චීන_ගුවන්යානා_නඩත්තු

Jul 18, 2014
155
31
0
චීන_ගුවන්යානා_නඩත්තු

චීන ගුවන්යානා අලුත්වැඩියා කිරීමේ අංගණයක් ඉදිකිරීමට ගුවන් හමුදාවෙන් යෝජනාවක්

1373612970816.jpg


ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු චීන ගුවන් යානා නඩත්තු කිරීම සඳහා චීනයට ඇදී යන රුපියල් කෝටි සිය ගණනක මුදල් මෙරටට ඉතිරිකර ගැනීමේ අරමුණ මත එම ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ අංගණයක් මෙරට ඉදිකිරීම සඳහා ගුවන් හමුදාව රජයට යෝජනා කර තිබේ.

චීන ගුවන්යානා නඩත්තු විශේෂඥයන්ගේ දැනුම ලබා ගනිමින් ගුවන් හමුදාවේ දක්ෂ ඉංජිනේරුවන්ට මෙම කටයුත්ත කළ හැකි බවද එවැනි දක්ෂයන් ගුවන් හමුදාව තුළ සිටින බවද ගුවන් හමුදාව පවසයි. චීනයෙන් මිලදී ගන්නා ලද ගුවන්යානා විශාල ප්‍රමාණයක් මෙරට ගුවන් හමුදාව සතුව තිබේ.

ඒවායේ නඩත්තු, අලුත්වැඩියා කටයුතු සඳහා සම්පූර්ණ යානාව හෝ කොටස් වශයෙන් ගලවා ගෙන එම රටවලටම ගෙන ගොස් අලුත්වැඩියා කිරීම මේ වන විට සිදු වෙයි. මේ සඳහා අති විශාල මුදල් සම්භාරයක් වියදම් වෙයි.

එහෙත් මෙම යානා අලුත්වැඩියා කිරීමේ අංගණයක් මෙරට යම් තැනක ඉදිකිරීමේ හැකියාව ඇති බැවින් සහ එතරම් විශාල විදේශ විනිමයක් මෙරටට ඉතිරි කර ගැනීමට හැකි නිසා ගුවන් හමුදාව එම යෝජනාව රජයට ඉදිරිපත් කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා කීය. මෙවැනි නඩත්තු ඒකකයක් ඉදිකිරීමෙන් වාසි රැසක් රජයට ලැබෙන නිසා ඒ පිළිබඳව රජය අවධානය යොමු කර තිබේ.