චීන්නු_මහින්දට

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    ඇන්ගෝලාවට චීනේ දුන්නා මේ වගේම ගේමක් උන්ගේ යුද්දේ ඉවර උනාම. ඒ ටොපියම කෑව අපේ බුරුස් රැවුලත්. නිකන් හිතපල්ලා සුද්දා හැදුවට පස්සේ එක කෝච්චි පාරක් අලුතෙන් හැදාගන්න සල්ලි නෑ. ඉතින් කෝමද බන් එක පාර මහා පරිමාණ ප්‍රොජෙක්ට් නිකන් හැටට හැටේ කරන්න සල්ලි එන්නේ යුද්දයක් ඉවර උන ගමන්. දැන් වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි. අපි 4 වෙනි පාරටත් යටත් විජිතයක් උනා මැදමුලනේ රජා නිසා , ඊට කලින් 70 කොරපු උන් ටික නිසා වෙන උන්ගේ නිල නොලත් යටත් විජිත වෙලත් ඉවරයි. යටත් විජිත මිශ්‍රයක ඉන්නේ දැන් උන් මේක බෙදාගන්න මරාගන්නවා ඉස්සරට තැලෙන්නේ ලංකාවේ මිනිස්සු , දේසපාලුවෝ ටික නම් රට පනී උබලට තමා යන එන මන් නැති වෙන්නේ. තට්ටම් යට සුවට නිදන සියලු පක්ෂවල වහල්ලුන්ට පුලුවන් රෙප් කපන්න කැපුව කියල රට ගොඩ එන්නේ නෑ , උබලගේ ගෝත කතිර ගැහිල නිසා තව වලපල්ලට යනවා විතරයි

    මහින්ද කියන්නේ මෝඩයෙක් ඒවගේම සල්ලි පෙරේතයෙක් ඔය දෙකම එකට එකතු උනහම නිකං අස්සයට අං හයි කරා වගේ තමයි

    දැන් ඔය 2020 ගෙන්න හදන ලෝඩ් පකිර්රුත් එයිට එහා ගිය ඩයල් එකක් මිනිහ මෝඩයෙක් ,සල්ලි පෙරේතයෙක් සහ මිනිමරුවෙක් .
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යකෝ මෙච්චරකල් ගිහිල්ලා විගණනය වෙලා නැත්තේ මොකෝ?
    කාගෙද වැරැද්ද???? ෆයිල් හංගන් දෙතුන්ගොල්ල මිනිස්සුන්ට කොකා පෙන්නනවා නේද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මහින්ද කියන්නේ මෝඩයෙක් ඒවගේම සල්ලි පෙරේතයෙක් ඔය දෙකම එකට එකතු උනහම නිකං අස්සයට අං හයි කරා වගේ තමයි

    දැන් ඔය 2020 ගෙන්න හදන ලෝඩ් පකිර්රුත් එයිට එහා ගිය ඩයල් එකක් මිනිහ මෝඩයෙක් ,සල්ලි පෙරේතයෙක් සහ මිනිමරුවෙක් .

    හරියට නඩුවක් ෆයිල් කරගන්නවත් බැරි උනානේ අවුරුදු තුන හමාරක් ගිහිල්ලත්...ඒ මොකෝ ඒ??? :baffled:
     
    Akilamalli

    Junior member
  • Oct 23, 2007
    188
    6
    18
    ඇමරිකාව සහ ඉන්දියාවත්, චීනයත් අතර ඇති භූ දේශපාලනික ගැටුම පෙන්වන ලිපියක්. මේ ලිපියේ මගහරින මූලිකම කරුණු දෙකක් තියෙනවා. එකක් තමා මේ වරාය වික්කේ වර්තමාන ආණ්ඩුව කියන එක. අපි හිතමු බැරිවෙලාවත් 2015 රාජපක්ෂ ආණ්ඩුව දිනුව කියලා. එහෙමනං කවදාවත් වරාය චීනයට විකුණයිද? කිසිසේත්ම නෑ. වරාය ව්‍යාපෘතිය තමා රාජපක්ෂ යුගයේ අග්‍ර ඵලය ලෙස හුවා දැක්වූයේ. එය විකිණීම රාජපක්ෂ ආණ්ඩුවට සියදිවි නසා ගැනීමක් වෙනවා. මේ නිසා චීනය මේකට ආයෝජනය කරේ දිගු කාලීන හමුදාමය අරමුණකට කියන කතාව පුස්සක් වෙනවා. මොකද එහෙනං චීනය මේකට ණය දීලා තියෙන්නෙ රාජපක්ෂ පැරදිලා රනිල් ඇවිල්ලා මේක චීනයට විකුණයි කියා බලාගෙන. කොන්ඩේ කපපු චීන්නුවත් පිළිගන්නෙ නැති කතාවක් ඒක

