චීනයේ මනමාලියන් සොයා ගැනීමට නොහැකි පිරිමින් මිලියන 30ක්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,020
    153,081
    113
    දශකයකට වරක් චීනයේ කරන ලද සංගණනයකින් පෙනී යන්නේ රට තුළ අවිවාහක පිරිමින් මිලියන 30 ක් පමණ සිටින බවයි. එය සමහර රටවල සමස්ත ජනගහනයට වඩා වැඩිය.
    චීනය පිරිමි ළදරුවන් සඳහා දීර්-කාලීන මනාපයක් පවත්වා ගෙන යන අතර නවතම සංගණනයෙන් පසු උපත ලබන ගැහැනු ළමයින්ගේ සංඛ්‍යාවේ සුළු වැඩිවීමක් පෙන්නුම් කළද,චීනය දීර්ඝ කාලයක් පවත්වාගෙන ගිය එක් පවුලකට එක් දරැවෙක් යන සංකල්පයත් එහිදී ජනතාව පිරිම් දරු උපත් සදහා ප්‍රමුඛත්වයදීමත් මෙයට අදාළ මූලික හේතු බව එරට වාර්තා සදහන් කරයි.
    ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය (එන්බීඑස්) විසින් චීනයේ හත්වන ජාතික ජනගහන සංගණනයට අනුව, පසුගිය වසරේ උපත ලැබූ ළදරුවන් මිලියන 12 න් සෑම ගැහැණු ළමයින් 100 කටම පිරිමි ළමුන් 111.3 ක් සිටියහ. 2010 දී අනුපාතය 118.1 සිට 100 දක්වා විය.
    මේ හේතුවෙන් උපත ලැබූ ළදරුවන් විවාහ විය හැකි වයසට එළඹෙන විට මනාලියන්ගේ විශාල හිඟයක් ඇතිවේ. “පසුගිය වසරේ උපත ලැබූ මෙම ළදරුවන් මිලියන 12 න් පිරිමි ළමුන් 600,000 කට ඔවුන් වැඩෙන විට ඔවුන්ගේ වයසේම විවාහ සහකරුවෙකු සොයා ගැනීමට නොහැකි වනු ඇත.
    1979 දී ක්‍රියාත්මක කරන ලද සහ 2016 දී ඉවත් කරන ලද චීනයේ එක් දරු ප්‍රතිපත්තිය පිරිමි ළමයින්ට පක්ෂව ගබ්සා කිරීමේ ක්‍රියාවලිය උග්‍ර කර ඇති බව ජන විකාශන මහාචාර්ය ජියැං ක්වාන්බාවෝ පවසා තිබෙනවා.
    මේ අතර, චීනයේ සශ්‍රීකත්ව අනුපාතය කාන්තාවකට ළමුන් 1.3 ක් වන අතර එය ස්ථාවර ජනගහනයක් පවත්වා ගැනීමට අවශ්‍ය 2.1 ට වඩා බෙහෙවින් අඩු බවයි වර්තා වන්නේ.



    nethgossip.lk




    :baffled::baffled::baffled:

    F53706B6-AB15-4AB0-A963-C3D142A0B1D2.jpg



    5c3c142c33f6f_600.png
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    හරිනෙ ඉතින් ලංකාවෙ ගෑනු උන්ට දුන්නම අපිටගන්න වෙන්නෙ ස්වාසිලන්තෙ ගෑනු තමා.

    ganu epa gaga idala anthimata ubata ekek nathima wela yai ah. Danma ekak book karaganin passe adanna thiyaganna epa.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    ගැරඩින් පත්තෑයන් නොකන ඉන්ජිනේරු චීන පුතාට ගොවිගම කුලයෙන් චරිතවත් දියණියක උගත් චීන දෙමාපියන් සොයයි. සුලු වරදකට හෝ දෙකකට සමාව දිය හැක.

    තානාපති බාරේ
    චින් චුන්
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    දැන් මෙහෙ ඇවිල්ලා මෙහෙ ඉන්න උන් ටිකටත් හමුන්නවලා යයිද දන්නේ නෑ
    මෙහෙ උන්ටත් පිටරට නම් සුමාත්‍රා වල එකෙක් හරි කමක් නෑ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,940
    113
    Gampaha
    ගැරඩින් පත්තෑයන් නොකන ඉන්ජිනේරු චීන පුතාට ගොවිගම කුලයෙන් චරිතවත් දියණියක උගත් චීන දෙමාපියන් සොයයි. සුලු වරදකට හෝ දෙකකට සමාව දිය හැක.

    තානාපති බාරේ
    චින් චුන්
    "වරාය නගරයෙන් කඩ කාමරයක් හිමි" කියල කෑල්ලක් ඇඩ් වෙන්න ඕනෙ.