චීන වධ
ඔන්න අපේ ඇම්ඩා චීනෙට ගියා වැඩකට. චීනේ ඉතින් මහ විසාල රටක්නේ, කෝච්චිය වරද්ද ගත්තු ඇම්ඩා දැන් අතර මං වෙලා. කලුවරත් වැටීගෙන එනවා. කරන්න කිසිම දෙයක් නැති හින්දා පහු වෙනිදා උදේ කෝච්චිය අල්ල ගන්නවා කියල හිතා ගෙන ඇම්ඩා ඉස්සරහට ගියා. දැන් නවතින්න තැනක් හොයා ගන්නත් ඕන, හැබැයි ඔක්කොම බෝඩ් චීන බාසවෙන්. තානායම මොකද්ද, කම්මල මොකද්ද කියල අඳුන ගන්න බෑ. ටික දුරක් යද්දි ඇම්ඩට පේනව සිංහල බෝඩ් එකක්, “නවාතැන් දෙනු ලැබේ” කියල. එතෙන්ට ගිහින් බලද්දි එතන ඉන්නවා නාකි චීනෙක්. මූ ලංකාවේ වැඩ කරපු එකෙක් නිසා සිංහල දන්නවාලු! ච්හීනාට ඕනේ කම ඇම්ඩා ඉතින් කිවුවා. මූ නාකි චීනෙක් වුණාට කොන්ඩෙ බැඳපු එකෙක් නෙවෙයි. බැලූ බැල්මට ඇම්ඩගේ තියෙන බඩු කාර පෙනුම නිසා චීනා කියපි “මට මිණිබිරියෙක් ඉන්නවා, හැබැයි එයාට මොනව හරි කළොත් මම උඹට චීන වධ තුන දෙනවා” කියල. ඇම්ඩත් කැමත් වෙලා කෑම බීම අරගෙන හෙම නිදා ගන්න ලෑස්ති වුණා. ඇම්ඩගේ කාමරේ උඩ තට්ටුවේ. කෙල්ල ඉන්නෙත් ඒ කිට්ටුවමයි. එතකොට තමයි ඇම්ඩා චීන කෙල්ලව දැක්කේ. මාර බඩුව! ඇම්ඩට මේක %$#* කියල හිතුණා. චීන වධ වලට හෙන ගහපු දෙන් කියල හිතල ඇම්ඩා කෙල්ලට ටෝක් කලා. (ඒකිටත් සිංහල පුළුවන්). කොහොම හරි ඇඳට අරගෙන ඇම්ඩා චීන කෙල්ලට මතක හිටින පොලුප්‍රහාරයක් එල්ල කලා. පස්සේ දෙන්න ඉඹලා හෙම තමන්ගේ කාමර වලට ගියා. ඇම්ඩ හරි බරි ගැහිලා නිදා ගත්තා.
මහ රෑ ඇම්ඩා ඇහැරුණේ හුස්ම ගන්න අමාරු කමකින්. ඇඳ ඉහපත ගාව කොලේක ලියල තිබුණා “චීන වධ අංක 1 – පපුව උඩ කිලෝ 30ක ගලක්”. මේකත් මොන වදයක්ද කියල හිතපු ඇම්ඩා ගල උස්සලා ජනේලෙන් එළියට දැම්මා. ගලේ යට පැත්තේ ලියල තියෙනවා “චීන වධ අංක 2 – කිලෝ 30 ගල දකුණු අණ්ඩෙකා්ෂයට ගැට ගසා ඇත”. ඇම්ඩට දෙලොව රත් වුණා! පහල බැලුවම තියෙන්නේ ඇළක්. ඇටේ නැති කර ගන්නවට වඩා මෙතනින් පහලට පැනලා අතක් කඩා ගැනීම සැපයි කියල හිතපු ඇම්ඩා ජනේලෙන් පැන්නා. ඇම්ඩා ජනේලෙන් පහලට එද්දී බිත්තියේ ගහල තියෙනවා “චීන වධ අංක 3 – වම් අණ්ඩෙකා්ෂය ඇඳට තබා ගැට ගසා ඇත”