    අනෙක් කාරණය ණය ගෙවන්ඩ බැරි නිසා වික්ක කියන එක. වරාය අධිකාරය යටතේ තමා මේ ණය ක්‍රියාත්මක උනේ. වරාය අධිකාරිය මෙය විකුණන විට කිසිම මූල්‍ය අර්බුදයක හිටියේ නෑ. හම්බන්තොට ණයත් ගෙවලා ලාභ ලබමින් හිටියේ. මේ විකුණපු මුදල් ගියේ වරායෙ ණය ගෙවන්ඩද? කිසිසේත්ම නෑ. මහබැංකු අධිපතිතුමාම එවකට ප්‍රකාශ කරා මේ මුදල් විනිමය සංචිත අර්බුදය තාවකාලිකව පියවන්ඩ යොදාගත් බව. මේ විනිමය සංචිත අර්බුදය ඇති උනේ වත්මන් ආණ්ඩුව ආවට පසු ඡන්ද පොරොන්දු සහ ඡන්ද ගුණ්ඩු දීමට රාජ්‍ය වියදම් ඉහළ යාම නිසා. ඒ වගේම සීමාවකින් තොරව ඒ වියදම් පියවන්ඩ කෙටි කාලීන ණය ගැනීම නිසා. තාමත් මේ ණය ගෙවන්නෙ වරාය අධිකාරියමයි.

    මේ ලිපියෙන් පේන්නෙ අද වන විට වරාය විකිණීම නිසා ඇමරිකාව සහ චීනය අතර ඇති භූ දේශපාලන යුද්ධයේ යුධ බිමක් බවට ලංකාව පත් වෙමින් ඇති බව. මේක වරාය විකුණන්ඩ විරුද්ධ වූ පාර්ශව දිගින් දිගටම අනතුරු හැගවූ කරුණක්. වරාය විකිණීම වැරදි තීන්දුවක් බව මේ ලිපියෙනුත් තහවුරු වෙනවා.

    කොහොම වෙතත් මේ කාරණා නිව් යෝක් ටයිම්ස් එකට මග හැැරෙන්නේ අහම්බයෙන් නොවේ. අපේ සිරස අයටිඑන් විතරක් නොවේ දේශපාලන න්‍යායපත්‍ර අනුව වැඩ කරන මාධ්‍ය වෙන්නෙ. ඉංගිරිසි නම් තිබුනත්, ඇමරිකාවෙ එංගලන්තෙ තිබුනත් හැම මාධ්‍යයකටම දේශපාලන න්‍යායපත්‍රයක් තියෙනවා. නමුත් ලිබරල් ලිං මැඩියන් සිතා ඉන්නෙ එසේ නොවන බවයි. ඔවුන්ට අනුව නිව් යෝක් ටයිම්ස් එකේ යන්නෙ දේව වාක්‍යයි.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මහින්ද කියන්නේ මෝඩයෙක් ඒවගේම සල්ලි පෙරේතයෙක් ඔය දෙකම එකට එකතු උනහම නිකං අස්සයට අං හයි කරා වගේ තමයි

    දැන් ඔය 2020 ගෙන්න හදන ලෝඩ් පකිර්රුත් එයිට එහා ගිය ඩයල් එකක් මිනිහ මෝඩයෙක් ,සල්ලි පෙරේතයෙක් සහ මිනිමරුවෙක් .

    Please wait...
    විදග්ධ පුක් ශෝධක
    is on working now!!!
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇමරිකාව සහ ඉන්දියාවත්, චීනයත් අතර ඇති භූ දේශපාලනික ගැටුම පෙන්වන ලිපියක්. මේ ලිපියේ මගහරින මූලිකම කරුණු දෙකක් තියෙනවා. එකක් තමා මේ වරාය වික්කේ වර්තමාන ආණ්ඩුව කියන එක. අපි හිතමු බැරිවෙලාවත් 2015 රාජපක්ෂ ආණ්ඩුව දිනුව කියලා. එහෙමනං කවදාවත් වරාය චීනයට විකුණයිද? කිසිසේත්ම නෑ. වරාය ව්‍යාපෘතිය තමා රාජපක්ෂ යුගයේ අග්‍ර ඵලය ලෙස හුවා දැක්වූයේ. එය විකිණීම රාජපක්ෂ ආණ්ඩුවට සියදිවි නසා ගැනීමක් වෙනවා. මේ නිසා චීනය මේකට ආයෝජනය කරේ දිගු කාලීන හමුදාමය අරමුණකට කියන කතාව පුස්සක් වෙනවා. මොකද එහෙනං චීනය මේකට ණය දීලා තියෙන්නෙ රාජපක්ෂ පැරදිලා රනිල් ඇවිල්ලා මේක චීනයට විකුණයි කියා බලාගෙන. කොන්ඩේ කපපු චීන්නුවත් පිළිගන්නෙ නැති කතාවක් ඒක

