චූ කරන කොට .... ?

ElaMans

Member
May 10, 2014
1,268
434
0
අවර්ණ – විනිවිද පෙනෙන
ඔබ වතුර විශාල ප‍්‍රමාණයක් බොනවා.

ළා කහපාට
ඔබ සාමාන්‍යයි සෞඛ්‍ය සම්පන්න සහ හොඳින් සජල වේ

තද කහපාට
සාමාන්‍යයි. නමුත් වතුර ටිකක් බිව්වොත් හොදයි.

දුඹුරු පාට
ඔබ අක්මා රෝග හෝ බරපතල ලෙස විජලනය වී ඇත. ඇති තරම් ජලය පානය කරන්න. මෙම තත්වය දිගින් දිගටම පවතින්නේ නම් ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

රතු පැහැයට හුරු රෝස පාට
මෙය ඔබ පරිභෝජනය කර ඇති රතු පාටට හුරු ආහාර නිසා හෝ වකුගඩු / අභ්‍යන්තර තුවාල තත්වයක් හෝ පිළිකා තත්වයක් විය හැක. නොපමාව වෛද්යවරයා හමුවන්න.

තැඹිලි පාට
මුත‍්‍රා සමග පිත පිටවිම හෝ අක්මාව ආබාධයක් විය හැකියි. නොපමාව වෛද්‍යවරයා හමුවන්න

නිල් හෝ කොළ පාට
දුර්ලභ ජාන රෝගයක් වීමට ඉඩ ඇත. ඇතැම් බැක්ටීරියා හෝ ඔබ පරිභෝජනය කර ඇති වර්ණ ගැන්වූ ආහාරයක් හෝ යම්කිසි බෙහෙත් වර්ගයක් නිසාද වීමට පුළුවන්. නමුත් තත්වය දිගින් දිගටම පවතින්නේ නම් ඔබේ වෛද්යවරයා හමුවන්න.

පෙණ නගින මුත‍්‍රා
හානිකර නොවන වාමුසු ප‍්‍රතිපලයකි. නමුත් මෙය ඔබේ ආහාරයේ ඇති අතිරික්ත ප්‍රෝටීන් හෝ වකුගඩු අක්මාව ආබාධයක් විය හැකියි. පෙණ නගින සැම වෙලේම පවතීනම් වෛද්‍යයවරයා හමුවන්න.

මුත‍්‍රාවල සුවඳ ද සෞඛ්‍ය ප‍්‍රශ්න හඟ වන්නක් විය හැක
දුගඳක් හමයි නම් මුත‍්‍රා ආසාදනයක් වීමට පුළුවන්.

මිහිරි සුවඳ නම් දියවැඩියාව හෝ අක්මා රෝග ලක්ෂණයක් විය හැක.

පුස් සුවඳ නම් පරිවෘත්තීය රෝගයක් වීමට පුළුවන්. ඔබ නිතරම පානය කරන යම්කිසි පානයක් නිසාද මෙසේ වීමට පුළුවන්. හරියට නිතරම කොපි හෝ හාතාවාරිය පානය කිරීම. මෙය සාමාන්‍ය තත්ත්වයක්වේ.
 

h.milroy

Junior member
  • Apr 25, 2009
    34
    12
    8
    Thada sudu pahayata (Kiri paata) nam ප්‍රෝටීන් / ho muthrashaye gala wennath puluwan. Thx