චීනයේ සොරු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    චීනයේ සොරුන් දෙදෙනෙක් බැංකුවක් මංකොල්ල කෑමට පැමිණියේය.

    "කරුණාකර බිම දිගා වන්න.මේ මුදල් අයිති බැංකුවට,ඔබලාගේ ජීවිත පිළිබඳ වගකීම අයිති ඔබටය" සොරුන් පැවසීය.සියල්ලෝම බිම දිගා විය. "යමක් ඒත්තු ගැන්වීමේ හැකියාව යනු මෙයයි" අදහසක් කාවැද්දීමට ඇති හැකියාව මෙයයි.

    මේ අතර එක් කාන්තාවක් කෑ මොර දෙන්නට විය."නෝනා,අපි ආවේ බැංකුව මංකොල්ල කෑමට මිසක් ඔබට අතවර කිරීමට නෙමෙයි.කරුණාකර නිශ්ශබ්ධ වන්න"වැඩිමහල් සොරා පැවසීය.ඇය නිශ්ශබ්ධ විය. "වෘත්තීය නිපුනත්වය යනු මෙයයි".ඔබ කළ යුතු දේ ගැන පමණක් අවධානය යොමු කරන්න.
    සොරුන් කොල්ල කා ගෙදර ගියේය.මේ අතර උපාධිදාරී බාල සොරා මුදල් ගැනිය යුතු බව 8 වසර පමණක් සමත් වැඩිමල් සොරාට පැවසීය."ඕනෙ නෑ.අද රෑ නිවුස් වලට ගාන හරියටම කියයි".වැඩිමල් සොරා පැවසීය. "පළපුරුද්ද යනු මෙයයි".මේ කාලේ උගත් කමට වඩා පළපුරුද්ද වටින බව මින් ගම්‍ය වෙයි.
    මේ අතර බැංකු කළමණාකරු ගණකාධීවරයාට පොලීසියට පැමිණිළි කරන ලෙස පැවසීය."මොහොතක් ඉන්න.අපිත් මෙතනින් කෝටි 10ක් ගමු.කලින් වතාවල අපි යටි මඩි ගහපු කෝටි 70ත් මේකටම එකතු කරල පොලීසියට කියමු ඒවා හොරු ගත් බව" ගණකාදීවරයා පැවසීය. "රැල්ල යන පැත්තට පීනනවා කියන්නෙ මේකටයි" අවාසිදායක අවස්ථාවක් වූවත් වාසිදායක අතට හරවා ගැනීම මේයයි.
    "හොඳයි හොඳයි,හැම මාසෙම මෙහෙම කොල්ල කනවනං අපි ගොඩ" කළමණාකරු පැවසීය. "ආත්ම තෘප්තිය රැකියාවට වඩා වටින බව මෙයින් කියවෙයි"
    පසු දින ප්‍රවෘත්ති වලට බැංකුවකින් කෝටි 100 ක් කොල්ල කා ඇති බව ප්‍රකාශ කලේය.සොරුන් කෙතරම් ගණන් හැදුවත් එහි කෝටි 20 ට වඩා සතයක්වත් නොවීය.
    "අපි ජීවිත පරදුවට තියල කෝටි 20ක් සොරකම් කළා.බැංකුවේ නිළධාරීන් කිසිදු අපහසුවකින් තොරව කෝටි 80 ක් හොයා ගත්තා".සොරුන් පසුතැවිලි විය.
    "බුද්ධිය රන් වලට වඩා වටින බව මෙයින් තහවුරු වෙයි"
    බැංකුවේ කළමණාකරු ඉතා සතුටින් සිටින අතරතුර මෙසේ සිතීය."මමයි ගණකාදීකාර වරයයි කෝටි 10 ක් හම්බ කලා. අපි නිසා බැංකුවට පාඩු වුන කෝටි 70ත් හෙවුවා" හැම අදුරු වලාකුලකම රිදී රේඛාවක් තියෙනවා කියන්නේ මෙයයි".



    ආයිත් කියනවා
    මේක ලංකාවේ නෙවෙයි චීනේ
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVP eka nam bank manager hora kapu ewain koti ganak illagena . e koti ganen jack daniel beela light kanu kadan ghin , business class eke fly karala Indonesian badu gahala e koti 10 th iwara karagena awith baninawa manager la tama hora kawe kiyala:D :yes: :D oka tama kuhaka lapakota kiyala uta minissu baninne.
     
    • Like
    Reactions: D_Mad

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    JVP eka nam bank manager hora kapu ewain koti ganak illagena . e koti ganen jack daniel beela light kanu kadan ghin , business class eke fly karala Indonesian badu gahala e koti 10 th iwara karagena awith baninawa manager la tama hora kawe kiyala:D :yes: :D oka tama kuhaka lapakota kiyala uta minissu baninne.
    මූ y බහලෙක් ද