නාකි මයිනයි නන්දසේනයි නිදිද ... @erozan ,@N A K A M U R A
තුන්පාරක් පරීක්ෂණයෙන් අසමත් චීන කාබනික පොහොර අද රෑ ලංකාවට
++++++++++++++++++++++++
වේදනාවෙන් ලියමි
මහචාර්ය නාලිකා රණතුංග
- රුහුණු විශ්වවිද්‍යාලය -
තුන්වන වතාවටත් නිරෝධායන පරීක්ශණයෙන් අසමත් වූ, ශාක රෝගකාරක බැක්ටීරියා ඇතුළු තවත් ක්ශුද්‍රජීවීන් සිටිනබව හොඳාකාරවම දන්නා, නයිට්රජන් ප්රභවය නොදන්නා චීන කාබනික පොහොර තොගය ශ්‍රී ලංකාවට අද රාත්‍රියේ පැමිනීමට නියමිතය.
එය ලංකාවට ගොඩබානවාද නැද්ද යන තීරණය අතර ඇත්තේ අත්සන් කිහිපයක් පමණි.
එසේ ගසනු ලබන අත්සන් කිහිපය මඟින් මේරටේ කෘශිකර්මයේ සහ පාරිසරික අනන්‍යතාවයේ ඉදිරිය තීරණය කරනු ඇත.
මෙසේ ගෙනෙන ලද ක්ශුද්‍ර ජීවීන් අපේ පසට, අපේ බෝගයන්ට, සතුන්ට හා මිනිසුන්ට කවරාකාර බලපෑමක් එල්ල කරතිදැයි පුරෝකථනය කිරීමට සමත් කිසිවෙකු නැත. මිනිසුන් මෙන්ම කාර්මීකරනය වූ ප්‍රදේශ බහුල චීන පසෙහි ඇති ක්ශුද්‍රජීවීන්ද වඩාත් ආක්රමනශීලී වේ යැයි නිකමට මට සිතේ
මේ වැරැද්ද මතු කිසිම දිනක නැවත හැරවිය හැකි එකක් නොවේ..යම් හෙයකින් රට සුරකින නිරෝධායන ආරක්ශිත වලල්ල බිඳ හෙලුවහොත්, අනාගතයේ තව තවත් මෙවැනි ව්‍යසන අපේ මව්බිම කරා ඉතා පහසුවෙන් ලඟා වෙනු නොඅනුමානය...
කෙතරම් පොරොන්දු දුන්නද, මෙය අපගේ රට තුළට ඇතුලු නොකර සිටීමට තරම් බලය ඇත්තෝ සංවේදී වේ යැයි සිතීමට තරම් කිසිදු සාක්ශියක් මා සතුව නොමැත.
බලවත් සිත් තැවුලෙන් මෙසේ ලියා තබමි
23/10/2021 මධ්‍යම රාත්‍රී 12.09