චුතිසිත පිළිබඳව

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    චුතිසිත ගැන කියවීමට පෙර පළමුව “මරණය” යනු කුමක්දැයි වටහා ගැනීම වැදගත්වේ. මරණය පිළිබඳව ධර්මයේ විස්තර වන්නේ අපගේ බාහිර කයෙන් ආයුෂය උෂ්ණය හා විඤ්ඤාණය වෙන්ව යෑමයි.

    “ආයුස්මාච විඤ්ඤාණං” මේවා ශරීරයෙන් වෙන්ව යෑමත් සමග ම මරණය නමැති ධර්මතාවයට මුහුණ දීමට සිදුවේ. මෙය සිදුවිය හැකි ආකාර හතරක් පිළිබඳව ධර්මයේ සඳහන් වේ.

    1. ආයුක්ඛය මරණය – ආයුෂය ගෙවී යෑමෙන් සිදුවන මරණය

    2. කම්මක්ඛය මරණය – ගෙන ආ කර්ම ශක්තිය අවසන් වීමෙන් හෙවත් කර්මය බලපෑම මත සිදුවන මරණය.

    3. උභයක්ඛය මරණය – කර්ම ශක්තියත් ආයුෂත් යන දෙකම සිදුවීමෙන් ඇතිවන මරණය

    4. උපච්ඡේදක මරණය (අකාල මරණය) ආයුෂයත් කර්මයත් යන දෙකම තිබියදී සිදුවන හදිසි මරණය

    වෛද්‍ය විද්‍යාවේදී මිනිසෙකු ගේ මරණය සිදුවීමට බලපාන කාරණා හතරක් පිළිබඳව සඳහන් වේ. එනම්

    1. සිහිය නැතිවීම
    2. ශ්වසනය නැතිවීම
    3. හෘද ස්පන්ධනය නැවතීම
    4. මොළයේ විද්‍යුත් කම්පනයන් නැවතීම

    මේ සියල්ල එකතු වූ තැන මරණය සිදුවන බව වෛද්‍යවරුන්ගේ මතයයි. මෙහිදී අපට වැදගත් වන්නේ පුද්ගල මරණයෙන් පසුව භෞතික ශරීරය හැර යන විඤ්ඥාණය පිළිබඳවය. නැවත උපතක් ලබාදීමේදී බලපාන්නේ මෙම විඤ්ඤාණයයි. තිබ්බතයේ පිළිගත් ආගමික මතය අනුව පුද්ගලයා මරණයට පත්වීමේදී අවස්ථා හතරක් පසු කරන බව සඳහන් වේ.

    1. මරණයට ලක් වූ තැනැත්තාගේ ශරීරය පළමුව ඉහිල් වේ. එහි ශක්තිමත් ස්වභාවය නැතිවේ. ශරීරයට ස්පර්ශය දැනීම අඩුවේ.
    2.ඊට පසුව තෙත් ගතියක්ද සිහිල් ගතියක්ද ශරීරයට දැනේ.
    3.ඊට පසුව උණගැණුනාක් මෙන් තද උෂ්ණ ගතියක් දැනේ.
    4.අවසානයේ තමාගේ මුළු ශරීරයම විසිරී යන්නාක් මෙන් දැනේ.
    මීට අමතරව මුහුණේ මාංශ පේශින් පාලනය කැරගත නොහැකිවීම, කියා ගන්නට උත්සාහ කරන දේ කියාගන්නට නොහැකිවීම, කණ්ඇසීම නැතුව යෑම, දෑස් නොපෙනී යෑම, ඉන බරට අමාරුවෙන් හුස්ම වැටීම යන ශාරීරික විපර්යාසයන් ඇතිවේ.

    මෙසේ වූ විට පුද්ගලයා මරණාසන්න මොහතට පත්වේ. එය ධර්මයේ හඳුන්වන්නේ “චුති චිත්තය” යන නමිනි. මෙය පුද්ගල ජීවිතයේ ඇතිවන අවසන් සිතිවිල්ලයි.

    ශරීරයෙන් ඉවත්ව යන විඤ්ඤාණය පහළ වන්නේ මෙම චුති සිතිවිල්ලයි. ඊළඟ භවය තීරණ වන්නේ මේ චුති සිතිවිල්ලේ බලවත්භාවය අනුවය. මිය යමින් සිටින පුද්ගලයා ඊළඟ භවයේදී ප්‍රතිසන්ධිය වන ස්ථානය දක්වන නිමිත්තක් හෙවත් සංඥාවක් ලෙස ගති නිමිත්ත හඳුන්වාදීමට පුළුවන. එක්තරා පුද්ගලයෙකු අපායේ ඉපදීමට සිටී නම් එම නිමිත්ත ලෝහ කල්දේරමක ස්වරූපය ගනී.

