ලොව වැඩිම කාලයක් පොළොව අභ්‍යන්තරයෙහි නිරුපද්‍රිව සිර වී සිටි චිලී පතල් කරුවන් එක්කෙනා බැගින් මුදා ගැනීමේ මෙහෙයුම තවමත් කි‍්‍රයාත්මකයි. පතල තුළ සිරවී සිටි කම්කරුවන් 33 දෙනා අතරින් 22 දෙනෙකු මේ වනවිට මුදා ගැනීමට සහන සේවකයින් සමත් වී අවසන්. දින 69 ක කාලයක් තඹ හා රන් පතලක සිරවී සිටි චිලී පතල්කරුවන් විශේෂ උපකරණයක ආධාරයෙන් මුදා ගැනීම අද (13) අලූයම ආරම්භ වුණා. මීටර් 700 ක් හෙවත් අඩි 2295 ක් ගැඹුරින් පොලොව අභ්‍යන්තරයේ සිටි මෙම කම්කරුවන් 33 දෙනා දින දෙකක් ඇතුළත මුදා ගැනීමයි එරට බලධාරින්ගේ උත්සාහය වී ඇත්තේ. චිලීහි සැන්හෝස් නැමැති මෙම පතලේ කම්කරුවන් 33 දෙනා සිරවූයේ පසුගිය අගෝස්තු මස 05 වැනිදා පොලොව අභ්‍යන්තරයේ සිදුවූ නායයාමක් හේතුවෙන්.