    අනෙක් කාරණය ණය ගෙවන්ඩ බැරි නිසා වික්ක කියන එක. වරාය අධිකාරය යටතේ තමා මේ ණය ක්‍රියාත්මක උනේ. වරාය අධිකාරිය මෙය විකුණන විට කිසිම මූල්‍ය අර්බුදයක හිටියේ නෑ. හම්බන්තොට ණයත් ගෙවලා ලාභ ලබමින් හිටියේ. මේ විකුණපු මුදල් ගියේ වරායෙ ණය ගෙවන්ඩද? කිසිසේත්ම නෑ. මහබැංකු අධිපතිතුමාම එවකට ප්‍රකාශ කරා මේ මුදල් විනිමය සංචිත අර්බුදය තාවකාලිකව පියවන්ඩ යොදාගත් බව. මේ විනිමය සංචිත අර්බුදය ඇති උනේ වත්මන් ආණ්ඩුව ආවට පසු ඡන්ද පොරොන්දු සහ ඡන්ද ගුණ්ඩු දීමට රාජ්‍ය වියදම් ඉහළ යාම නිසා. ඒ වගේම සීමාවකින් තොරව ඒ වියදම් පියවන්ඩ කෙටි කාලීන ණය ගැනීම නිසා. තාමත් මේ ණය ගෙවන්නෙ වරාය අධිකාරියමයි.

    මේ ලිපියෙන් පේන්නෙ අද වන විට වරාය විකිණීම නිසා ඇමරිකාව සහ චීනය අතර ඇති භූ දේශපාලන යුද්ධයේ යුධ බිමක් බවට ලංකාව පත් වෙමින් ඇති බව. මේක වරාය විකුණන්ඩ විරුද්ධ වූ පාර්ශව දිගින් දිගටම අනතුරු හැගවූ කරුණක්. වරාය විකිණීම වැරදි තීන්දුවක් බව මේ ලිපියෙනුත් තහවුරු වෙනවා.

    කොහොම වෙතත් මේ කාරණා නිව් යෝක් ටයිම්ස් එකට මග හැැරෙන්නේ අහම්බයෙන් නොවේ. අපේ සිරස අයටිඑන් විතරක් නොවේ දේශපාලන න්‍යායපත්‍ර අනුව වැඩ කරන මාධ්‍ය වෙන්නෙ. ඉංගිරිසි නම් තිබුනත්, ඇමරිකාවෙ එංගලන්තෙ තිබුනත් හැම මාධ්‍යයකටම දේශපාලන න්‍යායපත්‍රයක් තියෙනවා. නමුත් ලිබරල් ලිං මැඩියන් සිතා ඉන්නෙ එසේ නොවන බවයි. ඔවුන්ට අනුව නිව් යෝක් ටයිම්ස් එකේ යන්නෙ දේව වාක්‍යයි.

    හුඟක් ඒවා විකුණන එක වෙනුවට දාන වචනේ තමා ආයෝජනය කරනවා කියන්නේ...
    චීනයෙන් ලොකු ආයෝජනයක් ඇවිල්ලා තියෙනවා අපි හදපු වරායට.... ගලක් තිබ්බ කිව්ව වරායට මාලුන්ට පීනන්න පොකුනක් හැදුවා කිව්ව එවුන්ට ගොඩාක් රිදෙයි ආ... අපේ ජනාධිපතිතුමා චීන නායකායගේ සමීප මිතුරෙක්.. අනාගතය චීනයට බර වැඩියි. ශෙයා කරන්න

    මහින්ද පැරදුනේ නැත්නම් වෙන්නේ ඕක...ලොකු ලොකු රටවල් වලට ප්ලෑන්ස් තියේ.. අපි ඒවයේ ඉත්තො...
    ඔය අල්ලස් කතා ගැන නම් කියන්න තියෙන්නේ පරීක්ෂණ කරලා පෙන්වන්න කියලා...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113

    හරියට නඩුවක් ෆයිල් කරගන්නවත් බැරි උනානේ අවුරුදු තුන හමාරක් ගිහිල්ලත්...ඒ මොකෝ ඒ??? :baffled:

    ඒ සිරිසේනගෙයි රනිල් ගෙයි ඩිල් තමයි
    මිනිස්සු ඉන්නේ ෂෝ එක බලන්න විතරයි
    හැමදාම නළුවෝ ඒ ගොල්ලෝ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ සිරිසේනගෙයි රනිල් ගෙයි ඩිල් තමයි
    මිනිස්සු ඉන්නේ ෂෝ එක බලන්න විතරයි
    හැමදාම නළුවෝ ඒ ගොල්ලෝ

    එහෙනම් මොකෝ මේ මහින්ද අල්ලන් අතීතේම ඉන්නේ...
    මේ දැන් ඉන්න යක්කුන්ට බැනහන්...
    මහින්දගේ වෙනස්වීම මිනිස්සු ප්‍රතික්ෂේප කලානේ...
    ඒ දවස්වල කියපු විදිහට නීතිය ක්‍රියාත්මක නොකලාට මුන්ට බැනහන්...
    අතීතේ විතරක්ම ඉන්න එපා
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇමරිකාව සහ ඉන්දියාවත්, චීනයත් අතර ඇති භූ දේශපාලනික ගැටුම පෙන්වන ලිපියක්. මේ ලිපියේ මගහරින මූලිකම කරුණු දෙකක් තියෙනවා. එකක් තමා මේ වරාය වික්කේ වර්තමාන ආණ්ඩුව කියන එක. අපි හිතමු බැරිවෙලාවත් 2015 රාජපක්ෂ ආණ්ඩුව දිනුව කියලා. එහෙමනං කවදාවත් වරාය චීනයට විකුණයිද? කිසිසේත්ම නෑ. වරාය ව්‍යාපෘතිය තමා රාජපක්ෂ යුගයේ අග්‍ර ඵලය ලෙස හුවා දැක්වූයේ. එය විකිණීම රාජපක්ෂ ආණ්ඩුවට සියදිවි නසා ගැනීමක් වෙනවා. මේ නිසා චීනය මේකට ආයෝජනය කරේ දිගු කාලීන හමුදාමය අරමුණකට කියන කතාව පුස්සක් වෙනවා. මොකද එහෙනං චීනය මේකට ණය දීලා තියෙන්නෙ රාජපක්ෂ පැරදිලා රනිල් ඇවිල්ලා මේක චීනයට විකුණයි කියා බලාගෙන. කොන්ඩේ කපපු චීන්නුවත් පිළිගන්නෙ නැති කතාවක් ඒක

    අනෙක් කාරණය ණය ගෙවන්ඩ බැරි නිසා වික්ක කියන එක. වරාය අධිකාරය යටතේ තමා මේ ණය ක්‍රියාත්මක උනේ. වරාය අධිකාරිය මෙය විකුණන විට කිසිම මූල්‍ය අර්බුදයක හිටියේ නෑ. හම්බන්තොට ණයත් ගෙවලා ලාභ ලබමින් හිටියේ. මේ විකුණපු මුදල් ගියේ වරායෙ ණය ගෙවන්ඩද? කිසිසේත්ම නෑ. මහබැංකු අධිපතිතුමාම එවකට ප්‍රකාශ කරා මේ මුදල් විනිමය සංචිත අර්බුදය තාවකාලිකව පියවන්ඩ යොදාගත් බව. මේ විනිමය සංචිත අර්බුදය ඇති උනේ වත්මන් ආණ්ඩුව ආවට පසු ඡන්ද පොරොන්දු සහ ඡන්ද ගුණ්ඩු දීමට රාජ්‍ය වියදම් ඉහළ යාම නිසා. ඒ වගේම සීමාවකින් තොරව ඒ වියදම් පියවන්ඩ කෙටි කාලීන ණය ගැනීම නිසා. තාමත් මේ ණය ගෙවන්නෙ වරාය අධිකාරියමයි.

    මේ ලිපියෙන් පේන්නෙ අද වන විට වරාය විකිණීම නිසා ඇමරිකාව සහ චීනය අතර ඇති භූ දේශපාලන යුද්ධයේ යුධ බිමක් බවට ලංකාව පත් වෙමින් ඇති බව. මේක වරාය විකුණන්ඩ විරුද්ධ වූ පාර්ශව දිගින් දිගටම අනතුරු හැගවූ කරුණක්. වරාය විකිණීම වැරදි තීන්දුවක් බව මේ ලිපියෙනුත් තහවුරු වෙනවා.

    කොහොම වෙතත් මේ කාරණා නිව් යෝක් ටයිම්ස් එකට මග හැැරෙන්නේ අහම්බයෙන් නොවේ. අපේ සිරස අයටිඑන් විතරක් නොවේ දේශපාලන න්‍යායපත්‍ර අනුව වැඩ කරන මාධ්‍ය වෙන්නෙ. ඉංගිරිසි නම් තිබුනත්, ඇමරිකාවෙ එංගලන්තෙ තිබුනත් හැම මාධ්‍යයකටම දේශපාලන න්‍යායපත්‍රයක් තියෙනවා. නමුත් ලිබරල් ලිං මැඩියන් සිතා ඉන්නෙ එසේ නොවන බවයි. ඔවුන්ට අනුව නිව් යෝක් ටයිම්ස් එකේ යන්නෙ දේව වාක්‍යයි.

