චීනයේ ශැන්හයි සහ නැන්ජිං සංචාරය
චීනයේ ශැන්හයි සහ නැන්ජිං සංචාරය
මේ චාරිකාව පිටත් වුනේ 2019/6/20 ඉදලා 2019/ 6/27 වෙනිදා වෙනකන්. මේ මම චීනය බලා පිටත් වුන දෙවනි අවස්ථාව. මේ පාර ගියේ ශැංග්හයි සහ නැංජින් වලට. කොරෝනා වලට මාස 06 කට විතර කලින් ගිහින් ආපු මේ චාරිකාව අමතක නොවෙන එකක්.
මේපෝස්ට් එක මම එළකිරියට දාන මුල්මපෝස්ට් එක. මීට කලින් දාන්න උත්සහ කලාට වැඩේ හරි ගියේ නැහැ.හේතුව හරියට පොටෝ එකක් වත් අප්ලෝඩ් කරගන්නවත් බැරිවුන එක.ගොඩක් අය සිංගප්පුරුව , මැලේසියාව, තායිලන්තය, වියට්නාමය වගේ රටවල් වලට ගියාට චීනෙට යැවෙන්නෙ සංචාරයකට යැවෙන්නෙ අඩු පිරිසක් . ප්රධානම හේතුව වීසා හුටපටේ.
වීසා
හොදම දේ වීසා නොයෝජිතයෙක් හරහා වීසා අයදුම් කරන එක. මුලින්ම යන කෙනෙක්ට 20 000 අඩුවෙන් සහ වරක් ගිහින් තියන අයට 15 000 වගේ අඩුවෙන් වීසා අරගන්න පුළුවන්. පුලුවන්තරම් ගෘප් වීසා ගන්නැතුව පාස්පෝට් එකටම වීසා ගහගන්න බලන්න. මොකද ගෘප් වීසා වල හම්බවෙන්නෙ කොළයක්.ගමනට තෝරගත්තේ Sri Lankan ගුවන් සේවය. ගුවන් යානය තිබුනේ හවස 1.20 වගේ. පැය හතක් විතර යනවා ශැංහයි වලට යන්න. මේ තියෙන්නේ ලංකාව පහු කරද්දිම ගුවන් යානයේ ඉදලා ගත්තු පොටෝ ටිකක් .
මේක ගත්තෙ ලංකාව පහු කරද්දිම
[/IMG]
මේ ගුවන් යානය ඇතුළත
[/url][/IMG]
කොහොම හරි ශැංහයි වලට යනකොට රෑ 12 පහුවෙලා එහෙ වෙලාවෙන්. ශැංහයි වල නැවතුනේ The Indigo කියන හොටෙල් එකේ . උදේ කෑමත් එක්ක තමා කාමරය වෙන්කරගත්තේ. මේ හොටෙල් එකේ දවස් තුනක් හිටියා. එක දවසකට ලංකාවේ සල්ලි වලින් 35 000 විතර උනා. පට්ට හොටෙල් එක. ඉන්ෆිනිටි පෝල් එකක් තියනවා. උදේ කෑමත් පට්ට ඉතින්. සාගරය වගේ බුෆේ එකක් ඉතින්. මේ තියෙන්නෙ හොටෙල් එක බුක් කරන ලින්ක් එක.
මේ හොටෙල් එක ඉස්සරහ ගහපු පොටෝ එකක්
[/IMG]
මේ තියෙන්නෙ කාමරේ
ෆුල් සැප තමා ඉතින්
මේ හෝටලේ තියෙන්නෙ පට්ට ඉන්ෆිනිටි පූල් එකක්. එතන ඉදන් හොදට නගරය බලන්නත් පුලුවන්
[/IMG]
මේ පූල්එක බලා ගන්න කෙනා. කොරෝනා එන්න කලින් නිසා මීටරයක දුර තියාගත්තේ නෑ.
පහුවෙනිදා ඉදන් තමා ඇවිදින්න ගත්තේ. අද්දැකීම් ගොඩක් තියනවා බෙදාගන්න. වීඩියෝ කිහිපයකුත් තියනවා. තව සේයාරූ බොහෝමයකුත් තියනවා. මේ දේවල් ඔබට වටීද ? නැද්ද? මේ පෝස්ට් එක ඔබට නීරසද ? නැද්ද කියලා මම දන්නෙ නෑ. ඔබ කැමතිනම් මීලඟ කොටස එක්කරන්න මම සූදානම්. අනික මේ පළවෙනි පෝස්ට් එක නිසා අඩුපාඩු මොනවත් තිබුනොත් මාව දැනුවත් කරන්න. ස්තූතියි.