චීනය_වැටේ අැමරිකාව දින්නා

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    චීනය_වැටේ අැමරිකාව දින්නා

    ලෝකයේ දෙවැනියට විශාලතම ආර්ථිකය වන චීන ආර්ථිකය මේ වන විට අකර්මණය තත්ත්යට පත්වීම හේතුවෙන්, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ද බලාපොරොත්තු නොවූ පරිදි සීඝ්‍ර කඩා වැටීමක් වාර්තා කර ඇත.

    කොරෝනා වයිරසය හේතුවෙන් මේ වන විටත් චීනයේ මරණ 400 කට වැඩි සංඛ්‍යාවක් සිදුවී ඇති අතර එහි ව්‍යාපාරික හා කාර්මික ක්‍රියාකාරකම් අඩාල කිරීමට පමණක් නොව, එය පැතිරීම වැළැක්වීම සඳහා වන අභ්‍යන්තර සංචාරක සීමා කිරීම් නිසා චීනයේ තෙල් ඉල්ලුමද පහත දමා තිබේ. චීන ආර්ථිකය අකර්මණ්‍ය වීම මේ වන විට ගෝලීය ආර්ථික ක්‍රියාකාරකම් වෙත ද බලපෑමක් වී ඇත.

    අඟහරුවාදා (04) වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 55 සීමාවෙන් මෙපිට පැමිණි අතර මීට මාසයකට පෙර (ජනවාරි 06) එම අගය වාර්තා වූයේ ඩොලර් 68.51 ක් වශයෙනි. එසේම WTI බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 50 සීමාවට පැමිණ තිබේ. එය පසුගිය ජනවාරි 06 දින වන විට දැක්වුණේ ඩොලර් 63.27 ක් ලෙසිනි.

    පවතින වාතාවරණය තුළ ඔපෙක් සංවිධානය විසින් වියානා නුවර සිය මූලස්ථානයේ දී අද (05) දින සිය සාමාජික රටවල් 14 හි හදිසි රැස්වීමක් කැඳවීමට කටයුතු යොදා ඇත. මේ අනුව මිල ස්ථායීව පවත්වාගෙන යාම සඳහා ඉදිරි දින කිහිපය තුළ වෙළෙඳපොළට මුදාහරින නිෂ්පාදන ධාරිතාවෙහි කප්පාදුවක් සිදුකිරීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

    පසුගිය වසර 5ක කාලය දෙස අවධානය යොමු කිරීමේ දී 2016 ජනවාරි 15 දින බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 28.94 ක් දක්වා පහත වැටුණු අතර එය 2018 ඔකතෝබර් 05 වන විට ඩොලර් 84.16 ක් දක්වා ඉහළ ගියේය. එබැවින් ලෝක තෙල් මිල උච්ඡාවචනයන්ට මුහුණ දීම සඳහා ඔපෙක් රටවල් 14 සහ ඔපෙක් සංවිධානයට අයත් නොවන රටවල් 9 විසින් උපක්‍රමශීලීව කටයුතු කරනු ඇතැයි යන්න විශ්ලේෂකයින්ගේ මතය වී තිබේ.

    ඔපෙක් සංවිධානයේ වැඩි බලයක් සහිත සාමාජිකයා වන්නේ සෞදි අරාබියයි. ඊට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නයිජීරියාව හා ලිබියාව එහි සෙසු ප්‍රබල සාමාජිකයෝ වෙති. ඔපෙක් සාමාජික නොවන රටවල් අතර පෙරමුණ රුසියාවට හිමි අතර මෙක්සිකෝව, මැලේසියාව හා ඕමානය එහි සෙසු ප්‍රමුඛ සාමාජිකයන් වන්නේය.

    වර්තමානයේ දී ලොව විශාලතම බොරතෙල් නිෂ්පාදකයා වන්නේ ඇමරිකා එක්සත් ජනපදය යි. සෞදි අරාබිය, රුසියාව හා කැනඩාව පිළිවෙලින් මෙම ලැයිස්තුවේ සෙසු සිථාන හිමිකර ගෙන සිටී. ලෝකයේ විශාලතම බොරතෙල් නිෂ්පාදකයින් අතර 5 වන තැන චීනයට හිමිව තිබේ. ඉරාකය, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බ්‍රසීලය හා කුවේට්, ලොව ප්‍රමුඛ තෙල් නිෂ්පාදකයින් 10 දෙනා අතර සිටින සෙසු රටවල් වේ.



    Ada derana
     
    • Like
    Reactions: tokkaputha

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    වෙෙරසය අැමරිකාවෙ CIA වැඩක් වෙන්න බැරිද?චීනෙ 2025 අැමරිකාව පහු කරන්න හිටියේ.:shocked:.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    වෙෙරසය අැමරිකාවෙ CIA වැඩක් වෙන්න බැරිද?චීනෙ 2025 අැමරිකාව පහු කරන්න හිටියේ.:shocked:.




    :yes:ට්‍රම්ප් මොළකරු.හොංකොං වලින් පටන් ගත්තෙ..හරිගියෙ නෑ..මේක Plan B.ඒක හිතුවටත් වඩා හරි ගියා..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක නං හරියයි බං වසංගතේ ඇරිල ගියහම. ඔයිට වඩා කඩාවැටීම් වෙලා ඔය ඇමරිකාව තාම අගේට ඉන්නෙ
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,723
    501
    113
    මම නම් හිතන්නේ චීන මිනිසුන් තවත් ශක්තිමත් වුණා බලන්න ඔවුන්ගේ තියෙන එකමුතුකම
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඒ අස්සේ උන් අර උතුරු චීනේ හම්බයෝ ෆෝම් කරන්න යන්නේ...
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    ඒ අස්සේ උන් අර උතුරු චීනේ හම්බයෝ ෆෝම් කරන්න යන්නේ...

    ඒ අස්සෙ හොංකොං වල government ඵකට විරුද්ධ උන් පච නිව්ස් පතුරුවල මිනිස්සු පිස්සො වගේ සුපර්මාර්කට් වලින් ගිහින් බඩු ගන්නවලු.උන් ටොයිලට් ටිෂූ වලටත් මරාගන්නවලු.:lol:චයින වට්ටන්න කට්ටිය බැහැලා වැඩ.:frown:

    bnWUqYb.jpg


    5BvGHL4.jpg


    FGmVFrf.jpg
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    මම නම් හිතන්නේ චීන මිනිසුන් තවත් ශක්තිමත් වුණා බලන්න ඔවුන්ගේ තියෙන එකමුතුකම

    වැඩේ කියන්නෙ බං චයින වලත් ඉන්නව ලංකාවෙ වගේම සුද්දට පුක දෙන උන්.විශේෂයෙන්ම හොංකොං වල..උන් පහුගිය ටිකේ කරපු දේවල් දැක්කනේ..
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    වෙෙරසය අැමරිකාවෙ CIA වැඩක් වෙන්න බැරිද?චීනෙ 2025 අැමරිකාව පහු කරන්න හිටියේ.:shocked:.

    wenna ba bun. un game ekak dunnoth denne nuke welama yanna nathuwa oya wage singithi athalnam dei kiyala hithanna amarui.