චූටි මල්ලී

sandeep.drck

Active member
  • Sep 19, 2008
    159
    42
    28
    එක පිට එක විභාග ලියා මාසයකට පසු ගෙදර ආවෙමි...ආවේ ලෙඩක් කරපින්නාගෙනය:angry::angry:, දොස්තරලා ලෙඩේ හොයගත්තේය, ඊට කලින් මාව හොයාගෙන ලෙඩේ ආවේය, ලියන ලියන සබ්ජෙක්ට් එකට වද දුන්නේය...දැන් හොඳය...

    ගෙදර හරිම සුන්දරය..කවුරුත් ආස ගෙදර එන්නටය...ඒත් මෙවර ගෙදර ආවාම තත්වය වෙනස්ය...ලියන්නට යන්නේ චූටි මල්ලී ගැනය:yes::yes::yes:

    චූටි මල්ලි...අපි කවදත් ආදරේ කල ගෙදර සුරතලා වීය:love::love::love:, දැන් ඌට 19ක් වයසය, මටත් ලොකු මල්ලීටත් ඌ තාම චූටි මල්ලීය, සරසවියේ වසර තුනක අවසානයත්, විභාග නිමවීමත් නිසා වෙනදා නැති සැහල්ලුවක් ගෙදර ආ විට දැනුනේය, දැනෙන්නේය. ඉතින් මම ගෙදරට වී මේ ලෙඩ අස්සේත් හොඳ වූ පසුත් චූටි මල්ලීගේ කෙරුවාව දෙස බලා සිටියෙමි...ඌ එක පාරක් A/L කර ආයෙත් කරන්න යන්නේය :frown::frown::frown:

    හැබැයි මිනිහා මෙවරත් පාඩම් කරන පාටක් නැත්තේය...මම ටික වේලාවක් මල්ලී දෙස බලා ඌව විෂ්ලේෂණය කලෙමි...නිගමන බොහෝය.:confused::confused::confused:

    මට වඩා වයසින් අවුරුදු 5ක් බාල චූටි මලයා වර්චුවල් චරිතයක් වෙලා කියා මට හිතේ...උගේ ජීවිතය පට්ටය...උගේ ජීවිතේ social network එකකි. මූණු පොත, ඉන්ස්ටග්රම් ජීවිතේට අත්‍යවශ්‍ය අංගයන්ය. ඒවා නැතිනම් සෑහෙන්න අමාරුය. නිරන්තරව ප්රෝෆයිල් පික් එක මාරු විය යුතුය, නැතිනම් වර්චුවල් මිතුරෝ තරහා වෙනවාය. චූටි මල්ලීගේ මූණු පොතේ වෝල් එක මාරය, එය සංදර්ශනයකි. ලයික්, කොමෙන්ට්, ස්ටේටස් පිරිලාය. මල්ලී මොකක් දැම්මත් ඌ මගේ ඇබ්සලූට් මල්ලීය, මට ඌ වර්චුවල් නොවේ...ඒ නිසා මමද සහෝදර ප්‍රේමයට උගේ දේවල් වලට ලයික් දමමි, හැබැයි කොමෙන්ට් නොදමමි, මොකද උගේ වර්චුවල් යහලුවන් හා කොමෙන්ට් දාන්නට මට හැකියාවක් නැත, මම සෝශල් නෙට්වර්ක්මය අතින් ගොඩයෙකි, ලොකු මල්ලීද එසේමය...:yes::yes::yes:

    මගේ බැචාට අනුව, "උඹගේ මල්ලී නොදන්නේ A/L සිලබස් එක විතරය". එය ඇත්තය, ඌ නොදන්න දෙයක් නැත, හැබැයි විභාග දෙපාර්තමේන්තුව ඌ නොදන්න දේ දන්නේය, කරුමෙට ඒ දේවල් ගැනම ප්‍රශ්ණ අහන්නේය. ඉතින් ඌට විභාග අරහංය.:angry::angry::angry:

    ඊයේ ඌ මාත් එක්ක කොන්ඩේ කපාගන්න ආවේය, මගේ ලඟ සල්ලි ගොඩක් නැත තාම මා යැපෙන්නෙකි, ඌ ලඟද නැත, දෙන්නාම තාත්තාගේ වාහනයට නැඟ ගමන ඇරඹුවේය, මල්ලී සල්ලී තියෙනවද? මම ඇසුවේ මම ලඟ සල්ලි ඇත්තේ මට කොණ්ඩය කපා ගන්න පමණක් නිසාය, උගේ උත්තරය නෑ යන්නය, හැබැයි ඒක ඌට ගැටලුවක් නොවීය, සමහරවිට චූටි මල්ලී බාබර් අයියාට ල්යික් එකකින් ගෙවීම කරන්නට සිටියා විය හැක.:dull::dull::dull:

    චූටි මල්ලී මිනිසුන් මනින්නේ Brand සහ Price වලිනි. Nike, Adidas, Fossil, Tag Heuer පොරගේ කටේ තියෙන වචනය. සමහර ඒවා මම ඇහුවේ පොරගෙන්ය. ලෝකයම අද බ්‍රෑන්ඩඩ්ය...මාකටිං මැඩම් කිව්වා මතකය. ඒත් මිනිසුන් ඇතුලට එබී ඔවුන් මැනීම තාමත් ඇකියුරේට්ය...එය මාද ලොකු මල්ලීද පිළිගනිමු...චූටි මල්ලී තේරුම් ගත යුතුය.

    මම මෙන් චූටි මල්ලීද තදියම් කාරයෙකි. මම ඒ දුර්වලතාවය සරසවියේදී සෑහෙන දුරට මඟ හැර ගත්තෙමි. ඒත් චූටි මල්ලී එලෙසමය. පොඩ්ඩ එහා මෙහා ඌ විට මල පැන ගත් ගමන්මය. හැබැයි ඒ මල පැනීමට සීමා මායිම් ඇත. ඇබ්සලූට් දෙවෙනි අයියා ඉදිරියේ වර්චුවල් චූටි මල්ලී සරෙන්ඩර්ය. ප්‍රබලයා ඉදිරියේ දුබලයා දණ නමන්නේය. ඩාවින් හරියටම හරිය.

    චූටි මල්ලී පොලිටික්ස් කරන්නට ආසය. ලංක්කාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාව ගැනවත් දැනුමක් ඌට නැත, එය ඉස්තරම්ම සුදුසු කමකි...තවත් සුදුසු කමකි, ඒ මිනිහා ගිය ගිය තැන පොඩි එකාගේ පටන් මහලු සීයා දක්වා ඌට ආදරේ කරන්නේය, ආඩම්බරකාර තාත්තා කෙනෙක්ගේ පෙර ලකුණුය. නමුත් ගෙදර ආදරය ඉදිරියේ ජනතා ආදරය පරාදය, මල්ලී එය තේරුම් ගත යුතුය.:confused::confused::confused:

    මාද ලොකු මල්ලීද අපේ නෑයන්ට අනුව රැඩිකල්ය, කැම්පස් කොල්ලෝය, චූටි මල්ලී අහිංසකයාය. ඒත් චූටි මල්ලීත් ගෙන්දගම් පොලවේ පය ගහනවානම් අපි ආසය, මාක් සකර්බර්ග් පාලනය ගෙන අවසානය, මාක් දක්ෂය, ටැලන්ටඩ්ය...අපිට ඌ සමඟ හැප්පෙනු බැරිය...ඌ හාවඩ්ය මම ඌවේය, දෙවෙනියා කැළණියේය...හාවඩ් ඉදිරියේ කැළණියද අසරණය...නැවතත් ඩාවින් ටක්කෙටම හරිය.

    ඒත් අපි දන්නා දෙයක් ඇත, කවදාවත් සහෝදර ප්‍රේමය වර්චුවල් වන්නේ නැත. එය හැමදා ඇබ්සලූට්ය, කවදාවත් අඩු වන්නේ නැත...කරන්ට් ගියාම ඕෆ් වෙන්නේද නැත, කාටවත් හැක් කරන්නටද බැරිය, බග්ස් නැත, ඩේටා පැකේජ් නැත, නෙට්වර්ක් කේබල් නැත...

    එකී නොකී මෙකී නිගමන අතරේ නියතයක් ඇත, ඒ සහෝදර ප්‍රේමය පමණක්මය. මාක් පරාදය, අපි දිනුම්ය. වර්චුවල් වුවද බෙහෙත් ටික බොන්න ගෙනාවේ චූටි මල්ලීය...ඒක ඌට කරන්න කිව්වේ මාක් නොවේය...අර නියතයය...ඇනලිසිස් එක අවසානය...හැමදාමත් ඌ මගේ චූටි :love::love::love:මල්ලීය
     

    sandeep.drck

    Active member
  • Sep 19, 2008
    159
    42
    28
    මේ දේ ලිව්වේ මම...මගෙ FB පොස්ට් එකක් විදිහට, රත්ගමයා පේරෙ මම දන්න විදිහට, මම ඌව වෙල්ලස්ස, ඔයලාට සැකයක් තියෙනවානම් රත්ගමයගේ බ්ලොග් එකට ගිහින් බලන්න මේ පෝස්ට් එක තියෙනවද කියල...මේ මගේ පළවෙනි ත්‍රේඩ් එක...ස්තුතී Comment වලට