චීන්නු අපිට මේතරම් ආදරේ කරන්නේ ඇයි ?

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මචං ජාතකේ හොයන්න කලින් වැඩේ ගැන හොයපන් මහින්ද අයින් කරනවානම් උට විරුද්දව චන්දෙ දියන් පුද්ගලයට කලින් රට ගැන හිතපන්, හොද වැඩ හොද හැටියටත් නරක නරක හැටියටත් දකින්න පුරුදු වෙයන්, පිට දේවල් අගයන්න කලින් තමන්ගේ දේ අඩුපාඩු තිබ්බත් අගයපන් අඩුපාඩු ටික හදාගන්න බලපන් පහළ තියෙන එක කියවපන්
    :yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ne ayye meka mage kathawak newe.mama ahala thiyanawa lankawe politics wala china walata blood relationship ekak tiyana porak innawa kiyala uncle kenek gen.

    mama me katawa net eke dekka eka mama ahala tibba ekata gelapenawa kiyala theruna ekai mama meka attada kiyala balanna demme.

    mama politics gena dapu palaweni comment eka mun mage rep kapanawa hitu kiyala.

    යකෝ:angry::angry::angry::angry::angry: මේක මගේ කතවක් නෙවේ තොපි ගිහින් මේක ලියාපු එකා හොයාගෙන උට බෑනපල්ල:angry::angry::angry:
    :D oyaage කතවක් කියාල කිවුවෙ නැහැ මල්ලි
    1.gif
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    gon katha kiyanna epa pons apita mokada ban rajapashala kauru unama, anika china un help karanawanam apita mokada. uba baya gullekne ban war bayaida, ubala wage gon suththo innawane ane manda uba oya aththatamada kiyanne
     

    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    හා හා මොකාද බන් මේ කතව ලිව්ව එකා. යකෝ මෙක ලියපු එක හිතන් ඉන්නේ චීනා හෙන පොරවල් කියලා. පව් බන්.. හා හා.. අපියි චිනයි ගත්තම සින්හල උන් ඉස්සරහින් තියන්න පුලුවන්:yes::yes:.. මොකද සින්හල උන් එච්චර පෙරේත නැහැ. පෙරේත නැහැ කියන්නෙ හැම අතින්ම. හැබැයි වෙලවට වැඩ. මුන් රු 5000 ක පාඩුවක් උනොත් මාර විදියට වොරි වෙනව. එ කියන්නෙ ලන්කාවෙ උන් වගෙම තමයි. එ ගැන හිත හිත ඉන්නවා ගොඩක් වෙලා කටිනුත් සද්ද දදා. පව්. අනිත් දේ මුන් කැම වෙල් අතර පුලුවන් තරම් බර අහාර ගන්නෙ නැ. කැවත් ෆ්‍රයි කරපු සීඩ්ස් වර්ග. පොරොන්ඩු උනොත් යමක් එකෙන් බාගයක් වත් ඉටු කරනව. ගොඩක් දුරට ලන්කාවේ එවුන් වගේම තමයි. හැබැයි එක කලිසම ශර්ට් එක දවස් 5ක් වත් අදිනව. ගොඩක් දුරට මුන් ලන්ග පට්ට ගන්දයි. දැනෙනවා. සරලව කිව්වොත් මුන් වගෙ පෙරෙත ජතියක් දැකල නැහැ.
    චිනාට ප්‍රොජෙක්ට් දෙන එක අපිට හොන්දයි. මොකද උන්ගෙ රටෙ සල්ලි අපේ සල්ලි වලට වඩ අඩුයි. උන්ගෙ තාක්ශනේ දියුනුයි. නිකන් අමෙරිකන් කාරයොන්ටයි, බ්‍රිටිශ් කාරයොන්ටයි රටේ සල්ලි වැඩිපුර දෙන්න ඔන නැහැනෙ. රනිල් ලොක්ක වගේ. මෙහේ චින කම්පනි, එහේ 10 වැනි තැන වගේ තියෙන්නේ. උන්ගෙ පරමාර්තය සල්ලි හොයන එකයි.:yes::yes:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කිසිලෙසකින් මහින්ද කල වැරදි සදාරණය කිරීමක් පහත ලිපියෙන් බලාපොරොත්තු නොවේ නමුත් මෙහි කරුණු හා ලිපියේ හරය රටක් ලෙස අපට වැදගත් වෙයි (රනිල් සේම චන්ද්‍රිකාද ඊට පෙර ප්‍රේමදාසද හා jr ද {විජේතුංග වැරදි කලා ඉතා අඩුය නැතහොත් කලේම නැත සාපේක්ෂව අනෙකුත් ව්දායක ජනපතිවරු මෙන්} එතනින් ගියාම මැතිණිය,බණ්ඩාරනායක,ඩඩ්ලි ....නම් පේලිය දිගට ගලාගෙන යයි මේ සියල්ලන් වැරදි සේම හොදද මේ රටට කර ඇත සාපේක්ෂව සසදා බැලීමට පරිගණක ශක්ෂරතවයකින් හෙබි ඔබට හැකියාව ඇතැයි විශ්වාස කරමි [අර නම් පේලිය රාජාවලිය දක්වා දිවෙන අතර ඉන් ඔබ්බටද සාදාරන වේ])

    මොකක්‌ද මේ වරාය නගරය


    කොළඹ, ගාලු මුවදොර පිටිය ආසන්නයේ මුහුදු කලාපයේ ඉදිකිරීම සඳහා යෝජිත, වරාය නගරය පිළිබඳව විපක්‍ෂය විසින් චෝදනාත්මකව කතා කරනු පෙනේ. පාර්ලිමේන්තුවේදී මේ ගැන දිගින් දිගටම විවේචන එල්ල කරන ලද්දේ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහය.

    විරෝධාකල්ප දේශපාලනය විසින් ශ්‍රී ලංකාවේ මහත් හානියක්‌ කරන ලද ක්‍ෂේත්‍රයක්‌ ලෙස වරාය ක්‍ෂේත්‍රය ද හඳුනාගත හැකිය. මේ නිසා වරාය ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් එල්ල වන විවේචන දෙස ද ගැඹුරින් බැලිය යුතු යෑයි සිතමි.

    කොළඹ වරාය, යටත් විජිත යුගයේදී ලෝකයේ ප්‍රබලම වරායක්‌ වී තිබිණි. ශ්‍රී ලංකාවේ භෞමික පිහිටීම තරම් සම්පතක්‌ ඇය සතු නැත. එයින් ඵල නෙළාගැනීම සඳහා අත්‍යවශ්‍ය ලෙසම පණ ගැන්විය යුත්තේa වරාය ක්‍ෂේත්‍රයයි. එය අතීත සිංහල දේශයේ සිටම රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක්‌ වී තිබිණි. යටත් විජිත යුගයෙන් පසු වරාය ලබාගෙන තිබූ දියුණුව ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙනයැමට පැවැති පාලනයන් අපොහොසත් විය. ලලිත් ඇතුලත්මුදලි, වෙළෙඳ හා නාවික ඇමැති ධුරය උසුලන කාලයේදී කොළඹ වරාය සඳහා ඉදිරිගාමී වී සේවය සිදුකළ අතර ඒ හැරුණු කොට 1956 දී වරාය ජනසතු කිරීම පමණක්‌ ඒ සඳහා වූ සේවයක්‌ ලෙස දැක්‌විය හැකිය.

    කොළඹ වරායේ දියුණුව ඇනහිටීම හෝ ඉබි ගමනින් යැම කලාපයේ ප්‍රධාන රටවල් දෙකකට මහඟු සේවයක්‌ ඉටු කළේය. භෞතික වශයෙන් ශ්‍රී ලංකාව තරම් වරාය සඳහා හොඳ පිහිටීමක්‌ නොතිබුණ ද දිගුකාලීන සැලසුම් හා කාර්යක්‍ෂමතාව හේතුවෙන් සිංගප්පූරුව හා ඩුබායි යන රටවල් වරාය ක්‍ෂේත්‍රයේ ඉහළට පියමැන්නේය.

    කොළඹ වරායේ පැවැති වැඩ වර්ජන ද, එය සඳහා තිබූ කීර්ති නාමයට හානියක්‌ එක්‌ කළේය. පැමිණ තිබෙන නැව්වල බඩු බෑම වැඩ වර්ජන නිසා පමා වන විට එහි වගකිවයුත්තා බවට පත්වන්නේ ප්‍රවාහන සමාගමය. නිරන්තරයෙන් කොළඹ වරායේ සිදුවන වැඩවර්ජන හේතුවෙන්, සිංගප්පූරුව හා ඩුබායි යන වරායන් ප්‍රතිsඅපනයන කටයුතු සඳහා නාවික ප්‍රවාහකයන් භාවිත කරන්නට පටන් ගත්තේය. වැඩවර්ජන හේතුවෙන් 1964 වර්ෂයේදී පමණක්‌ කොළඹ වරායට අහිමි වී ගොස්‌ තිබූ මිනිස්‌ දින ගණන පන්ලක්‍ෂ තිස්‌දහස්‌ හත්සියයක්‌ බව 1965 වසරේ මහ බැංකු වාර්තාව සඳහන් කරයි. ප්‍රතිඅපනයන නැව් භාණ්‌ඩ මෙහෙයුම 1963 වර්ෂයේදී ටොන් 3158 ක්‌ වන විට එය 1964 වර්ෂයේදී ටොන් 1158 ක්‌ දක්‌වා පහත වැටී තිබිණි. මේ පහත වැටීම, ඉහළ නැඟීමක්‌ බවට පත්වූයේ සිංගප්පූරු හා ඩුබායි වරායන් වෙතය. ශ්‍රී ලංකාවේ වරාය කටයුතු අඩපණ කිරීම සඳහා වෘත්තීය සමිති නායකයන්ට සිංගප්පූරුවෙන් මුදල් ලබාදෙන බවට රාවයක්‌ ද එකල පැතිරී තිබුණේ මේ හේතුව නිසාය.

    කොළඹ මුහුදේ වරාය නගරයක්‌ ගොඩනැඟීම පිළිබඳ මාතෘකාව ගැන කතා කළ යුත්තේ මේ පසුබිම තුළය. ඉන්දියාව අර්ධද්වීපයක්‌ ලෙස පිහිටා තිබුණද බහාලුම් 14000 - 22000 ක්‌ සහිත නැවක්‌ මෙහෙයුම් කටයුතු කිරීමේ වරායක්‌ ඉන්දියාව සතුව නැත. එවැනි වරායක්‌ සඳහා අත්‍යවශ්‍ය භෞතික පිහිටීමක්‌ වූ ගැඹුර අඩු වෙරළ තලයක්‌ ඉන්දියාවට උපතින්ම හිමිවී නැත. විශාඛාපට්‌නම් හා ෙ- එන් පී. ටී. යන වරාය දෙක හැරුණු කොට ඉන්දියාවට ප්‍රවාහන වරායන් ඇත්තේ නැත. මේ නිසා ඉන්දියාව සිය වරාය කටයුතු සඳහා භාවිත කරන්නේ සිංගප්පූරු හා ඩුබායි වරායන්ය.

    මෙම වරායන් දෙක කුමනාකාරයෙන් සංවර්ධනය කරගෙන ගියද, ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනයක්‌ සිදුවුවහොත් එපමණකින් පමණක්‌ම මෙම වරායන් දෙකටම හානි පමුණුවාලිය හැකිය. මේ වන විට යම් තරමකට ඒ තත්ත්වය උදාවෙමින් තිබේ. හම්බන්තොට නව වරායක්‌ ඉදි වී එහි කටයුතු දැන් පණගැන්වී එමින් තිබේ. කොළඹ වරායේ ද සංවර්ධන කටයුතු සිදුවෙමින් පවතී. වරාය ඉදිකරනවා සේම වරාය කටයුතු සඳහා ම වෙන් වූ කලාපයක්‌ හෙවත් වරාය නගරයක්‌ ඒ ආශ්‍රිතව ඉදිවීම වරාය සංවර්ධන ක්‍රියාවලියේ දී අත්‍යවශ්‍යය. ලෝකයේ පළමු පෙළේ සියලුම වරායන්ට සමගාමීව වරාය නගර ඇතිකරන්නේ එහෙයිනි. වරාය මෙහෙයුම් කටයුතු සඳහා ප්‍රධාන පෙළේ සමාගම් පැමිණෙන්නේ එවැනි මට්‌ටමකට වරාය දියුණු වී ඇත්නම්ය.

    මේ සඳහා වන සැලසුමත් එජාපය පාර්ලිමේන්තු බලය හොබවමින් සිටි 2001-2004 කාලයේදී සිදුවිය. ඒ සඳහා වාර්තාවක්‌ සකස්‌ කරන ලද අතර එහි "සංවර්ධනය සඳහා මඟපෙන්වන සැලසුමේ" සැලසුම්කරණ ප්‍රදේශ දෙක යටතේ ඔයෑ චදරඑ ජසඑහ හෙවත් වරාය නගරය යෝජනා කර තිබේ. මෙය උප කලාප හතරකින් සමන්විතය. හෙක්‌ටයාර 307.06 කින් හෙවත් මුළු ඉඩ ප්‍රමාණයෙන් 33% ක්‌ උප කලාප එක සඳහා වෙන්වන අතර එය වරායට අයත් භූමි ප්‍රදේශය වේ. මට්‌ටක්‌කුලිය ප්‍රදේශය, උප කලාප දෙක වන අතර එය හෙක්‌ටයාර් 214.88 ක්‌ හෙවත් වරාය නගරයෙන් 23% ක ප්‍රමාණයක්‌ වේ. උප කලාප තුනට අයත් වන්නේ ග්‍රෑන්ඩ්පාස්‌ ප්‍රදේශයයි. එය හෙක්‌ටයාර 225.85 ක්‌ ද මුළු පරිමාණයෙන් 24% ක්‌ ද සපුරාලයි. උප කලාප හතර ලෙස හෙක්‌ටයාර 180.77 කින් හා සමස්‌ත වපසරියෙන් 20% ක්‌ ලෙස කොටහේන ප්‍රදේශය වරාය නගරය සඳහා අත්පත් කර ගැනීමට, එම සැලසුම මගින් යෝජනා කර තිබිණි. සමස්‌ත වරාය නගරය හෙක්‌ටයාර 928.56 කින් සමන්විත වී තිබිණි. වරාය භුමියේ සිට කැලණි ගඟ වනතෙක්‌ මෙම කලාපය පුළුල් වී තිබිණි. අමතර වශයෙන් දැනට වරාය නගරය සඳහා මුහුද ගොඩකරන ස්‌ථානයේම හෙක්‌ටයාර එකසිය හතළිස්‌ පහක්‌ මුහුදින් ගොඩකිරීමට ද එමගින් යෝජනා කර තිබිණි. ඒ යටතේ කොළඹ ගාලු මුවදොර පිටිය ද සම්බන්ධ කර ගැනීමට නියමිත වී තිබිණි.

    වරාය අධිකාරිය නව යෝජනාව අනුව හෙක්‌ටයාර 233 ක භූමි ප්‍රමාණයක්‌ මුහුදෙන් ගොඩකර වරාය නගරය සෑදීමට අපේක්‍ෂිතය. ඒ හේතුවෙන් කොළඹ ඉතා තදබද විශාල ප්‍රදේශයක්‌ වරාය නගරය සඳහා අත්පත් කර ගැනීම සිදු වන්නේ නැත. කොටහේන, ග්‍රෑන්ඩ්පාස්‌, මට්‌ටක්‌කුලිය ප්‍රදේශය වෙනුවට නව සැලසුම යෝජනා කරන්නේ හෙක්‌ටයාර 233 ක භූමියක්‌ මුහුද ගොඩ කිරීමෙන් ලබාගැනීමටය.

    දැනටමත් කොළඹ නගරයේ පැල්පත්වාසීන් සඳහා සුදුසු නිවාස යෝජනා ක්‍රම සකස්‌ කර පැල්පත්වාසීන් ඒවායින් ඉවත් කරමින් තිබේ. විපක්‍ෂය එතැනදී හඬ නඟන්නේ පැල්පත් ඉවත් කිරීමට එරෙහිවය. එසේ තිබියදී, එජාප ආණ්‌ඩු කාලයේ වරාය නගරය සඳහා කොළඹ තදාසන්නම ප්‍රදේශ තුනක්‌ අත්පත් කරගන්නට යෝජනා කර තිබිණි. ඒ වෙනුවට මුහුද ගොඩකර නව නගරයක්‌ සෑදීමේදී එයට ද විපක්‍ෂය විසින් අකුල් හෙළමින් සිටියි.

    වරාය අධිකාරිය මගින් නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනයට අනුව මෙය ශ්‍රී ලංකාවේ විශාලම පෞද්ගලික විදේශ මුදල් ආයෝජන ව්‍යාපෘතියයි. එය රුපියල් බිලියන 1.34 කි. මේ සඳහා ශ්‍රී ලංකා රජය හෝ වරාය අධිකාරිය කිසිදු මුදලක්‌ ආයෝජනය නොකරයි. ඒ අතරම ශ්‍රී ලංකා රජයට හෙක්‌ටයාර 233 න් 125 ක ප්‍රමාණයක්‌ හිමිවෙයි. ඉතිරි ඉඩම් ආයෝජකයාට සිය වියදම් පියවා ගැනීම සඳහා වන අතර එයින් හෙක්‌ටයාර විස්‌සක්‌ සින්නක්‌කර හා ඉතිරිය අනූනව අවුරුදු බදු පදනම යටතේ ලබා දේ. ආයෝජකයාට හිමි එකම ප්‍රතිලාභය මෙයයි. පොලිය ද සමඟ සමස්‌ත ආයෝජනය ඇ.ඩො. මිලියන 1918 ක්‌ වන අතර එම ආයෝජනය, ආයෝජකයාට හිමිවන ඉඩම් ප්‍රමාණයෙන් බෙදූ විට හා ආයෝජනයේ අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතය 16% ක්‌ ලෙස ලබාගැනීම සඳහා මෙම නව ඉඩමේ පර්චසයක්‌ රුපියල් ලක්‍ෂ 78 කට ආයෝජකයා විසින් මිල කළ යුතුය. රජයට හිමිවන ඉඩම් විකිණීම මගින් වරාය අධිකාරියට ආදායම් ලබාගත හැකිය. දැනටමත් දේශීය සමාගම් දහයක්‌ මෙයින් ඉඩම් බලාපොරොත්තුවෙන් වරාය අධිකාරියට ඉල්ලීම් කර තිබේ. ඔවුන් විසින් ඉල්ලා සිටින ඉඩම් ප්‍රමාණය හෙක්‌ටයාර 15 කි.

    සමස්‌ත චිත්‍රය දෙස බලන විට මෙවැනි ගනයේ ආයෝජනයක්‌ ගෙන්වා ගැනීමම ජයග්‍රහණයක්‌ සේ තැකිය යුතුය. එයට අකුල් හෙළන විවේචන මගින් සිදුවන්නේ නව නගර ව්‍යාපෘතියට පහර එල්ල වීමය.

    කොළඹ මහ නගර සභාව සඳහා ඡන්දය පැවැත්වෙන අවස්‌ථාවේදී ද එජාපය මෙවැනිම ක්‍රියාවලියක නිරත විය. කොච්චිකඩේ ප්‍රදේශයේ තදබද හා කරදරකාරී ලෙස තිබූ මාළු වෙළෙඳපොළ සැලසුම් සහගත ලෙස ඉදිකර පෑලියගොඩට ගෙන ඒමට එදා එජාපය විරෝධය පෑවේය. තමන් ජයග්‍රහණය කළහොත් "මාළු කඩේ ආයිත් කොච්ච්කඩේට ගෙන එනවා" යෑයි පැවසීය. එවැනි වචනාර්ථයෙන් පමණක්‌ දේශපාලනයේ නියෑළීමට වරාය නගරය ද අද විපක්‍ෂය විසින් උපයෝගි කරගනිමින් සිටියි. එදා තිබූ ජරාජීර්ණ කොළඹ වෙනුවට සුන්දර නව කොළඹක්‌ කෙටි කාලයක්‌ තුළ ගොඩනැඟී තිබේ.

    එජාප ආණ්‌ඩු යටතේ ගෝල්ෙෆ්ස්‌ පිටිය ද විකුණා දැමීමට යෝජනා කර තිබූ අතර එය නතර වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්‌ මගිනි. එවැනි අවදානම් රහිතව ආයෝජකයාගේ කරටම බර දී ඇති වරාය නගර ව්‍යාපෘතිය, එක්‌ පැත්තකින් රටට අලුතෙන් ලැබෙන සම්පතකි. අනෙක්‌ පැත්තෙන් ශ්‍රී ලංකාව වරාය ක්‍ෂේත්‍රයෙන් ලෝකයේ ඉදිරියට ඒමකි. මෙවැනි ව්‍යාපෘති සඳහා බාධා කළ යුත්තේ ශ්‍රී ලංකාවේ වරාය දියුණු වීම නිසාම තමන්ගේ වරායන් පිරිහීමට ලක්‌වන රටවල්ය. නැතිනම් තමන්ගේ වරාය කටයුතු සඳහා ද ශ්‍රී ලංකාවේ වරායන් කරා ඒමට සිදුවෙතැයි සිතන රටවල්ය.

    වරාය අධිකාරියේ සභාපතිවරයා පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ මෙම ව්‍යාපෘතිය නිමා වන විට මෙතෙක්‌ වරාය අධිකාරිය ලබාගෙන ඇති සියලු ණය එයින් ගෙවා නිම කළ හැකි බවය. හම්බන්තොට ඇතුළු වරායන් පහක්‌ සඳහා ගත් ණය ද ඇතුළුව වරාය අධිකාරිය ලබාගෙන ඇති ණය තොගයම මෙයින් ගෙවිය හැකි තැනක තිබේ නම් විවාද කළ යුත්තේ තවත් මෙවැනි නගරයක්‌ ඉදි නොකරන්නේ ඇයි ද යන තැන සිටය.


    * මනෝජ් අබයදීර posted Jun 21, 2014, 10:54 PM by Sameera Colambage
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ne ayye meka mage kathawak newe.mama ahala thiyanawa lankawe politics wala china walata blood relationship ekak tiyana porak innawa kiyala uncle kenek gen.

    mama me katawa net eke dekka eka mama ahala tibba ekata gelapenawa kiyala theruna ekai mama meka attada kiyala balanna demme.

    mama politics gena dapu palaweni comment eka mun mage rep kapanawa hitu kiyala.

    යකෝ:angry::angry::angry::angry::angry: මේක මගේ කතවක් නෙවේ තොපි ගිහින් මේක ලියාපු එකා හොයාගෙන උට බෑනපල්ල:angry::angry::angry:

    මම නම් මේ වෙනකන් කාගෙවත් රේප් කපල නෑ ඕනෑම කෙනෙක්ට අදහසක් දැරීමේ අයිතිය තියෙනවා ඒ වගේම මොන අදහස ඇහුවත් ඒක එහෙම්මමයි කියලා පිළිගන්න යන්නත් එපා තම තමන්ගේ අත්දැකීම් අසු පිරු තැන් ඉගෙනගැනීම් යොදාගෙන ඒවා තේරුම් ගන්න හැමවිටම වටිනා දේවල් අතීතයෙන් ඉගෙනගත හැක
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ne ayye meka mage kathawak newe.mama ahala thiyanawa lankawe politics wala china walata blood relationship ekak tiyana porak innawa kiyala uncle kenek gen.

    mama me katawa net eke dekka eka mama ahala tibba ekata gelapenawa kiyala theruna ekai mama meka attada kiyala balanna demme.

    mama politics gena dapu palaweni comment eka mun mage rep kapanawa hitu kiyala.

    යකෝ:angry::angry::angry::angry::angry: මේක මගේ කතවක් නෙවේ තොපි ගිහින් මේක ලියාපු එකා හොයාගෙන උට බෑනපල්ල:angry::angry::angry:

    wena ekek kiyapu kathawak umbe adahasak wage danna giye Ai ehenam?
    Ekko kalin kiyala dapan menna methanin gaththe kiyala. Rep + dunnama eka thamange wennai -rep dunnama original author ta baninna kiyanawa wage ne ban.
    Anyway mama rep kapuwe naha kApuwath username ekath ekkai kapanne.
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Mama danna widiyata me island eken USA ewunta yanna wenawa 2016 ho 2017.mokadda sagara neethiyak yata the eta passe a dupatha aithi wenne lankawata .me pilibada patali champika ranawaka hodata dannawa mama dekka eya me dupata gena kohehari katha karanawa contact karaganna puluwan kenek innawanam a gena ahala apitath kiyanna.

    ලෝකයෙ ක්‍රියාත්මක වෙන්නෙ එක්සත් ජාතින්ගේ සාගර ප්‍රක්යප්තිය (UNCLOS 3). එක බලපාන්නෙ මුහුදට විතරය එකෙන් අපිට කවදවත් ගොඩබිම් අයිතේ වෙන්නෙ නෑහ.(ඔය කියන ඩියාගො ගර්ශිආ දුපත අමෙරිකව බ්‍රිතන්යයෙන් හුවමාරු කර ගත් එකක් මිසඉල් තාක්ශ්නය වෙනුවෙන් ඊට පස්සෙ අමෑරිකාව එකෙ හිටපු ස්වදෙශිකයන් එලවලා තමඉ එක ඔවුන්ගෙ7වන ෆ්ලීට් එකට දීල තියෙන්නෙ the thing about transfer of nuclear tipped missiles technology to UK is controversial ).

    සාමන්යයෙන් රටකට මුහුදු කලාප 3ක් අයිතිවෙනවා
    1. Territorial sea 0-12 nm
    2. Contiguous zone 12 -24 nm
    3. Exclusive Economic zone 24 -200 nm
    මෙවයෙන් රටෙ නීතිය සම්පුර්නයෙන්ම වගෙ ක්‍රියත්මක වෙන්නෙ පල්වෙනියට මම කියපු කලාපයෙ පමනඊ. ඊතිරි කලාප වලට යද්දි නීතී ටික ටික අඩු වෙනවා.

    අපෙ රට එක්සත් ජාතින්ගේ සාගර සමුලුවට ඉල්ලිමක් කරල තියනවා ලන්කවෙ වෙරල තිරයේ සිට නාවික සතපුම් 400 මුහුදු සීමාවක් දෙන්න කියලා මෙ යොජනාව ඉදිරිපත් කරෙ මෙ ලන්ගදි, එක සලකබලන කොට 2024 විතර වෙනවා.

    ලොකයෙ වෙනත් රටවලට උපරිම ඉල්ලන්න පුලුවන් නවික සෑතපුම් 200ක් පමනඊ. නමුත් ලන්කාව වගෙ විශාල සාගරයක මෑද ඉන්න රටකට පුලුවන් නවික සෑතපුම් 200කට වඩා මුහුදක් ඉල්ලන්න (හෙතුව මෙ නීති හෑදුවෙ ලන්කවෙ කීර්තිමත් නීති විශාරදයකුගෙ ප්‍රමුකත්වයෙන් මට නම නම් මතක නෑහ මෙයා බෙන්ගාලබොක්කට විශෙශ නීති සකස් කලා (අන්න මිනිස්සු)) අපෙ රට නාවික සතපුම් 400 කට වෑඩ් මුහුදක් ඉල්ලන්නෙ මෙ මනුස්සයාට පින් සිද්දවෙන්න. but from 200 nm to 400nm only sea bed will be our property not the water column above it.

    මීට අමතරව අපිට චීනා මෙච්චර ආදරෙ ඈය් කියල හිතන්න පොඩි ලඉන් එකක් කියන්නම්.

    ලොකයෙ මුහුදෙන් කෙරෙන තෙල් ප්‍රවාහනයෙන් 80% , අනික් වෙලදම් වලින් 60% එහා ඉන්දියන් සාගරය හරහා කෙරෙන්නෙ මෙ තෙල් වඩිපුරම යන්නෙ චීනයට මෙ තෙල් ප්‍රවහනය නෑවතුනොත් චීනය කඩගෙන වෑටෙනවා මෙක නවත්වන්න චීනයට ඉන්ඩියානු සගරයෙ ආරක්ශාව අව්ශ්ය වෙනවා. චීනයෙ තරග කරුඅන් වන අමරිකවටත් ඉන්දියවටත් ඉන්දියනු සගරයේ වාරායවල් තිබෙනවා නමුත් චීනයට එහෙම වරායක් නෑහ. චීනයට තිබෙන හොන්දම බල කේන්ද්‍රය තමඉ ලන්කාව නමුත් ඉන්දියව වත් අමෙරිකවවත් චීනය ලන්කාව චීනයට සහය දක්වනවට කමති නහෑ. මෙ ල්ය්න් එකෙන් හිතුවොත් දෑනට ලන්කව චීනය පෑත්තට හුන්ගක් නම්බුරුඉ ඉතෙන් හොන්ඩට හිතුවොත් තෙරේය් ඈය් සමහර රටවල් අපිට හුන්ගක් ආදරෙ හා ස්මහර රටවල් අපිත් එක්ක තරහා ඈය් කියලා මීට අමතරව දන් රටෙ තත්වයත් මෙකෙන්ම හොන්දට අඩ්යයනය කරන්න පුලුවන්.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දුක යනු: ප්‍රදාන දේශපාලන ප්‍රවාහ දෙකම අතීතය ගැන මඩ ගසා ගැනීම් හා ඔළුගෙඩි මාරු කරනවා හැරෙන්න රටේ සැබෑ ප්‍රශ්න, අනාගත සැලසුම් ගැන කථා කරන්න වැඩි අවස්ථාවක් නොදීම.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ම්හ්හ් මම දේශපාලන නූල් වලට reply කරේ නෑ ඒත් මේක දැක්කම යමක් කියන්න හිතුනා

    1. හම්බන්තොට වරාය මහින්දගේම යෝජනාවක් නෙවේ මේක ගොඩක් කල් ඉදං කරන්න හිටපු වැඩක්
    2. අපේ රටේ පිහිටීමත් එක්ක ජ්‍යත්‍යන්තර වරාය ගමන් මාර්ගය වඩාත්ම ලග හම්බන්තොටට කොටින්ම මගේ යාලුවෝ නැව් වල ඉන්නවා උන්ගේ phone වලට mobitel,dialog signal වදිනවා. ඔය හරියෙන් යද්දී මට කතා කරලත් තියෙනවා
    3. මේ වරාය හැම පහසුකමක් එක්ක හැදුනොත් වැඩියෙන්ම පාඩු නැගෙනහිර ආසියාතික රටවල් වලට විශේෂයෙන් සිංගප්පුරුවට (තෙල් පිරිපහදුවක් එක්කම)
    4. ඉහත හේතුව නිසා වෙන්න පුළුවන් මේක මෙච්චර කල් ගියේ හදන්න
    5. මහින්ද ආවත් මයිත්‍රී ආවත් මේක ඉස්සරහටත් දියුණු කරන්න ඕන දෙයක්

    එතකොට මේකේ ප්‍රශ්න මොකුත්ම නැද්ද ?

    1. මේක රට ඇතුලට හාරලා හැදුව නිසා මුහුදේ හදනවාට වඩා කාලය අඩුවෙන් හදන්න පුළුවන් උනා, ගසා කෑම ගැන නම් දන්නේ නෑ ඒත් ගොඩබිම හාරලා හදපු නිසා මුහුදේ හදනවාට වඩා අඩුවෙන් වියදම් වෙන්න ඕන හැබැයි මේකේ ප්‍රශ්නයක් තියෙනවා මේකේ වැලි පිරිම මුහුදේ තියෙන වාරයකට වඩා වැඩයි ඒක නිසා මුහුදු වරායකට වඩා නිතර වැලි ඉවතට පොම්ප කරන්න වෙයි
    2. මේකේ ගලක් තිබ්බා ඒක අයින් කරන්න කලින් වතුර පිරවීමෙන් ගල අයින් කරේ වතුර යටදී (master divers ලා කරේ, මගේ යාලුවෙක් project එකේ වැඩ කලා) ඒකෙන් වියදම වැඩි උනා

    අවසන් කිරීම
    මේක මහින්ද කරපු හොද වැඩක් ගසා කෑම දේශපාලන හේතු මත කලින් වතුර පිරවීම වැනි කාරණා ඇරුනාම

    දුක යනු: ප්‍රදාන දේශපාලන ප්‍රවාහ දෙකම අතීතය ගැන මඩ ගසා ගැනීම් හා ඔළුගෙඩි මාරු කරනවා හැරෙන්න රටේ සැබෑ ප්‍රශ්න, අනාගත සැලසුම් ගැන කථා කරන්න වැඩි අවස්ථාවක් නොදීම.

    ube rep kapeida manda bn owa kiyanna gihin :no:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,535
    113
    දුක යනු: ප්‍රදාන දේශපාලන ප්‍රවාහ දෙකම අතීතය ගැන මඩ ගසා ගැනීම් හා ඔළුගෙඩි මාරු කරනවා හැරෙන්න රටේ සැබෑ ප්‍රශ්න, අනාගත සැලසුම් ගැන කථා කරන්න වැඩි අවස්ථාවක් නොදීම.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දුක යනු: ප්‍රදාන දේශපාලන ප්‍රවාහ දෙකම අතීතය ගැන මඩ ගසා ගැනීම් හා ඔළුගෙඩි මාරු කරනවා හැරෙන්න රටේ සැබෑ ප්‍රශ්න, අනාගත සැලසුම් ගැන කථා කරන්න වැඩි අවස්ථාවක් නොදීම.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දුක යනු: ප්‍රදාන දේශපාලන ප්‍රවාහ දෙකම අතීතය ගැන මඩ ගසා ගැනීම් හා ඔළුගෙඩි මාරු කරනවා හැරෙන්න රටේ සැබෑ ප්‍රශ්න, අනාගත සැලසුම් ගැන කථා කරන්න වැඩි අවස්ථාවක් නොදීම.


    :yes::yes::yes::yes::yes: :no::no::no::no: