චීන ගූ බලෙන් කැවීම

AEG

Well-known member
  • Jul 5, 2012
    3,542
    6,419
    113
    නාකි මයිනයි නන්දසේනයි නිදිද ... @erozan ,@N A K A M U R A

    තුන්පාරක් පරීක්ෂණයෙන් අසමත් චීන කාබනික පොහොර අද රෑ ලංකාවට
    ++++++++++++++++++++++++

    වේදනාවෙන් ලියමි

    මහචාර්ය නාලිකා රණතුංග
    - රුහුණු විශ්වවිද්‍යාලය -

    තුන්වන වතාවටත් නිරෝධායන පරීක්ශණයෙන් අසමත් වූ, ශාක රෝගකාරක බැක්ටීරියා ඇතුළු තවත් ක්ශුද්‍රජීවීන් සිටිනබව හොඳාකාරවම දන්නා, නයිට්‍රජන් ප්‍රභවය නොදන්නා චීන කාබනික පොහොර තොගය ශ්‍රී ලංකාවට අද රාත්‍රියේ පැමිනීමට නියමිතය.
    එය ලංකාවට ගොඩබානවාද නැද්ද යන තීරණය අතර ඇත්තේ අත්සන් කිහිපයක් පමණි.
    එසේ ගසනු ලබන අත්සන් කිහිපය මඟින් මේරටේ කෘශිකර්මයේ සහ පාරිසරික අනන්‍යතාවයේ ඉදිරිය තීරණය කරනු ඇත.
    මෙසේ ගෙනෙන ලද ක්ශුද්‍ර ජීවීන් අපේ පසට, අපේ බෝගයන්ට, සතුන්ට හා මිනිසුන්ට කවරාකාර බලපෑමක් එල්ල කරතිදැයි පුරෝකථනය කිරීමට සමත් කිසිවෙකු නැත. මිනිසුන් මෙන්ම කාර්මීකරනය වූ ප්‍රදේශ බහුල චීන පසෙහි ඇති ක්ශුද්‍රජීවීන්ද වඩාත් ආක්‍රමනශීලී වේ යැයි නිකමට මට සිතේ
    මේ වැරැද්ද මතු කිසිම දිනක නැවත හැරවිය හැකි එකක් නොවේ..යම් හෙයකින් රට සුරකින නිරෝධායන ආරක්ශිත වලල්ල බිඳ හෙලුවහොත්, අනාගතයේ තව තවත් මෙවැනි ව්‍යසන අපේ මව්බිම කරා ඉතා පහසුවෙන් ලඟා වෙනු නොඅනුමානය...
    කෙතරම් පොරොන්දු දුන්නද, මෙය අපගේ රට තුළට ඇතුලු නොකර සිටීමට තරම් බලය ඇත්තෝ සංවේදී වේ යැයි සිතීමට තරම් කිසිදු සාක්ශියක් මා සතුව නොමැත.

    බලවත් සිත් තැවුලෙන් මෙසේ ලියා තබමි
    23/10/2021 මධ්‍යම රාත්‍රී 12.09
     
    මේක නම් සීරියස් කේස් එකක් .... ලංකාවේ ආයෙත් මොනම වගාවක් වත් කරන්න බැරි තත්ත්වයක් එන්න ඉඩ තියෙනවා ... අර රට ඉදල එන මිනිස්සුන්ගේ ඇපල් ගෙඩියත් ශාක නිරෝධායනය කියල අරගන්න රටේ තමයි මේව කරන්නෙ ...☹️☹️☹️
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,647
    22,349
    113
    Gotland
    රට මුඩුබිමක් කර කිසිම ප්‍රයෝජනයක් නැති තත්වෙට ගෙන රටේ කුශිකර්මාන්තේ විනාසකර දැමීමේ චීන කුමන්ත්‍රණය
    නන්දරසේන උඹට දැන් සතුටුයිද ?
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,183
    2,068
    113
    මේක නම් සීරියස් කේස් එකක් .... ලංකාවේ ආයෙත් මොනම වගාවක් වත් කරන්න බැරි තත්ත්වයක් එන්න ඉඩ තියෙනවා ... අර රට ඉදල එන මිනිස්සුන්ගේ ඇපල් ගෙඩියත් ශාක නිරෝධායනය කියල අරගන්න රටේ තමයි මේව කරන්නෙ ...☹️☹️☹️
    මේක නම් ඇත්ත, දුප්පත් එකා තමන්ගේ පොඩ් එකාට apple ගෙඩියක් මිදී ගෙඩියක් ගෙනාවම custom එකෙන් දාන පාර්ට්,,,,,, මේකට මොකෙක්වත් මොනවත් කියන්නේ නැති හැටි,,,,,
    සිරාට පබය පබය කිව්වට නන්දසේන තමයි ලංකා ඉතිහාසයේම හිටපු හොදම පබය.....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,134
    87,755
    113
    ආශ්චර්යමත් රටක
    රට රැකගන්න ගෙනාපු එකා රටට අනාගතයේ කන්නත් නැති කරලා තමයි යන්නෙ. ඒ වගේ සහගහන වැඩක් කරපු වේස බයියො කන්න නැතුවම මැරිල යන්න ඕන. ඕකුන් මහ පොළොවට බරක්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,912
    48,805
    113
    මේක නම් ඇත්ත, දුප්පත් එකා තමන්ගේ පොඩ් එකාට apple ගෙඩියක් මිදී ගෙඩියක් ගෙනාවම custom එකෙන් දාන පාර්ට්,,,,,, මේකට මොකෙක්වත් මොනවත් කියන්නේ නැති හැටි,,,,,
    සිරාට පබය පබය කිව්වට නන්දසේන තමයි ලංකා ඉතිහාසයේම හිටපු හොදම පබය.....

    හම්මො ඔව් මේකෙත් හිටිය ඒ වගේ උන්..මට මතකයි ඵකෙක් ඒ වගේ ගෙනල්ල අහුවෙලා පලතුරු ටික ඔක්කොම ගන්න වීඩියෝ ඵකක් දාපු ත්‍රෙඩ් ඵකක කියපු දේවල්..උෟ හරියට මිනිහෙක් මරල වගේ තමා මේකේ සමහර උන් කථා කරේ..මේවට මීක් නෑ..
     
    • Like
    Reactions: AEG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව
    නාකි මයිනයි නන්දසේනයි නිදිද ... @erozan ,@N A K A M U R A

    තුන්පාරක් පරීක්ෂණයෙන් අසමත් චීන කාබනික පොහොර අද රෑ ලංකාවට
    ++++++++++++++++++++++++

    වේදනාවෙන් ලියමි

    මහචාර්ය නාලිකා රණතුංග
    - රුහුණු විශ්වවිද්‍යාලය -

    තුන්වන වතාවටත් නිරෝධායන පරීක්ශණයෙන් අසමත් වූ, ශාක රෝගකාරක බැක්ටීරියා ඇතුළු තවත් ක්ශුද්‍රජීවීන් සිටිනබව හොඳාකාරවම දන්නා, නයිට්‍රජන් ප්‍රභවය නොදන්නා චීන කාබනික පොහොර තොගය ශ්‍රී ලංකාවට අද රාත්‍රියේ පැමිනීමට නියමිතය.
    එය ලංකාවට ගොඩබානවාද නැද්ද යන තීරණය අතර ඇත්තේ අත්සන් කිහිපයක් පමණි.
    එසේ ගසනු ලබන අත්සන් කිහිපය මඟින් මේරටේ කෘශිකර්මයේ සහ පාරිසරික අනන්‍යතාවයේ ඉදිරිය තීරණය කරනු ඇත.
    මෙසේ ගෙනෙන ලද ක්ශුද්‍ර ජීවීන් අපේ පසට, අපේ බෝගයන්ට, සතුන්ට හා මිනිසුන්ට කවරාකාර බලපෑමක් එල්ල කරතිදැයි පුරෝකථනය කිරීමට සමත් කිසිවෙකු නැත. මිනිසුන් මෙන්ම කාර්මීකරනය වූ ප්‍රදේශ බහුල චීන පසෙහි ඇති ක්ශුද්‍රජීවීන්ද වඩාත් ආක්‍රමනශීලී වේ යැයි නිකමට මට සිතේ
    මේ වැරැද්ද මතු කිසිම දිනක නැවත හැරවිය හැකි එකක් නොවේ..යම් හෙයකින් රට සුරකින නිරෝධායන ආරක්ශිත වලල්ල බිඳ හෙලුවහොත්, අනාගතයේ තව තවත් මෙවැනි ව්‍යසන අපේ මව්බිම කරා ඉතා පහසුවෙන් ලඟා වෙනු නොඅනුමානය...
    කෙතරම් පොරොන්දු දුන්නද, මෙය අපගේ රට තුළට ඇතුලු නොකර සිටීමට තරම් බලය ඇත්තෝ සංවේදී වේ යැයි සිතීමට තරම් කිසිදු සාක්ශියක් මා සතුව නොමැත.

    බලවත් සිත් තැවුලෙන් මෙසේ ලියා තබමි
    23/10/2021 මධ්‍යම රාත්‍රී 12.09

    • Haha
    Reactions: dimuthmike