    ඔහු මිනිස් ලොව ඉපදීමට සිටී නම් නිමිත්ත මවක ගේ ගැබ හෝ තොටිල්ලකි. දිව්‍යමය යාන වාහන සයනාසන කල්පවෘක්ෂ ආදී සුන්දර වස්තුන් දකින්නා දෙව්ලොව ඉපදේ. ‘තත්ථ නිරයේ උපත්ථ හන්තෙ ලොභ කුම්බී සදිසො හුත්වා උපට්ඨාති මනුස්ස ලොකෙ උපට්ඨංකෙ මාතු කුච්ජි හුත්වා උපට්ඨාති දෙවලොකෙ උපට්ඨකෙ කප්ප රුක්ඛා විමානංසයනාදී උපට්ඨංති’

    මෙසේ පුද්ගලයෙකුගේ දෙවන භවය තීරණය කරන ස්ථානයන්ට අදාළ ආලෝක සංඥාද ඇත. එනම්

    දෙව්ලොව ඉපදීමට නියමිත සත්ත්වයෝ සුදු පැහැති ආලෝකයක් දකිති. අසුර ලොව ඉපදීමට නියමිත සතත්වයෝ අප්‍රසන්න අඳුරු කොල පැහැති ආලෝකයක් දකිති.

    මිනිස් ලොව ඉපදීමට නියමිත සත්වයො කහ පැහැති ආලෝක යක් දකිති.

    තිරිසන්ලොව ඉපදීමට නියමිත සත්වයෝ නිල්පැහැති ආලෝක යක් දකිති.

    පේ‍්‍රත ලොව ඉපදීමට නියමිත සත්වයෝ රතු පැහැති ආලෝකයක් දකිති.

    නිරයේ ඉපදීමට නියමිත සත්වයෝ දම් පැහැති ආලෝකයක් දකිති.

    මේ කවර ආකාරයක උප්පත්තියක් වුවද, ලබාදීම සඳහා චුති සිත බලපායි. යමෙක් ජීවිතයේ විශාල කුසල කර්ම කැර තිබුණාද චුති සිත සඳහා ඔහු කළ සුළු අකුසල කර්මයක් වුවද බලපෑ හැකිය. මේ සඳහා බෞද්ධ සාහිත්‍යයේ එන කෝසල මල්ලිකාවගේ හා ධර්මාශෝක රජතුමාගේ කතාවන් ගත හැකිය.

    මේ දෙදෙනාම චුති සිතිවිල්ල සඳහා බලපෑ අකුසල කර්මය බලවත් වීම මත ඉතා කෙටිකලක් දුගතියේ ඉපදී ඇත.

    තිරිසන් සත්වයෙක් මියයන විට ඔහුට අවසන් සිතට අරමුණ වන්නේ තිරිසන් භවයට අදලා දෙයක්මය. ඒ නිසා ඔහු නැවත නැවත සසර තිරිසනෙකුව උපදී. ඔහුට ගැලවීමක් ලැබෙන්නේ කලාතුරකිනි. අපාගතවන සත්වයා කරමය හේතුවෙන් නැවත නැවත අපායේම උපදී. ඔහුට ගැලවීමක් නොලැබෙන්නේය. සුනකයෙකුගේ ගෙල වැලිකලයක් බැද වතුරට දැමූ පවින් සසර අපමණ වාර ගණනක් ඒ ලෙසින්ම මිය ගිය කාන්තාව ගැන දන්නවා නේද? එක් එලු දෙනකගේ ගෙල සිද සසර පුරා එලු දෙනගේ සිරුරේ රෝම ගණනට හිසකැපුම් ලද බව දන්නවා නේද? ය‍ෙමක් කෙතරම් පින්දහම්කෙලද ඔහු අවසන් අවසථාව ඒ පින අල්ලාගෙන සිටියහොත් අවසානයේදී සිදුවන්නේ ඒ පිනට අදාලව අල්ලාග් තැනක ඉපදීමටය. උදාහරණයක් ලෙස පන්සලක් ගැන සිතන්න. යමෙක් විසින් පන්සලක් ඉදිකරල මහ සංඝරත්නයට පූජා කරනව. මරණාසන්න වෙලාවෙදි පන්සල පූජ කිරීමේ පින්කම ගැන සතුටුවෙනවනම් හොදයි. හැබැයි පන්සල අල්ලාගත්තොත්, පන්සල දාල යන්න බෑ කියල හිතුනොත් අවසානයේ පන්සල ආශ්‍රිතව අමනුස්සයෙක් වෙලා උපදින්න වේවි. නමුත් පින ගැන හිතල සතුටුවෙන්න පුලුවන්නම් එයා සුගතිගාමී වේවි.

    වසර පනහක් රජුගේ වධකයා ලෙස සේවය කළ එක් පුරුෂයෙක් එයින් මිදී නිවසට පැමිණ ආහාර ගන්නා අවස්ථාවේ නිවසට පැමිණි මහ රහතන් වහන්සේ නමකට පිණ්ඩපාතය පූජා කැර චුති සිතිවිල්ලේදී එම පින සිහිවීම නිසා ඔහු දෙව්ලොව ඉපදී ඇත.

    මෙයද චුති සිතිවිල්ලේ බලවත් බව පෙන්වීමට උදාහරණයකි. මරණය ආසන්නයේදී මනසට හසු වන්නේ එහි මතකයේ ඇති කාරණාවකි. කරන ලද කර්මයක සටහන මතකයේ තිබිය හැකිය. නැතහොත් විපාකය වශයෙන් මනෝද්වාරයට ගොදුරුවූ උපදින ස්ථානය පිළිබඳ සටහනක් මතකයේ තිබිය හැකිය.නොඑසේ නම් කරන ලද කර්මයට මනසට ස්පර්ශවීමට පුළුවන. මෙය චුති චිත්තය වන අතර කර්ම නිමිති, ගති නිමිති හා කර්ම යන මේ තුන් ආකාරයේ බලපෑම් නිසා උප්පත්ති සිත හෙවත් පුනරුප්පත්තිය සිදුවේ.
    “ පින්වත් මහනෙනි, මේ සසර ඇසිපිය හෙලන තරම් වෙලාවක්වත් සුවදායක නොවේ” යන්න බුද්ධානුශාසනයයි. අපි ජීවිතය මොනතරම් නම් අපතේ යවල තියෙනවද? විනෝදය පිණිස, නෑදෑයන් පිණිස, දූදරුවන් පිණිස වැඩකටයුතු කරමින් සසර තව තවත් සරන්නට වෙලා. ඒ කටයුතු කරන අතර තුර අපිට පුලුවන්නම් මේ බියකරු සසර තරණය කරන්නට මග විවර කරගන්න එය ජාති, ජරා, ව්‍යාධි, මරණයෙන් තොර පරම ශාන්ත නිවනට යන මගක් වේවි. ඔබත් වහ වහා ඒ මගට පිවිසෙන්න.

    උපුටා ගැනීම බුදුසරණ පුවත්පත
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo

    (මැරෙන මොහොතේ අපේ සිත සහ ඊ ළඟ උපත කෙබඳු වේ ද? මේ ඒ ප්‍රශ්නයට කෙටි පිළිතුරකි.)
    .
    දිනක් බුදු රජාණන් වහන්සේ හා ආනන්ද තෙරුන් වහන්සේ අතර පුනර්භවය පිළිබඳ ධර්ම සාකච්ඡාවක් ඇති විය. අංගුත්තර නිකායේ තික නිපාතයෙහි සඳහන් වන එම ධර්ම සාකච්ඡාවෙන් කොටසක් මෙබඳු ය:

    “ස්වාමීනි, භවය සිදු වන්නේ කෙසේ ද?”

    “ආනන්ද, කාම ලෝකයෙහි විපාක දෙන කර්මයක් නැති නම් කාම ලෝකයෙහි ඉපදීමක් සිදු වෙයි ද?”

    “නැත, ස්වාමීනි.”

    “ආනන්ද, කර්මය කෙතකි. විඤ්ඤාණය (සිත) බීජයකි. තණ්හාව ජලයකි. අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් යුක්ත වූ සත්ත්වයන්ගේ සිත් මරණින් මතු කාම භවයෙහි හටගනී. මේ අන්දමට මතු මත්තෙහි පුනර්භවයෙහි පැවැත්ම ද සිදු වෙයි.”

    රූප ලෝකයෙහි හා අරූප ලෝකයෙහි පුනර්භවය සිදු වන ආකාරයත් මෙම සාකච්ඡාවේදී බුදු රජාණන් වහන්සේ පැහැදිලි කළහ. කුසල අකුසල කර්ම ඇති වීම කර්ම භවය යි. ඒ අනුව යම් තැනක ඉපදීම උප්පත්ති භවය යි. සිත අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් පිරී පවතින තෙක් ඉපදීම සිදු වෙයි. මෙම කර්ම භවය හා උප්පත්ති භවය නැවත නැවතත් සිදු වීම පුනර්භවය යි.

    කාමලෝකයට අයත් සතර අපායෙහි (කාම දුගතියෙහි) ඉපදීමට අකුසල කර්ම හේතු වෙයි. මිනිස් ලොව හා සදෙව් ලොව (කාම සුගතියෙහි) ඉපදීමට හා රූප, අරූප, ලෝකවල ඉපදීමට කුසල කර්ම හේතු වෙයි. කාම ලෝකයෙහි උපදින ආකාරයත්, අරූපලෝකවල උපදින ආකාරයත් අභිධර්මයෙහි

    වෙන් වෙන් ව දක්වා තිබේ.

