චීටාත් පෘථිවිය හැර දමා යාමට සූදානම්

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    චීටාත් පෘථිවිය හැර දමා යාමට සූදානම්

    Picture-15.jpg


    පෘථිවියේ වේගවත්ම සිව්පාවා ලෙස සියළු දෙනාම හඳුනන චීටා සත්ත්වයින් පෘථිවියෙන් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇත. දැනට පෘථිවිය මත ජීවත්ව සිටින්නේ චීටා සතුන් 7100ට අඩු සංඛ්‍යාවකි. 1975 වසර වන විට ජීවත්ව සිටි චීටා සතුන් ගණන 14000 කි. මොවුන් අතීතයේ අප්‍රිකානු රටවල් සහ ආසියානු රටවල්වල බහුලව ජීවත් වූ සතුන් කොට්ඨාශයක් වන නමුත්, දැනට සිටින සතුන් ජීවත්වන්නේ අප්‍රිකානු රටවල් හයක සහ ඉරානයේ පමණි. ඉන්දියාව තුළ මිට දශක ගණනාවකට පෙර මෙම සතුන් බහුල වුවත්, ආසියාවෙන් මෙම සතුන් මේ වන විට සම්පූර්ණයෙන්ම මෙන් වඳවී ගොස් අවසන් ය. ඉරානයේ ජීවත් වන්නේ සතුන් පනහක් වැනි ඉතා අවම ගණනකි.

    සිම්බාබ්වේ හි දැනට ජීවත්වන චීටාවන් ගණන 1200 සිට 170ක ප්‍රමාණයක් දක්වා සංඛ්‍යාවකට අඩු වී ඇත. එයට ප්‍රධාන හේතුව බවට පත්වී ඇත්තේ වනාන්තර මිනිස් වාසභූමි බවට පත්වීමයි.


    Picture-29.jpg


    ආසියානු චීටා සතුන්ගේ තත්ත්වය

    චීටා වඳවීමේ ගැටළුවට මුහුණ දී ඇති ආසියානු සහ අප්‍රිකානු රටවල් අතර, ඉරානය ඉතිරි වී සිටින සතුන් පනස්දෙනා ආරක්ෂා කරගැනීමට උත්සාහ කරමින් සිටින නමුත් එය අසීරු කාර්යයක් බවට පත්වී ඇත. අප්‍රිකාව ආශ්‍රිතව ජීවත් වන චීටා සතුන්ට වඩා ශරීරයෙන් කුඩා මෙන්ම ශරීර පැහැය අප්‍රිකානු සතුන්ගේ තරම් වර්ණවත් නොවන සත්ත්වයා “ආසියාතික චීටා” (Asiatic Cheetah) නමින් ප්‍රචලිත වූයේ මෙම අවේනිකත්වය මතය. නමුත් මේ වන විට අප්‍රිකානු සහ ආසියාතික චීටාවන් රතු දත්ත පොතට ඇතුළත් කර ඇත.

    ඉරානය තුළ ජීවත් වූ සතුන් විනාශවීමට ප්‍රධාන හේතු කිහිපයක් විය. මෙම ජීවි කොට්ඨාශය විශාල ප්‍රදේශයක් පුරා සැරිසැරීමට ප්‍රියකරනු ලබන අතර, අධිවේගී මාර්ග හරහා ගමන්කිරීමේ දී සතුන් ගණනාවක් මිය ගොස් ඇත. මීට අමතරව සුනඛයන් යොදාගෙන සිදු කළ දඩයම් කිරීම, අළුතින් හෑරීම ආරම්භ කරන ලද පතල් තුළට වැටීම ද ඉරානයට සීමා වූ හේතු වූ අතර, පරිසර සංරක්ෂණ කණ්ඩායම් ඉතිරිව සිටින සතුන් පනස්දෙනා ස්වභාවික වාසභූමි තුළ ජීවත්වන අතර ආරක්ෂා කිරීමට උත්සහකිරීමේ දී මෙම ගැටළුවලට තවමත් මුහුණදෙමින් සිටී.


    Picture-310.jpg


    අප්‍රිකානු චීටා සතුන්ගේ තත්ත්වය

    චීටා සතුන් වඳවී යාමට ප්‍රධානම හේතුව වන්නේ මිනිස් ක්‍රියාකාරකම් ය. මහා පරිමාණ ලෙස වනාන්තර එළිකිරීම මගින් මෙම සතුන්ට වාසභූමි අහිමිවීම එක හේතුවක් විය. එමෙන්ම මෙම සතුන් අනතුරුදායක හෙයින් මරා දැමීමට බොහෝ මිනිසුන් හුරු විය. වාහනවල ගැටීම නිසාත් බොහෝ සතුන් ප්‍රමාණයක් මරණයට පත් වේ.

    ඔවුන්ගේ අලංකාර සම ලබාගැනීම සඳහා මෙම සතුන් දඩයම අප්‍රිකානු සහ ආසියානු රටවල බහුලව සිදු වූ අතර, අප්‍රිකානු රටවල් තුළ තවමත් මෙම සතුන් දඩයම් කිරීම සිදු වේ. චීටා සතුන්ගේ සම විවිධ ඇගළුම් සදහා යොදාගනු ලබන අතර, ඔවුන් දඩයම් කිරීමට එය ද හේතුවක් වී ඇත. ඉන්දියාවේ ජීවත් වූ ආසියානු වර්ගයට අයත් චීටා සතුන් වඳවීයාමට ප්‍රධානම හේතුව විනෝදය සදහා දඩයම් කිරීම ය.

