චීනයේ සුන්දර සිචුවාන් පළාත
චීනයේ සුන්දර සිචුවාන් පළාත
නිරිතදිග චීනයේ පිහිටි සිචුවාන් Sichuan පෙදෙස විවිධත්වය අතින් මෙන්ම සොබා සෞන්දර්යය අතින් ද දැකුම්කලු ප්‍රාන්තයකි. චීනයේ අභිමානවත් ප්‍රෞඪ සංස්කෘතිය විදහාලන විශිෂ්ට ප්‍රාන්ත අතර සිචුවාන්වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එනිසාම ඇතැම් ඉතිහාසඥයන් මේ ප්‍රාන්තය හඳුන්වන්නේ චීන ශිෂ්ටාචාරයේ තොටිල්ල ලෙසය.“සමෘද්ධිමත් දේශය’’ සිචුවාන් ප්‍රාන්තය හැඳින්වීමට යෙදෙන තවත් විශේෂ නාමයකි. මේ ප්‍රාන්තය ආර්ථික හා සමාජීය වශයෙන් ඉහළ දියුණුවක් ලබා නොගන්නට එවැනි නාමයක් පටබැඳෙන්නේ නැත. සිචුවාන් සිය ඓතිහාසික සංස්කෘතික උරුමය රැකගනිමින් සංවර්ධනයෙහි අරුණැල්ලෙන් පිබිදෙන ප්‍රාන්තයකි.
සිචුවාන්වලට මේ ආකාරයේ ආකර්ෂණයක් හිමි වී තිබෙන නිසා සංචාරකයන් අතරද මේ ප්‍රාන්තය ඉතා ප්‍රසිද්ධය. චීන ආසියා පැසිෆික් මාධ්‍ය මධ්‍යස්ථානය China Asia Pacific Press Centre - CAPPC නියෝජනය කරමින් මාධ්‍යවේදීන් වන අපටද මේ ප්‍රාන්තයෙහි සංචාරය කිරීම සඳහා අවස්ථාව උදා විය. එහිලා CAPPC හි නව අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් අභිනවයෙන් පත්වූ යුව් ලි Yu Lei මහතා මෙන්ම CAPPC හි කාර්ය මණ්ඩලය අපට ලබා දෙන නායකත්වය මෙන්ම සහයෝගයද ස්තූති පූර්වකව සිහිපත් කළ යුතුය.
සිචුවාන් නිරිතදිග චීනයේ පිහිටා ඇති අතර එහි උතුරු සීමාව යැන්ට්සෙ (Yangtze) හා යෙලො (Yellow) කහ ගංගාව යන ගංගාවලින් සලකුණු වී ඇත. දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන සිචුවාන්වල මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 486000 කි. ඒ අනුව සිචුවාන් චීනයේ 5 වැනි විශාලතම ප්‍රාන්තයයි.
මෙහි ඉතිහාසය අදින් වසර මිලියන දෙකක අතීතයකට විහිදෙන බවට චීන ඉතිහාසඥයෝ මත පළ කරති. මේ ප්‍රාන්තයට උතුරු දෙසින් පිහිටි යැන්ග්ට්සේ ගංගාව මුල් කොට ගෙන මීට වසර 4000 ත් 5000 ත් අතර කාලයකට පෙර ගොඩනැඟුණු ශිෂ්ටාචාරය චෙන්ග්දු තැනිතලාව කේන්ද්‍ර කොටගෙන සම්භවය ලබා ඇත. ෂැන්ග් (Shang) හා සූවූ (Zhou) යන අධිරාජ්‍ය යුගවලදී මේ ප්‍රාන්තය රාජ්‍ය දෙකක් වශයෙන් ක්‍රියාත්මක වී තිබේ.
එයින් එකක් හඳුන්වා ඇත්තේ සූ (Shu) ලෙසය. එය සිචුවාන් ප්‍රාන්තයෙහි බටහිර පෙදෙස කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වී ඇත. දෙවැනි රාජ්‍යය හඳුන්වා තිබෙන්නේ බා (Ba) ලෙසය. සිචුවාන්හි නැගෙනහිර පෙදෙසෙහි මේ රාජ්‍යය ක්‍රියාත්මක වී ඇත. මේ හේතුවෙන් අතීතයේදී මේ ප්‍රාන්තය හඳුන්වා තිබෙන්නේ බාෂූ (Bashu) යනුවෙනි. එහි ඉහත සඳහන් කළ රාජ්‍යයන් දෙකෙහිම නාමයන් නිරූපණය විණි.
වර්ෂ (B.C.) 316 දී පමණ මෙම රාජ්‍යයන් දෙක අතර යුද ගැටුම් හටගෙන ඇති අතර එම යුද්ධය අවස්ථාවක් කොටගත් කුයින් (Qin) නමැති රජු මෙම ෂූ හා බා යන රාජ්‍යයන් දෙක එකම ප්‍රාන්තයක් ලෙස ගොඩනැගීමට කටයුතු කර ඇත. 1286 වසරේදී යුආන් (Yuan) අධිරාජ්‍ය යුගයේදී මෙහි විධායක මහලේකම් කාර්යාලයක් පිහිටුවා ඇති අතර පළමු වතාවට මෙම ප්‍රාන්තය සිචුවාන් ලෙසද එම කාලයේදී නම් කර ඇත. 1949 චීන විප්ලවයෙන් අනතුරුව මේ ප්‍රාන්තය නිදහස් ප්‍රාන්තයක් බවට පත්ව ඇති අතර 1955 දී ෂීකන්ග් (Xikang) ප්‍රාන්තයද මෙයට එක්කොට ඇත.
1977 දී මෙය චොන්ග්චියන්ග් (Chongqing) නගර සභාව හා සිචුවාන් ප්‍රාන්තය ලෙස වෙනම පරිපාලන ඒකක දෙකක් හැටියට බෙදා ඇත. අද වන විට සිචුවාන් ප්‍රාන්ත පාලනය සතු නගර 18 ක් හා වාර්ගික ස්වායත්ත ප්‍රාන්ත 03 ක් පවතියි. චෙන්ග්දු මෙහි අගනගරයයි.
සිචුවාන්වල මුළු ජනගහනය මිලියන 91 කි. මේ ප්‍රාන්තය ආර්ථික සංවර්ධනය අතින් සෑමවිටම බටහිර ප්‍රාන්ත 12 අතර පෙරමුණේ පසුවිය. සිචුවාන්වල ඉහළ ආර්ථික වර්ධන වේගය සම්බන්ධ ආසන්න උදාහරණ වෙත අවධානය යොමු කළහොත් 2016 වසරේදී මේ ප්‍රාන්තයෙහි දළ දේශීය නිෂ්පාදිතය (GDP) යුආන් ට්‍රිලියන 3.2 ක ඉක්මවීය. එය 2015 වසරට වඩා සියයට 7.7 කින් අගය ඉහළ යෑමකි. දළ දේශීය නිෂ්පාදිත අගය අතින් චීනයේ අනිකුත් ප්‍රාන්ත අතර සිචුවාන්වලට