චීනයෙන්-දුම්වැටි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    චීනයෙන්-දුම්වැටි

    චීනයෙන් දුම්වැටි ගෙන්වීමට පියවර

    චීනයෙන් ශ්‍රී ලංකාවට දුම්වැටි ගෙන්වීමට සුදානම් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඊයේ දින පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසූවා.

    මුදල් අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක දී මංගල සමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටි අතර නිල නොවන මට්ටමින් ශ්‍රී ලංකාවට ගෙන එන සිගරට් නිල මට්ටමෙන් ගෙන්වීම හරහා රජයට ආදායමක් ලබා ගැනීම සිගරට් ආනයනය කිරීමේ අරමුණ බවද අමාත්‍යවරයා මෙහිදී පැවසූවා.

    දැනට ශ්‍රී ලංකාව තුළ චීන කම්කරුවන් විශාල ප්‍රමාණයක් සිටින බවත් ඔවුන් විශාල වශයෙන් දුම්පානය කරනු ලබන බවත් මුදල් අමාත්‍යවරයා මෙහිදි කියා සිටියා. එනමුත් ඔවුන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන සිගරට් සඳහා කැමැත්තක් නොදක්වන බවත්, ඔවුන් වැඩි වශයෙන් පෙළඹී ඇත්තේ චීනයෙන් ගෙන්වන සිගරට් පානය කිරීම සඳහා පමණක් බවත්, ඒ හේතුවෙන් මෙලෙසින් චීනයෙන් දුම්වැටි ආනයනය කරන බව මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවා.
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තව ටික කාලෙකින් කියයි චිනේ මිනිස්සුන්ට වෙනම පළාතක් ඕනේ කියල.අන්තිමේදී චීනෙක් ජනාධිපති වෙයිද දන්නේ නෑ..

    :dull::dull::dull:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    යකෝ චීනේ කම්කරුවො ගැන උනුවෙන තරම් මුන්ට ලංකාවේ අය ගැන උනුවෙන්නෙ නෑනේ
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    තව ටික කාලෙකින් කියයි චිනේ මිනිස්සුන්ට වෙනම පළාතක් ඕනේ කියල.අන්තිමේදී චීනෙක් ජනාධිපති වෙයිද දන්නේ නෑ..

    :dull::dull::dull:

    සිරාවට, කරන්න ඔනි මෙහේ සිගරට් හදන්න පටන් ගන්න එක කරන්න යන්නේ එහේන් ගෙන්වන එක. ලොරි ටොක් නම් දේනවා සල්ලි පිට යනවා කියලා.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    සිරාවට, කරන්න ඔනි මෙහේ සිගරට් හදන්න පටන් ගන්න එක කරන්න යන්නේ එහේන් ගෙන්වන එක. ලොරි ටොක් නම් දේනවා සල්ලි පිට යනවා කියලා.

    ඩිල් එකෙන් ලොකු කොමිස් කුට්ටියක් එනවා ඇති :dull::dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සිරාවට, කරන්න ඔනි මෙහේ සිගරට් හදන්න පටන් ගන්න එක කරන්න යන්නේ එහේන් ගෙන්වන එක. ලොරි ටොක් නම් දේනවා සල්ලි පිට යනවා කියලා.

    ලොකු කුට්ටියක් හම්බෙනවා ඇති.....සිරාවට මංගල, රාජිත වගේ මිනිස්සු අම්මා, තාත්තා උනත් කැත නැතුව විකුණයි මොනා හරි දෙනවා කිව්වනං.

    අප්පිරියයි බන් :baffled::baffled::baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    යකෝ චීනේ කම්කරුවො ගැන උනුවෙන තරම් මුන්ට ලංකාවේ අය ගැන උනුවෙන්නෙ නෑනේ
    මුලු ලංකාවෙම චීන කම්කරුවො දාහක් ඇති උන්ට විතරක් ගේනාවම ඇති
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ලොකු කුට්ටියක් හම්බෙනවා ඇති.....සිරාවට මංගල, රාජිත වගේ මිනිස්සු අම්මා, තාත්තා උනත් කැත නැතුව විකුණයි මොනා හරි දෙනවා කිව්වනං.

    අප්පිරියයි බන් :baffled::baffled::baffled:
    ලබන චන්දෙත් මුන් සෙට් එකම දිනුවොත්:oo:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මුලු ලංකාවෙම චීන කම්කරුවො දාහක් ඇති උන්ට විතරක් ගේනාවම ඇති

    :no::no::no:
    පිස්සුද බන්...අපේ පැත්තේ චීන ෆැක්ටරි කිහිපයක්ම තියෙනවා...එව්වයේම 60,70 විතර ඉන්නවා.
    ජාඇල ටවුන් එකේ කඩ 2 ක චීන්නු වැඩ කරනවා.
    තව නිවාසිපුර චීනෙක් රයිස්, කොත්තු කඩයක් දාගෙන ඉන්නවා...

    තව ඔය කන්ස්ට්‍රක්ෂන් සයිට් වල කොච්චර ඇත්ද...

    ඔය වගේ තව සෑහෙන්න ඇති බන්....ලොවෙත් දාහකට වඩා ඉන්නවා.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ලොකු කුට්ටියක් හම්බෙනවා ඇති.....සිරාවට මංගල, රාජිත වගේ මිනිස්සු අම්මා, තාත්තා උනත් කැත නැතුව විකුණයි මොනා හරි දෙනවා කිව්වනං.

    අප්පිරියයි බන් :baffled::baffled::baffled:

    ශැන්ග්‍රිලා එකටයි පොර්ට් සිටි එකටයි ලංකාවේ සේකුරිටි මදි කියලා චිනේන් සෙට් එකක් එන්න යන්නේ, අරන්චියේ හැටියට නම් 500ලු සෙට් එක.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේක බලන්න මරදානේ දත් බඳින,රෙදි කඩ කරන, බිස්නස් කරන චීන මිනිස්සු. දශක කිහිපයකට උඩදී මෙහෙට රස්සාවට ඇවිත් මෙහෙ පදිංචි වෙච්ච මිනිස්සු.
    දැන් මේ කට්ටිය ශ්‍රී ලාංකිකයෝ.

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    අඩේ අපේ ලඟ ගෙදර ගෑණිටත් චීන පෙනුමක් තියෙන්නේ.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Construction site වලට චීනයෙන් ගෙන්වන බඩු පෙට්ටි අස්සේ අරක්කු සිගරට් සෑහෙන්න ගෙනවා හොරෙන්.
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    මේක බලන්න මරදානේ දත් බඳින,රෙදි කඩ කරන, බිස්නස් කරන චීන මිනිස්සු. දශක කිහිපයකට උඩදී මෙහෙට රස්සාවට ඇවිත් මෙහෙ පදිංචි වෙච්ච මිනිස්සු.
    දැන් මේ කට්ටිය ශ්‍රී ලාංකිකයෝ.

    haha ado patta :lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    :no::no::no:
    පිස්සුද බන්...අපේ පැත්තේ චීන ෆැක්ටරි කිහිපයක්ම තියෙනවා...එව්වයේම 60,70 විතර ඉන්නවා.
    ජාඇල ටවුන් එකේ කඩ 2 ක චීන්නු වැඩ කරනවා.
    තව නිවාසිපුර චීනෙක් රයිස්, කොත්තු කඩයක් දාගෙන ඉන්නවා...

    තව ඔය කන්ස්ට්‍රක්ෂන් සයිට් වල කොච්චර ඇත්ද...

    ඔය වගේ තව සෑහෙන්න ඇති බන්....ලොවෙත් දාහකට වඩා ඉන්නවා.

    ඒ චීනා අනාදිමත් කාලෙක ඉඳන් ලංකාවේ ඉන්න එකෙක්නෙ. මම් පොඩි කාලෙ ඉඳන් ඌව දන්නෙ. මම් හිතන්නෙ සිංහල ගෑණු කෙනෙක් බැඳලා ඉන්නෙ.