චීස්_මගඩි

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    1zc1n52.jpg


    චීස් මගඩි වැඩි වේ
    ලොව වැඩිපුරව සොරකම් කෙරෙන ආහාර වර්ගය චීස් බව නවතම සමීක්‍ෂණයකින් හෙළි වේ.

    බි‍්‍රතාන්‍යයේ සිදුකරන ලද මෙම සමීක්‍ෂණය සඳහා රටවල් 43ක් පුරා ශාඛා 250,000ක් පවතින සිල්ලර වෙළෙඳසැල් සමාගම් 1,1187 ක් යොදාගෙන ඇත.

    ලොව පුරා විකිණීමට ඇති චීස් වලින් 4%ක් මෙලෙස සොරකම් කෙරෙන බව එම සමීක්‍ෂකයන් පවසා ඇත.

    ලෝක වෙළඳපොලේ චීස් මිල ඉහළ යාම හමුවේ මෙවැනි තත්ත්වයක් උද්ගතවීම පුදුමයක් නොවන බව එම පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂවරයා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

    මෙලෙස චීස් විශාල ප‍්‍රමාණයක් සොරකම් කරනු ලබන්නේ නැවත වෙළඳපොළට විකිණීමේ අරඹුණන් බව ඔහු පවසයි.

    මෙලෙස වැඩිපුරම සොරකම් කෙරෙන ආහාරපාන අතරට මස්, චොක්ලට්, ළදරු කිරිපිටි හා මත්පැන් ද එක්වේ.