    :yes::yes::yes:
    ඇත්තටම මාධ්‍ය මේව උන්ගේ පැවැත්මට දේශපාලනීකරණය කරලයි තියෙන්නේ... හම්බන්තොට ලබන ආදායම කෙමෙන් ඉහල යන අවස්ථාවක තමයි මේක වික්කේ.... රන් බිජු ලන කිකිලිය විකුණන්නේ උනේ වත්මන් ආණ්ඩුවේ නොහැකියාව නිසයි.... මහබැංකු වංචාවත් එක්ක විදේශ සංචිත විශාල වශයෙන් කඩාවැටුනා විදෙස් ආයෝජකයෝ ආයෝජන වලින් ඉවත්වීම නිසා... ඒ නිසා රජයට සිද්ද උනා විදේශ සංචිත පුමාණය වැඩි කරගන්න .....වරාය විකුණන්න ආසන්නතම හේතුව....
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113

    එහෙනම් මොකෝ මේ මහින්ද අල්ලන් අතීතේම ඉන්නේ...
    මේ දැන් ඉන්න යක්කුන්ට බැනහන්...
    මහින්දගේ වෙනස්වීම මිනිස්සු ප්‍රතික්ෂේප කලානේ...
    ඒ දවස්වල කියපු විදිහට නීතිය ක්‍රියාත්මක නොකලාට මුන්ට බැනහන්...
    අතීතේ විතරක්ම ඉන්න එපා

    මෙහෙමනේ මචං මේ ත්‍රෙඩ් එකේ ටොපික් එක අතීතයට සම්බන්ද එකක්නේ
    ඉතිං යන්නේ කොහෙද මල්ලේ පොල් බෑනේ
    අපි මහින්දව එලොව්ව වගේම මුන් වත් එලවනවා ආයේ එන්න දෙන්නත් නෑ ...

    පරණ පුරුද්දට මහින්දයට බන්නේ නැත්නම් දවසම කෑවේ නෑ වගේ ෆිලින් එකක් එනව සොරි හොදේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ජාත්‍යන්තර කුමන්ත්‍රණ..
    ජෝක්ස් එකක් වගේද එහෙම කිව්වම.. :rofl:
    ඊලග ජනාදිපති තීරණේ කරන්නෙ ලංකාවෙ මිනිස්සු නෙවේ ඒක තමයි තිත්ත ඇත්ත..
    දැනටම කැම්පේන් ටික පටන් අරන් තියෙන්නෙ..

    :D

    තව සීන් එකක් තියනව..

    හොරා හොරා සීන් එක මේ ආණ්ඩුවෙන් වවන් කාල පුක දීල දැන් මිනිස්සුන්ට ඕක ගානක් නෑ..
    මහින්ද රටම චීනෙට වික්ක කිව්වත් මිනිස්සුන්ට ගානක් නෑ එපා වෙලා තියෙන්නෙ..
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113

    මෙහෙමනේ මචං මේ ත්‍රෙඩ් එකේ ටොපික් එක අතීතයට සම්බන්ද එකක්නේ
    ඉතිං යන්නේ කොහෙද මල්ලේ පොල් බෑනේ
    අපි මහින්දව එලොව්ව වගේම මුන් වත් එලවනවා ආයේ එන්න දෙන්නත් නෑ ...

    පරණ පුරුද්දට මහින්දයට බන්නේ නැත්නම් දවසම කෑවේ නෑ වගේ ෆිලින් එකක් එනව සොරි හොදේ

    ඒකනේ බොට අපි

    විදග්ධ පුක් ශෝධක

    කියන්නේ.

    පුකක් හේදුවේ නැත්තන් ඉතිං කෑවේ නෑ වගේ තමයි බොට.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    එරෝසන් ගූ කබරයා උබට වෙන මුකුත්ම කියාගන්න බැ නේද

    වෙන මොනවා කියන්නද බං. මම උඹේ පුක් හේදිල්ල දිහා බලන් ඉන්නවා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    වෙන මොනවා කියන්නද බං. මම උඹේ පුක් හේදිල්ල දිහා බලන් ඉන්නවා.

    එරෝසන් උබ මට ගූ බයයි නේද ?
    අවුලක් නෑ දැන් උබේ එකවුන්ට් එකන් වරෙන් මම උබට ගහන්නේ නෑ
     
    • Like
    Reactions: sandaru d

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    (2018 ජුනි 25 වැනි දින New York Times පුවත්පතේ පළවූ මරියා අබි-හබීබ් විසින් ලියන ලද ගවේෂණාත්මක වාර්තාවේ සම්පූර්ණ සහ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය - පළමු කොටස)
    හම්බන්තොට, ශ්‍රී ලංකාව-- ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ, සිය සිහින වරාය ව්‍යාපෘතිය සඳහා ණය සහ ආධාර ලබාගැනීම පිණිස සිය චීන මිතුරන් වෙත ගිය සෑම අවස්ථාවකම ලැබුණේ එකම එක පිළිතුරකි: එනම්, "ඔව්" යන්නයි. එසේ ය; ඒ, සෑම ශක්‍යතා අධ්‍යයන වාර්තාවක්ම මෙම ව්‍යාපෘතිය අසාර්ථක වන බව පවසද්දී ය; ඉන්දියාව ද ඇතුළුව ලංකාවට නිතර ණය දෙන සෑම රටක්ම ණය දීම ප්‍රතික්ෂේප කරද්දී ය; ලංකාවේ ණය බර රාජපක්ෂ යටතේ වේගයෙන් ප්‍රසාරණය වද්දී ය.

    බෙයිජිංහි රාජ්‍ය සංස්ථාවක් වන China Harbor Engineering Company සමග වසර ගණනක් පුරා කෙරුණු ඉදිකිරීම් සහ කේවල්කිරීම් අවසානයේ, හම්බන්තොට ව්‍යාපෘතිය කැපී පෙනුණේ එකම එක කරුණක් හේතුවෙනි; එනම්, අසාර්ථක වීම හේතුවෙනි. වසරකට නැව් දස දහස් ගණනක් හම්බන්තොට පසුකර යද්දී, 2012 වසරේ හම්බන්තොටට ආකර්ෂණය කරගැනීමට හැකි වූයේ නැව් 34කි.

    ඉන්පසුව එය ද චීනයට සින්නක්කර විය.

    රාජපක්ෂ මහතා 2015දී බලයෙන් පහකිරීමෙන් පසුව ද, බලයට පත්වූ නව රජය, රාජපක්ෂ විසින් ගන්නා ලද ණය ගෙවාගැනීමට නොහැකිව සිර වී සිටියේ ය. චීනයෙන් එල්ල වූ දැවැන්ත පීඩනය මැද මාස ගණනක් තිස්සේ දිග්ගැස්සෙමින් ඉදිරියට ගිය සාකච්ඡා සහ කේවල්කිරීම් අවසානයේ, පසුගිය දෙසැම්බරයේදී හම්බන්තොට වරාය සහ ඒ අවට අක්කර 1,500ක භූමිය චීනයට 99-අවුරුදු බද්දට පවරාදීමට ශ්‍රී ලංකා රජයට සිදුවිය. ගනුදෙනුව අවසානයේ සිය එදිරිවාදී රටක් වන ඉන්දියාවට සැතපුම් සිය ගණනක් ආසන්නයේ පිහිටි භූමියකට අයිතිවාසිකම් කීමට පමණක් නොව, ආර්ථික සහ හමුදාමය වශයෙන් අතිශය වැදගත් ගමන් මාර්ගයක පිහිටි මර්මස්ථානයක් සම්පූර්ණයෙන්ම සිය'තට ගැනීමට ද චීනයට හැකියාව ලැබිණි. ටයිම්ස් සඟරාවේ ගණන්බැලීම් අනුව මෙසේ පසුගිය දශකය තුළ චීනය විසින් "සහය දෙන ලද" වරාය ව්‍යාපෘති 35ක් ලෝකය පුරා විසිරී පවතී. (සිතියම සඳහා පළමු කමෙන්ටුව බලන්න.)

    රටවලට ණය දීම මාර්ගයෙන් බලය තහවුරු කරගැනීමේ (සහ ණය හිලව් කරගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමේ) චීන න්‍යාය පිළිබඳව, ශ්‍රී ලංකාවේ සිද්ධිය විචිත්‍රවත් උදාහරණයකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ණය ගනුදෙනුව, චීන ජනාධිපති ශී ජින් පිංගේ "Belt and Road" ව්‍යාපෘතිය සම්බන්ධ තවත් දරුණුතම විවේචනයකට ද හේතුවිය; එනම්, දුර්වල රටවල් වලට ආයෝජන සහ ණය ලබා දී, ගෙවාගත නොහැකි ණය උගුලක සිරකිරීම සහ එමගින් එකී රටවල වංචා-දූෂණ-අක්‍රමිකතා සහ පවුල් පාලනය තරකිරීමට සහය දීම පිළිබඳව ය.

    මාස ගණනක් තිස්සේ මෙම වරාය ව්‍යාපෘතිය සම්බන්ධ ශ්‍රී ලාංකීය, ඉන්දීය, චීන සහ බටහිර රටවල බලධරයන් සමග කරන ලද සම්මුඛ සාකච්ඡා සහ ගිවිසුම් සහ ලියකියවිලි අධ්‍යයනය කිරීමෙන් පසුව, චීනය සහ ඊට අයත් සමාගම්, මුදලට කෑදර කුඩා රටක් සම්පූර්ණයෙන්ම සිය අණසකට ගත් ආකාරය විමසා බැලීමට අපට දැන් හැකියාව ලැබී තිබේ.

    * 2015 ජනාධිපතිවරණ සමයේදී චීන වරාය ඉදිකිරීම් අරමුදලෙන් දැවැන්ත මුදල් ප්‍රමාණයන් රාජපක්ෂ ප්‍රචාරණ කඳවුර වෙත ඍජුවම ගලාගියේ ය. ඒ, රාජපක්ෂ සෑම විටකම චීන කොන්දේසිවලට නැමුණු අයෙකු වීම සහ, ඉන්දියාව සහ දකුණු ආසියාවේ බල තුලනය චීනය දෙසට නම්මවාගැනීමේ ව්‍යාපෘතියේදී චීනයේ සුවචයකු ලෙස ඔහු හඳුනාගනු ලැබීම හේතුවෙනි. මෙම ගනුදෙනු මේ ආකාරයට සිදු වූ බව, ඒ සම්බන්ධ රාජ්‍ය පරීක්ෂණයක් මගින් අනාවරණ කරගෙන විස්තර වශයෙන් දක්වනු ලැබූ ලිපි සහ මුදල් චෙක්පත් පරීක්ෂා කිරීම මගින් තහවුරු කරගැනීමට The New York Times වන අපට හැකියාව ලැබිණි.

    * හම්බන්තොට වරාය පිළිබඳව චීන උනන්දුව හුදෙක්ම ආර්ථිකමය බව චීන විශ්ලේෂකයන් අවධාරණය කරන දෙයකි; එහෙත්, ශ්‍රී ලාංකික බලධරයන් පවසන්නේ ආරම්භයේ පටන්ම බුද්ධිමය සහ උපායමාර්ගික කරුණු ද සාකච්ඡාවල වැදගත් මාතෘකාවක් වූ බවයි.

    * මුලදී ලිහිල් කොන්දේසි මත ණයදීම ඇරඹුණත්, කාලසීමාව කේවල්කිරීම සහ අමතර මුදල් අයැදීම සමග මෙකී කොන්දේසි ක්‍රමක්‍රමයෙන් දැඩි විය. ණයෙන් නිදහස් වීමට ශ්‍රී ලාංකීය බලධරයන් ආයාස දරනවිට, චීන කොන්දේසි වරායේ අයිතිය වෙත කේන්ද්‍රගත විය.

    * මෙම ගනුදෙනුවෙන් පසුව වරාය ගනුදෙනුවට අදාළව චීනය වෙත ලංකාවේ පැවති ණයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක් කපාහරිනු ලැබුණත්, වෙනත් චීන ණය තවමත් පැවතීම සහ ඒවායේ පොළී අනුපාතික, ලෝකයේ වෙනත් ණය දෙන ආයතනවලට වඩා බෙහෙවින් වැඩි වීම හේතුවෙන්, ලංකාව වෙන කවරදාටත් වඩා චීනයට ණය වී සිටියි.

    මෙම ලිපිය සම්බන්ධව අදහස් දැක්වීම පිණිස රාජපක්ෂ මහතා හෝ ඔහුගේ නියෝජිතයන් සම්බන්ධ කරගැනීමට මාස ගණනක් තිස්සේ උත්සාහ දැරුවත්, රාජපක්ෂගෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණි. චීන වරාය ව්‍යාපෘති නිලධරයන්ගෙන් ද කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

    ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශ වාර්තාවලින් මෙම තත්ත්වය පිළිබඳව අඳුරු චිත්‍රය මනාව පෙනේ. මෙම වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ ආදායම වන්නේ ඩොලර් බිලියන 14.8කි. එහෙත් ශ්‍රී ලංකාවට, ලෝකය වටා විසිරී සිටින ණයහිමියන්ට ගෙවීමට ඇති ආපසුගෙවීම් ප්‍රමාණය ඩොලර් බිලියන 12.3කි.

    ඉන්දීය රජයේ උපදේශකයකු මෙන්ම නවදිල්ලියේ පිහිටි ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයක් වන Center for Policy Researchහි විශ්ලේෂකයකු වන බ්‍රහ්මා ශෙලානි මෙසේ පවසයි: "රටක් යටත් කරගැනීමට ඇත්තේ මාර්ග දෙකකි: එකක් කඩුව ය, අනෙක ණය යැයි ඇඩම් ස්මිත් පවසා තිබේ; චීනය දෙවැන්න තෝරාගෙන තිබේ." ඉන්දියාව විශේෂයෙන්ම මේ ගනුදෙනුව පිළිබඳව අවධානය යොමුකරන්නේ, ණය හිළව්වට ලංකාවේ හමුදාමය මර්මස්ථාන පාවිච්චි කිරීමේ අයිතිය චීනය විසින් ඉල්ලා සිටීමේ හැකියාව නිසා ය. (අවසාන ගිවිසුම ප්‍රකාරව, ශ්‍රී ලංකාවේ ආරාධනයකින් තොරව චීනයට ශ්‍රී ලංකාවේ හමුදා ක්‍රියාකාරකම්වල නිරත විය නොහැකි ය.) "හම්බන්තොට ආයෝජනය සාධාරණීකරණය කිරීමට ඇත්තේ එකම එක පදනමකි; එනම්, ජාතික ආරක්ෂාවයි. ඔවුන් අනිවාර්යයෙන්ම චීන හමුදාව ගොඩබානු ඇතැයි" ඉන්දීය හිටපු විදේශ කටයුතු ලේකම් සහ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ශිවශංකර් මෙනන් පවසයි.

