චීන කතට හැමදා ‘මඟුල‘

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
චීන කතට හැමදා ‘මඟුල‘

චීන කතට හැමදා ‘මඟුල‘
2014 අපේ‍්‍රල් මස 07 20:57:26 | .

බඹා කෙටූ පුද්ගලයාම හිමිකර ගැනීමේ සතුටට විවාහවූ දා පටන් මේ දක්වා ගතවුණු වසර 10 ක කාලයේ සෑම දිනකම මංගල ඇදුමින් සැරසෙන කාන්තාවක ගැන චීනයෙන් වාර්තා වේ.
ෂියෑන්ග් නම් මේ කාන්තාව ඇයට වසය අවුරුදු 18 ක් ව තිබියදී බලහත්කාරයෙන් වෙනත් පුද්ගලයෙකුට විකුණා ඇත්තීය. ඔහුගේ කරදර පීඩා ඉවසාගත නොහැකිව පලාවිත් ඇති ඇය අනතුරුව ජීවත්වී ඇත්තේ තම මිතුරියකගේ සෙවණ යටතේය.පසුව මෙම මිතුරිය තමන්ගේ සොහොයුරා ෂියෑන්ග්ට හදුන්වාදී තිඛෙන අතර දුටු මොහොතේම ඔහු ගැන සෙනෙහස ඉපිදවා ඇති ඇය කෙළවර ඔහු හා විවාහ වී ඇත්තීය.
‘මට හමුවූ පිරිමි ඔක්කොම හරිම නපුරු අය.නමුත් මගේ ස්වාමිපුරුෂයා ඔවුන් අතරින් වෙනස් කෙනෙක්. ඒ නිසා විවාහ දවසේ මට දැනුණේ ලෝකයේ සිටින වාසනාවන්තම කාන්තාව මා ඔබයි. ඒ සතුට මැරෙන තුරාම විදින්න මට ඕනෑ. ඒ නිසයි මම හැමදාම මංගල ඇදුමකින් සැරසෙන්නේ‘ ඇය කියන්නීය.
දිනපතාම ඇදීමට එක් ඇදුමක් මදි නිසා ඇය තවත් මංගල ඇදුම් තුනක් මසාගෙන තිඛෙන්නීය.
රැකියාවට යාමේ සිට ගේදොර වැඩකටයුතු දක්වා සියල්ල ෂියෑන්ග් කරනුයේ මංගල ඇදුමින් සැරසීගෙනය.සුදු මංගල ඇදුමින් සැරසී කුඹුරට බැස හරි හරියට වල් නෙළන ෂියෑන්ග් දකින ඇතැමුන් ඇයට ඇනුම්පද කියන අවස්ථාද වේ.
‘මට වැඩක් නැහැ කවුරු මොනවා කිව්වත්.මම දිගටම මංගල ඇදුමම තමයි අදින්නේ.ඇත්තම කිව්වොත් මට වෙන ඇදුමුත් නැහැ.මගේ ස්වාමිපුරුෂයාටත් මගේ පුරුද්ද ගැන කිසිම ගැටලූවක් නැහැ.ඔහු දන්නවා ඔහු සමුවීමේ සතුට තමයි මම විදින්නේ කියලා‘ ඇය පවසන්නීය.


Lankadeepa.lk
 

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
the-smile-man-willen-dafoe-creepy.gif