    එමෙන්ම චීටා පැටවුන් සුරතලුන් ලෙස ඇති කිරීම සඳහා උතුරු අප්‍රිකාවේ සිට මැද පෙරදිග රටවල් වලට බහුලව නීති විරෝධී ලෙස විකුණනු ලැබේ. නීති විරෝධී ලෙස මෙම පැටවුන් ඩොලර් දස දහසක් වැනි ප්‍රමාණයකට විකිණීමට හැකියාව ඇත. චීටා සතුන් සංරක්ෂණය කිරීමේ අරමුදලට අනුව මේ වන විට චීටා පැටවුන් 1200ක් පමණ මවගෙන් වෙන්කොට අප්‍රිකාවෙන් පිටතට රැගෙන ගොස් ඇති අතර ඉන් 85%ක් පමණ ප්‍රමාණයක් ප්‍රවාහනයේදී මියගොස් ඇත.

    අප්‍රිකාවේ දැනට ආරක්ෂාවී ඇති සතුන් සුළු ප්‍රමාණයෙන් 1/3ක් ජීවත් වන්නේ ජාතික උද්‍යාන වැනි ආරක්‍ෂිත වාසස්ථානවල ය. අනෙක් 2/3ක ප්‍රමාණයම ජීවත් වන්නේ අනාරක්ෂිත වාසභූමි තුළයි. චීටා සතුන් එක තැන රැදීමට අකමැති, නිතර ඔබ මොබ සැරිසැරීමට ප්‍රිය කරන්නන් වන අතර අප්‍රිකානු රටවල් තුළ දැනට පවතින ජාතික උද්‍යාන සහ ආරක්‍ෂිත වනාන්තර ප්‍රමාණය ද අවම හෙයින් තවදුරටත් අනාරක්ෂිත වාසභූමිවල ජීවත්වන චීටා සතුන් ආරක්ෂිත ස්ථාන වෙත ගෙනයාම අපහසු වී ඇත. එබැවින් අනාරක්ෂිත ප්‍රදේශවල ජීවත්ව සිටින එම සතුන් ප්‍රමාණය ද වඳවීයාමට ඇති තර්ජනය ඉතා ඉහළ වේ.

    බටහිර සහ මධ්‍යම අප්‍රිකාව ආශ්‍රිතව ජනගහනය ඉහළයාම හේතුවෙන් මෙම ප්‍රදේශයන්හි ජීවත්වන සතුන් ද දඩයම් කිරීම හරහා තර්ජනයට ලක්වී සිටි.

    දැනට ජීවත්ව සිටින සතුන් ප්‍රමාණය ආරක්ෂා කරගැනීමට පියවර නොගතහොත් ලොව වේගවත්ම සිව්පාවා පෘථිවිය මතින් සදහටම වඳවීයාම වැළක්විය නොහැක්කක් වේවි. අප්‍රිකානු රාජ්‍යයන් රාජ්‍ය මට්ටමින් මේ සදහා පියවර ගනු ලබන නමුත් වාසභුමි නොමැති වීම හේතුවෙන් අනාගතයේ නුදුරු දිනෙක මෙම අපූරු ජීවී කොට්ඨාශය ස්වභාවික පරිසර පද්ධති තුළ දැකීමට නොහැකි වේවි. සිරවුණු කූඩු, සහ ඉඩ ප්‍රමාණය අවම වාස භුමි තුළට පමණක් චීටා සතුන් සීමා වේවි.


     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලස්සන සතෙක් ,මුන්ග හැම එකාගෙම ජාන සමානලු .මිනිස්සු දඩයම් නොකලත් මේ ජාන සමනවිම නිසා පිලියමක් නැතිවුනොත් වදවෙනව් කියල තමයි කියන්නේ :(:(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය ඔක්කොම වද වෙලා ගියත් කමක් නෑ පූසො ඉතුරු වෙලා...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මිනිස්සු කියල සත්තු ජාතිය දියුණු උනාය කියල අනිත් පැත්තෙන් වෙන්නෙ ලෝකෙ විනාස වෙන එක,හෙලුවෙන් කැලෑවල හිටිය අනාතයො :(
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔය ඔක්කොම වද වෙලා ගියත් කමක් නෑ පූසො ඉතුරු වෙලා...


    කැ# පූසෝ කකා බිබී වත්ත පුරා බිම් බෝම්බ වල දදා ඉදියි
    :lol::lol::lol::lol:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මිනිස්සු මොන දේ කරත් එකට රිටර්න් එක ආපහු සොබාදහමෙන් දෙනව බන්. කැලෑ කපන, සත්තු මරණ ඒවට කවද හරි වන්දි ගෙවන්න වෙන්නෙ මිනිස්සුන්ටම තමා. :no::no:

    rep added
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    මිනිස්සු කියල සත්තු ජාතිය දියුණු උනාය කියල අනිත් පැත්තෙන් වෙන්නෙ ලෝකෙ විනාස වෙන එක,හෙලුවෙන් කැලෑවල හිටිය අනාතයො :(

    :yes::yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එකා එකා වඳවෙනව :yes: බඩු හම්බෙන්නෙ එක පාරට නෙමේ :yes: මේ ශිෂ්ඨාචාරෙ ඉක්මනට කඩාවැටියං :sorry: