෙදිම මට තේරුනා.
"බලපන් උඹනම් ඇඟ නැතිවුනාට අඩුගානෙ ටිකක් සුදට පෙනුමට ඉන්නව, ඒත් මගෙ හැටි. ඇස්දෙකයි මූනයි නිකන් xxxxxxx වගේ (සතෙකුගේ නමක් )! කකුල්දෙක දුන්න වගේ~ ඔයවගේ දේවල් ඌ විටින් විට මට කියල තියෙනව. අනික ඌ යටිහිතින් අර බුලී ගැන්සි වල ඉන්න ත්‍රාඩ උන් කරන වැඩ ගැන ආසාවෙන් බලාඉන්නව- කියවනව.
නමුත් මම දැනුවත්ව කවමදාකවත් ඌ ඒවගේ දේවල් කලෙත් නෑ, එහෙම කරන උන් එක්ක සෙට් වුනෙත් නෑ. එහෙම හැකියාවක් / හිතේ ගටක් ඌට තිබුනෙත් නෑ.
එක දවසක් ඌ මාව බලෙන්ම වගේ ඇදගෙන ගියා ප්‍රින්සිපල්ව හම්බවෙලා මොකක්දෝ ලියුමකට අත්සන ගන්න. වෙනදට ගිරව වගේ කතා කරන එකා එදා පන්තියෙන් එලියට බැස්ස තැන ඉඳල මාත් එක්ක කිසි කතාවක් නැතුව හෙන සීරියස් මනෝ පාරකින් යනව.
ඔෆිස් එක ඇතුලට ගිහින් වැඩේ කරගෙන එලියට ආවෙ පට්ට හැපි එකේ. "මචන් කොහෙන් ආවද මන්ද ඒ වචන ටික - මම "ස කැන් යූ ප්ලීස් සයින් දිස්" කිව්ව, මිනිහ වෙන මොකුත් අහන්නැතුව සයින් කලා! (ඌ නොකිව්වට මනෝ පාර ගහගෙන පාඩම් කලේ මොනාද කියල මට තේරුනා ) ඉතින්, ඔය විදිහට ඌ සිතින් සහ කයින් ජීවත් වුනේ වෙනස් තල දෙකක.
උගෙ මුල්ම crush එක ගැන මට විස්තර කිව්වෙ, මතක විදිහට 9 වසරෙ අගෝස්තු නිවාඩුවට පස්සෙ මුනගැහුන වෙලේ_ ඒ කෙල්ල ගැන උගේ හිතේ දෝරගලන හැඟීම් සහ ඒ ගැන හිත හිත ඌ ලබන සතුට මට විස්තර කලේ සාහිත්‍යය පොත් වල තියෙන සමහර වචන, යෙදුම් වලින්.
කොහොමහරි අපි 10, 11 පන්ති වලදි එකට වැටුනෙ නෑ (මට මතක විදිහට ). මමත් චින්තනත් දෙන්නම වැඩිය පන්නගෙන ගිහින් මිනිස්සු ආශ්‍රය කරන ටයිප් නෙවෙයි, ඉතින් අපේ ආශ්‍රය ටිකෙන් ටික අඩුවුනා, හැබැයි යාලුකම සමීප කම හිතේ තිබුන.
A Level වලට මම මැත්ස් කලා, චින්තන බයෝ සයන්ස් වලට ආව. එකම බ්ලොක් එකේ අපි හිටියෙ. හැබැයි ඉස්කෝලෙ ක්ලාසස් පටන්ගත් දවසෙ ඉඳන් සෑහෙන්න වැඩ තිබුන නිසා කතාබහකට චාන්ස් එකක් තිබුනෙ නෑ. ටිකදවසකට පස්සෙ මම මිනිහව දැක්කෙත් නෑ.
දවසක් (after about 3 months) අපි දෙන්නගෙම මියුචුවල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් (WS Waruna) මගෙන් ඇහුව "චින්තන ආට් වලට මාරුවුනා, දන්නවද?" කියල. මම දන්නෙ නෑ (උන් දෙන්න ඉස්සර ඉඳන්ම කිට්ටු යාලුවො, චින්තන උන්ගෙ ගෙදරත් යනව එනව කියල මම දන්නව )
මිනිහ Art වලට මාරුවෙන්න හේතුවට කියල තියෙන්නෙ 'ක්ලාස් ටීචගෙන් හරියට කරදරයි_ මන්ද බුද්ධිකය කියලත් බනිනවලු- මෙහෙම අපහාස විඳ විඳ ඉන්න බෑ කියල.
Class teacher- (Waduge madam) ටිකක් ගැම්මකින්/ තදින් හිටපු කෙනෙක් නිසාත්, චින්තගෙ ස්වරූපය සහ පසුබිමත් නිසා ඒක මාත් විශ්වාස කරා. (ඉන් එහාට ඒගැන හෙව්වෙ නෑ)
ආයිමත් ඉන්පස්සෙ කවදාවත් මම ඌව දැක්කෙ නෑ, මොකද Art සෙක්ශන් තියෙන්නෙ වෙන පැත්තක. චින්තන යන පානදුර ස්කූල් බස් එක නවත්තන්නෙ මගේ ස්කූල් බස් එක නවත්තන පැත්තෙත් නෙවෙයි.
මම ෆේස්බුක් ජොයින් වුනාට පස්සෙ උනන්දුවෙන් හොයපු පරන මිතුරන් අතර චින්තනගෙ නමත් තිබුන _ හැබැයි මට ඌව හොයාගන්න අවුරුදු ගානක් ගියා.
ඒ හොයාගත්තත්, මට හම්බවුනේ උගේ අභ්‍යන්තරේ හැන්ගිල හිටපු එකා මිසක් 9 පන්තියෙ හිටපු එකාව නෙවෙයි.
ඒක ගැන මට කනගාටුවක් තිබුන, මොකද ඌත් එක්ක කතාකරන්න මම ගොඩක් ආසාවෙන් හිටියෙ. මට දැනුනෙ පැරනි මිත්‍රයෙක්ව මුනගැගෙන්න අවුරුදු 20කට පස්සෙ ගෙදර ගියාම, ඌ කාලෙකට ඉස්සර මැරිල කියල කිව්වහම එන හැඟීම.
තවදුරටත් මම දන්න කියන මිත්‍රයා මේ ලෝකෙ නැති නිසා සහ උගේ නමින් පෙනී ඉන්න ව්‍යාජ පුද්ගලයා ලියන කියන දේවල් (ඒ සියල්ලක්ම කෘතිමව මවාගත් චරිතයක් / ආත්මයක් තුල ඉඳන් ලියන නිසා) මට හරිම නීරසට දැනුනෙ. මවාගත් බොරු ආවේශයක සිට ලියන ප්‍රලාප- නැත්නම් වෙන කෙනෙක් ලියපු දේ බාගෙට පරිවර්තනය කරල- ඉතිරි ටිකට ඌවත් විශ්වාස නොකරන මවාගත් දේශපාලන හෝ සන්ස්කෘතික මතවාදයක් ඔබ්බල. ටිකදිනකට පස්සෙ මම ඌව unfollow කලා.
හැබැයි Samila Muthumuni දවසක් ශෙයාකරල තිබුන Upul Sannasgala එක්ක Chinthana Dharmadasa කරපු සන්වාදයක්.
ඒකෙදි Chinthana කියනව "මම Bio නවත්තල Art කරන්න ගියේ එග්සෑම් එකට මාස 3කට කලින් කියල.
මට එකපාරටම හිතුනෙ මූට ඇත්තටම අමුකැවිලද නැත්නම් බොරුවක් වත් කියන්න තේරෙන් නැද්ද කියල. (බයෝ ක්ලාස් එකේනම් ඌ හිටියෙ මාස 3යි)
විභාගෙට නම් ලිස්ට් එකත් Examination Department යවල ඉවර ඇති විභාගෙට මාස 3කට කලින්.
අනික, අවුරුදු 2ක් බයෝ කර කර හිටපු එකෙක්ව, විභාගෙ කටමුල තියාගෙන භාරගන්න, Art කියන්නෙ Bio සෙක්ශන් එකේ අතපල්ලෙන් වැටිච්ච අලගෙඩියක්ද?
මොන අහවල් එකෙන්ද ඒ ලෙවල් පන්තියෙ attendance බලන්නෙ?
ඌ දෙවුරුවන් අල්විස්ගෙ Chemistry ක්ලාස් ඉන්නකොට සන්නගෙ ක්ලාස් එකේ උගන්නන ඒව ඇහිල ඒකට හිත ගියාය, පස්සෙ පස්සෙ කෙමිස්ට්‍රි යනවයි කියල සින්හල ක්ලාස් ගියාය, ආදී කතාත් කිව්ව.
මම එදාත් සන්නගෙ ඒ පෝස්ට් එකට කොමෙන්ට් කරන්න හිතල, ආයිමත් මට මොකෝ_ සමහරවිට උගෙ ව්‍යාජ ජීවිතේ නිසා ඒවත් අමතක ඇති කියල නිකන් හිටිය.
එකක් කියහැකි, උඹ තමයි දවසකට හරි සන්නව හොඳම එකෙන් ඇන්දුවෙ.
අද තව කෙනෙක්, නලින් සුබසිංහ , Chinthana ge වෙන පෝස්ට් එකක් ශෙයා කරල තිබුන. මීට කලිනුත් මම දැකල තියෙනව Chinthana ඉස්කෝලෙ යද්දි ලස්සන ටීචර්ලට, පොඩි පන්තිවල ළමයින්ගෙ අම්මලට pani පෙරුවයි කියල~ පට්ටපල් බොරු. ඒව කරපු උන් හිටිය හැබැයි ඌ නෙවෙයි.
ඉතින් මට කියන්න තියෙන්නෙ, Chinthana එක්කො ඔය නින්දෙන් නැගිටල ස්වාභාවික ලෝකෙට වරෙන්. නැත්නම්, අඩුම ගානෙ අනිත් මිනිස්සුත් දන්න උඹේ අතීතය ගැන බොරු ලියන එක නවත්තපන්.
PS
චිතනගෙ පෝස්ට් එකේ කොමෙන්ට්ස් කියවද්දි දැනුයි දැක්කෙ Sankalpa Marasinghe මට කලින් චින්තනගෙ බොරුව ගැන චැලේන්ජ් කරල තිබුන කියල.
Soures
Last edited: