චීන පටස් ගේ ලෝයර් පුතා

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113
    චීන පටස් ගේ ලෝයර් පුතා

    නිව්යෝක් ටයිම්ස් ගැන නීති උපදෙස් පැතුවා - මන්ත්‍රී නාමල්
    නිමල කොඩිතුවක්කු

    මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පිරිසට එරෙහිව සිදුකරන විමර්ශන අසාර්ථක වන විට ජාත්‍යන්තර මාධ්‍ය පවා යොදා ගනිමින් මඩ ගැසීමේ ව්‍යාපාරයක යහපාලන ආණ්ඩුව නිරත වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    බැඳුම්කර වංචාව ඇතුළු ආණ්ඩුවට එල්ල වී ඇති චෝදනා වසන් කිරිම මෙවැනි උත්සාහයන්වල තවත් එක් උපායක් විය හැකි බවද ඔහු සඳහන් කළේය.

    නිව්යෝර්ක් ටයිම් පුවත්පතේ පළ වූ කරුණු සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන්ගෙන් නීති උපදෙස් පතා ඇති බව ද රාජපක්ෂ මහතා කීවේය.

    ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේ අද(01) පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීවේය.

    ‘‘ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාව පිළිබඳ විශාල ආන්දෝලනයක් මාධ්‍ය තුළ සහ රට තුල ඇති කලා. රජයේ මාධ්‍ය සහ රජයේ මැති ඇමතිවරුන් මෙය භාවිතා කරන ආකාරය දිහා බලපුවහම බැඳුම්කර වංචාව ඇතුළු අනිකුත් සියලූම දේ යටගහන්න ආණ්ඩුව ගන්නා විවිධ උපක‍්‍රමවල එක් කොටසක් විදියට අපිට මෙය හඳුන්වා දිය හැකියි.

    නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවන බොහෝ වාර්ථාවල සත්‍ය අසත්‍ය භාවය පිළිබඳ අද ලෝකයේ බොහෝ දෙනෙක් කතා බහට ලක්කරලා තියෙනවා. ඒ වගේම නොයෙකුත් අයගේ දේශපාලන ඕනෑ එපාකම් ඉටුකරගන්න නිව්යෝක් ටයිම්ස් පුවත්පත පුවත් පල කරන බවත් මේ වනවිට මුලූ ලෝකයාම දන්න කාරනාවක්.

    මේ පුවත්පත මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ කරගනිමින් මුදල් ගණුදෙනුවක් ගැන කියලා තියෙනවා. එවැනි කසිම මුදල් ගනුදෙනුවක් පසුගිය මැතිවරණයේදී සිදුවුණේ නැහැ කියන එක ඉතාම වගකිමකින් අපි ප‍්‍රකාශ කරනවා.

    නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාවල දැක්වෙන ආකාරයට එම චෙක්පත් එදා ගිහින් දීලා තියෙන්නේ අරලිය ගහ මන්දිරයටයි. ඇලෝසියස් මුදලාලිගෙන් චෙක් ලැබිලා ඇමති ආරක්ෂකයන් ගිහින් මාරු කරපු අය පිලිබඳ පැමිණිල්ලක් දාන්න මහන්සි වෙච්ච නැති සමහර දේශපාලනඥයන් අරලියගහ මන්දිරයේ ගේට්ටුවට ගිහින්දීපු චෙක් එකක් පිළිබඳ ගිහිල්ලා එෆ්. සී. අයි. ඩී එකට පැමිණිලිත් දානවා.

    මේ තොරතුරු ලැබිලා තියෙන්නේ රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් කියලා ඒ එක්කම එම පුවත් වාර්තාවල දක්වා තියෙනවා. 2015 වසරේ ජනාධිපති වරණයෙන් පස්සෙත් රොයිටර් පුවත් සේවයේත් මේ පිලිබඳ වාර්තාවක් පලවුණා.

    ඉන්පසු පෝට් සිටි එක නැවැත්තුවා. හම්බන්තොට වරායේ දෙවන අධියරේ සංවර්ධන කටයුතු නවත්තලා මේ ආයතනය පිලිබඳ පුලූල් පරීක්ෂණ කරනවා කියලා මේ ආයතනය පිලිබඳ සෙවුවා. ඉන්පසු පෝට්සිටි එකේ කටයුතු ඇතුළු මේ දේවල් ඉදිරියට ගෙනියන්න මෙම සමාගමට අවසර දෙන්න මේ අය තීරණය කළා. මේ සමාගම යම්කිසි මුදල් අක‍්‍රමිකතාවයකට සම්බන්ධ නම් අපේ රටේ යහපාලනය කියන ආණ්ඩුව කොහොම ද එම සමාගමටම නැවත වතාවක් ව්‍යාපාර කරගෙන යන්න අවසර දීලා තියෙන්නේ. ඒ 2015 පලවූ වාර්තාවට සමාන වාර්ථාවක් තමයි අද නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ අසත්‍ය කරුණු සහිතව වාර්තා කරලා තියෙන්නේ.

    එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න වලට පිළිතුරු ලබාදුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

    ප‍්‍රශ්නය : අපේ රටේ සිදුකරන විමර්ශන වල තොරතුරු විදේශ මාධ්‍ය වලට යනවා කියන එක ඔබ වගකීමේන්ද කියන්නේ?

    පිළිතුර : මම කියන්න දෙයක් නැහැ. මේ ලිපිය කියෙව්වහම එහි සඳහන් වනවා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් එම තොරතුරු එළියට ආවා කියලා. ඒ එක්කම රන්ජන් රාමනායක මහතා ප‍්‍රසිද්ධියේ වේදිකාවේ කියලා තියෙනවා රාජ්‍ය ආයතනයකින් එම තොරතුරු දුන්නා කියලා.

    ප‍්‍රශ්නය : නව්යෝක් ටයිම්ස් පුවත්පතට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවද?

    පිළිතුර : මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න පුළුවන් කරුණු පිලිබඳව අපිව දැනුම්වත් කරන්න කියලා අපි අපේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන්ට දැනුම් දීලා තියෙනවා.




    මු නේද නීති විභාගේ වැඩිම ලකුණු ගත්තේ මෙන්න මුට නීති උපදෙස් ඕනෙලු
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දට කොල්ලොම තුන් දෙනෙක් ඉන්නව ඇත්තට බන් රනිලට ළමයි නැත්තෙ ඇයි බන්... :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මහින්දට කොල්ලොම තුන් දෙනෙක් ඉන්නව ඇත්තට බන් රනිලට ළමයි නැත්තෙ ඇයි බන්... :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ඕකුන් තුන්දෙනා තමයි මහින්දව කෑවෙ හරක් පැටව් :D:D
    ලෝකෙට බරක් වෙන්න ළමයි හදනවට වඩා හොඳයි සාටකේ පිහිදගත්තනම් :lol:
    ළමයි නැති කොච්චර මිනිස්සු ඉන්නවද
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113
    මහින්දට කොල්ලොම තුන් දෙනෙක් ඉන්නව ඇත්තට බන් රනිලට ළමයි නැත්තෙ ඇයි බන්... :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    කොල්ලෝ තුන්දෙනාගෙන් එකෙක්ටවත් හරිහමන් අධ්‍යාපනයක් , රස්සාවක් නැත්තේ ඇයි බන්


    එක නෙමයි මොකෝ අද rochl ආවේ නැත්තේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කොල්ලෝ තුන්දෙනාගෙන් එකෙක්ටවත් හරිහමන් අධ්‍යාපනයක් , රස්සාවක් නැත්තේ ඇයි බන්


    එක නෙමයි මොකෝ අද rochl ආවේ නැත්තේ

    නාමල් ලෝයර් එනෙක්, අනික නාවික හමුදාවෙ උන්නෙ, පොඩි එකානම් මොනා කරනවද දන්නෙ නැ,rochl නම් GTට කියපන් බන් ලින්ක් එකත් ඔනෙ නම් හොයල දෙන්නම් GTගෙ... :):)

    ඕකුන් තුන්දෙනා තමයි මහින්දව කෑවෙ හරක් පැටව් :D:D
    ලෝකෙට බරක් වෙන්න ළමයි හදනවට වඩා හොඳයි සාටකේ පිහිදගත්තනම් :lol:
    ළමයි නැති කොච්චර මිනිස්සු ඉන්නවද
    මහින්දව කවුරුවත් කාල නැ ඔය ඉන්න අපූරුවට..:):) උබලට නම් රිදිල වගේ අනේ මන්ද ඉතින්.. :lol::lol:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන්ගෙන්නේ උපදෙස් ගන්නවා කියන්නේ.ඉතින් වරදක් නෑනේ.ඕනේම ලෝයර් කෙනෙක් එහෙම කරනවා.තමන්ට වඩා අත්දැකීම් තියෙන අයගෙන් උපදෙස් ගන්නවා තමයි.

    චතුර සේනාරත්නලා වගේ සියල්ල දත්ලා කියලා කියන්නේ නෑනේ
     
    Last edited:
    • Like
    Reactions: erozan

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113

    කොල්ලෝ තුන්දෙනාගෙන් එකෙක්ටවත් හරිහමන් අධ්‍යාපනයක් , රස්සාවක් නැත්තේ ඇයි බන්


    එක නෙමයි මොකෝ අද rochl ආවේ නැත්තේ

    උඹත් නිකන් අර ලිදවල් ලග ඕපදූප හොයන ගමේ අම්මන්ඩිලා වගේ.ඔය වගේ ඒවාමනේ උනුත් හොයන්නේ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113
    උඹත් නිකන් අර ලිදවල් ලග ඕපදූප හොයන ගමේ අම්මන්ඩිලා වගේ.ඔය වගේ ඒවාමනේ උනුත් හොයන්නේ

    මේවා නිකන් ඕපාදුප නෙමෙයි බයි බ්‍රෝ මේවා තමයි සදාතනික සත්‍ය
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113

    මේවා නිකන් ඕපාදුප නෙමෙයි බයි බ්‍රෝ මේවා තමයි සදාතනික සත්‍ය

    සදාතනික සත්‍ය කියල දෙයක් නෑ බ්රෝ...සියල්ල සාපේක්ෂයි, වෙනස්වන සුළුයි..:P:P:P:P:P...
     

    Similar threads