චීනයෙන් සියළු පාසල් සිසුන්ට නිල ඇඳුම් නොමිලේ...

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    2025 නව පාසල් වාරයට පෙර දිවයිනේ සියලු පාසල්වල දරුවන්ට අවශ්‍ය නිල ඇඳුම් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

    නිල ඇඳුම් 100%ක් ම චීන රජයේ ආධාර යටතේ නොමිලේ හිමිව තිබේ.

    මේ හේතුවෙන් රජයට රුපියල් මිලියන 7000ක ඉතිරියක් පවතින බව එම අමාත්‍යංශය පවසයි.

    අධ්‍යාපන අමාත්‍යවරයා, චීන තානාපති සහ එරට රජයේ අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් අනුව මෙම ප්‍රදානය හිමි ව තිබේ.

    ඒ අනුව නව පාසල් වාරය වෙනුවෙන් පාසල් ළමුන් ලක්ෂ 43කට අවශ්‍ය නිල ඇඳුම් සහ පිරිවෙන් 825 සඳහා අවශ්‍ය සිවුරු සියල්ල ම ඇසුරුම් කර ලබාදීමට නියමිතයි.

    නොවැම්බර් 13 වන දින එහි පළමු තොගය ද, 21වන දින එහි දෙවන තොගය ද, දෙසැම්බර් 20 වන දින එහි තෙවන තොගය ද, ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

    2025 නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 20 වන දිනට පෙර එම සියලු නිල ඇදුම් රෙදි බෙදාහැරීමට නියමිත බව වැඩිදුරටත් එම අමාත්‍යංශය පවසයි.
     
    • Sad
    Reactions: Nidarshana_k