චීනය; විදේශ කටයුතු අමාත්‍යංශ නිළධාරීන්ට අනාථාධාර බෙදීමට එයි...!නිළධාරීන් දැඩි අප්‍රසාදය පල කරයි..!
සහල්, පරිප්පු, සීනි සහ හාල්මැස්සන් ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු සහන මල්ලක්, විදේශ කටයුතු අමාත්‍යංශ නිළධාරීන් අතර බෙදා හැරීමට චීන තානාපති කාර්යාලය කටයුතු කර තිබෙන අතර, එම සහනාධාර මල්ල භාර ගැනීම විදේශ කටයුතු අමාත්‍යංශයේ නිළධාරීන් තරයේ ප්‍රතික්ෂේප කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මේ සදහා අවසර ලබා දී ඇති අතර, සහනාධාර මළු බෙදා දීම චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය සංගමය හරහා සිදුකිරීමට නියමිතව තිබී ඇත.
සහන මල්ලට අවශ්‍ය වියළි ආහාර මිලදී ගැනීම සදහා චීන තානාපති කාර්යාලය, චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයට මුදල් ලබා දි තිබේ.
චීනය, සිය නිළධාරීන්ට බඩු මලු බෙදා දීමට සූදානම් වන බව දැනගත් ශ්‍රී ලංකා විදේශ සේවයේ ඉහළ නිළධාරින් දැඩි කෝපයට පත්ව ඇති අතර, විදේශ සේවයේ සාමාජිකයන් එවැනි බඩු මළු භාර ගැනීම කිසිසේත්ම නුසුදුසු බවත්, ඉන් විදේශ කටයුතු අමාත්‍යංශය දැඩි අපහසුතාවයට පත්වන බවත් පවසා තිබේ.
කෙසේ හෝ අවසානයේ දී බඩු මලු බෙදීමේ කටයුත්ත සිදු වී නැති අතර, විදේශ කටයුතු අමාත්‍යංශයේ සියලු අංශවලට අයත් කාර්ය මණ්ඩල සාමාජිකයන් එසේ බඩු මළු භාර නොගන්නා බවට තරයේ ප්‍රකාශ කර තිබෙන බවද වාර්තා වේ.