    අප උපත ලබා ඇත්තේ කාම ලෝකයෙහි ය. එහෙයින් කාම ලෝකයෙහි පුනර්භවය සිදු වන ආකාරය අභිධර්මයට අනුව විමසා බලමු. මවුකුස මුලින් ම හටගන්නා සිත ප්‍රතිසන්ධි සිත යි. ඉන් පසු භවංග සිත් ඇති වේ. අනතුරු ව චිත්ත වීථි ඇති වෙයි. සෑම චිත්ත වීථි දෙකක් අතර ම භවංග සිත ඇති වේ. ප්‍රතිසන්ධි සිත හා භවංග සිත චිත්ත වීථිවලට අයත් නො වේ. එහෙයින් වීථිමුක්ත සිත් යනුවෙන් ඒවා හඳුන්වා ඇත.

    උපතේ පටන් මරණය තෙක් ම වීථිමුක්ත භවංග සිත හා චිත්ත වීථි දිගින් දිගට ම ඉපදී – පැවතී – නැති වී යයි.

    යම් දිනෙක පුද්ගලයා මරණයට ආසන්න වෙයි. මරණාසන්න වූ පුද්ගලයාට මේ ජීවිතයේදී අවසන් වරට ඇති වන චිත්තවීථිය හැඳින්වෙන්නේ මරණාසන්න චිත්තවීථිය යනුවෙනි.

    මෙහිදී ජවන් සිත් හතක් මරණාසන්න චිත්ත වීථියෙහි ඇති නො වේ. එහි ඇති වන්නේ ජවන් සිත් පහකි. ඉන් පසුව තදාරම්මණ සිත් හා භවංග සිත ඇති වේ. එම භවංග සිත ඉපදී, පැවතී, නැති වී යෑමත් සමඟ මේ ජීවිතයේ අවසාන සිත උපදී. එය චුති සිත යැ යි නම් කර ඇත. එය ද වීථිමුක්ත සිතකි. චුති සිත ඉපදී, පැවතී, නැති වී යෑමත් සමග මරණය සිදු වෙයි.

    අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් යුත් චුති සිතට අරමුණු වන්නේ කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තකි. මෙම කර්ම, කර්ම නිමිති, ගති නිමිති මරණයට දින කීපයකට කලින් සිට වුව ද ඇති විය හැකි ය. කෙසේ හෝ මරණාසන්න චිත්තවීථිය නැති වී ගිය පසු භවංග සිත ඉපදී, පැවතී, නැති වී යයි. ඉන් පසු කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ අරමුණු කරමින් චුති සිත උපදී. ඒ චුති සිත කුසල සිතක් හෝ අකුසල සිතක් හෝ විය හැකි ය. අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් යුත් චුති සිත ඉපදී, පැවතී, නැති වී යෑමත් සමඟ එහි ඇති කර්ම ශක්තියට අනුව කාම ලෝකයට අයත් මිනිස් ලොව මවු කුසක හෝ තිරිසන් සතකුගේ කුසක හෝ අන් සුදුසු තැනක තව සිතක් පහළ වෙයි. එයට ප්‍රතිසන්ධි සිත යැ යි කියනු ලැබේ. චුති සිතෙන් පසු ප්‍රතිසන්ධි සිතක පහළ වීම පුනර්භවය යි.

    අප මහ බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත වී මහාමායා දේවියගේ කුස පිළිසිඳගත්හ. මවු කුසින් බිහි වූ උන් වහන්සේ පියවර සතක් ඉදිරියට ගමන් කොට,

    “මම ලොවට අග්‍ර වෙමි.

    මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි.

    මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි.

    මේ මාගේ අන්තිම ඉපදීම යි.

    දැන් පුනර්භවයක් නැත.

    යනුවෙන් පැවසූ හ. අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් යුතු බෝසතාණන් වහන්සේගේ සිත තුසිත දෙව්ලොවින් චුත වූ පසු මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳගැනීම පුනර්භවය යි.

    උන් වහන්සේ බුදු බවට පත් ව අවිද්‍යාව, තණ්හාව ප්‍රහීණ කළහ. එහෙයින් මල්ල රජ දරුවන්ගේ සල් උයනෙහි වැඩ සිට පිරිනිවන් පා වදාළ උන් වහන්සේගේ චුති සිත අවිද්‍යා තණ්හාවන්ගෙන් තොර ය. එහෙයින් නැවත ඉපදීමක් නැත, පුනර්භවයක් නැත. සිදුහත් බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුසින් බිහි වී, සත් පියවරක් ගමන් කොට, “දැන් පුනර්භවයක් නැත (නන්තිදානී පුනබ්භවෝ)” යනුවෙන් පැවසුවේ එහෙයිනි.

    🙏🙏🙏🙏
     
    • Like
    Reactions: asliyanage