    චීනය සහ ලංකාව අතර දීර්ඝ කාලයක පටන්, එනම්, චීන විප්ලවයෙන් පසුව මාවෝ රජය පිළිගැනීමේ කාලයේ පටන්, පැවත එන සුහද සබඳතා පවතී. එහෙත් චීනය අමතක කළ නොහැකි මිතුරකු වන්නේ වසර 26ක් පුරා දිග්ගැස්සුණු දමිළ බෙදුම්වාදී ගැටුම් සමයේ පටන් ය. වර්ෂ 2005දී ජනාධිපති පදවියට පත්කරගන්නා ලද රාජපක්ෂ ජනාධිපති ධුරය හොබවන්නේ, මානව හිමිකම් කඩකිරීම සම්බන්ධව ශ්‍රී ලංකාව ලෝකයෙන්ම හුදෙකලාව කරනු ලැබ සිටි කාලයක ය. ඔහු යටතේ ශ්‍රී ලංකාව ආර්ථික, හමුදා උපකරණ සහ එක්සත් ජාතීන් හමුවේ ශ්‍රී ලංකාවට රැකවරණය ලබාදීම වෙනුවෙන් චීනය මත තදින් යැපෙන මට්ටමට පැමිණ තිබිණි. වර්ෂ 2009දී යුද්ධය අවසාන වීමෙන් පසුව රාජපක්ෂ සහ පවුල සිය බලය තහවුරු කරගත්තේ ය. රාජපක්ෂ සමයේ කූටප්‍රාප්තියේදී, රාජපක්ෂ සහ සහෝදරයෝ අමාත්‍යංශ ගණනාවක් හරහා රජයේ සමස්ත වියදමෙන් 80%කට වගකීවෝ ය. චීනය වැනි විදේශ රටවල ආණ්ඩු ඍජුවම ගනුදෙනු කළේ ඔවුන් සමග ය. ඉතින් ඒ අනුව, රාජපක්ෂට සිය නොදියුණු ගම්බද හම්බන්තොට ප්‍රදේශයේ වරායක් ඉදිකිරීමට අවශ්‍ය වූ විට, ඊට එරෙහිව මතුවූ බාධක ඉතා පහසුවෙන් ඉවත් කරගන්නා ලදී.

    බ්‍රිතාන්‍යය මෙන් හතරෙන් පංගුවක භූමියක්, මිලියන 22ක ජනගහණයක් සහ ප්‍රධාන වරායෙන් ඉතා හොඳ මුල්‍ය සැපයුමක් තිබියදී දෙවැනි වරායක අවශ්‍යතාව පිළිබඳව ආරම්භයේ පටන්ම නිලධාරීහු ප්‍රශ්න කළ හ; රජය විසින් කරන ලද ශක්‍යතා අධ්‍යයන වාර්තාවලින් ඉතා පැහැදිලිව ප්‍රකාශ වූයේ, හම්බන්තොට වරායක් ඉදිකිරීම කිසිසේත් ආර්ථිකව වාසිදායක නොවන බවයි.

    "ඔවුන් [ලංකාව] මේ ව්‍යාපෘතිය ආරම්භයේදීම අප වෙත ආවා; එහෙත් ඉන්දීය සමාගම් සියල්ල එය කෙළින්ම ප්‍රතික්ෂේප කළා. එය ඒ කාලෙත් ආර්ථිකව අවලංගු කාසියක්; දැනුත් එහෙමමයි" යනුවෙන් පවසන්නේ ඉන්දීය හිටපු විදේශ ලේකම් ශිවශංකර් මෙනන් ය.

    එහෙත් රාජපක්ෂ ව්‍යාපෘතියට අවසර දුන්නේ ය; අවසර දුන්නා පමණක් නොව, තමන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධ සියලු අනතුරු ඇඟවීම් නොසලකා ඊට අනුමැතිය දුන් බව රට පුරා මහත් ආඩම්බරයෙන් ප්‍රචාරය ද කළේ ය.