චූ කරන තැන

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    මේ කතාව 1995 විතර ඈතට ගිය පරන කතාවක්. ඒ වුනාට අද පවා මතක් වූ වෙලාවට මගේ මුවට සිනහවක් මතු වෙනවා. මම බැංකුවට ආ අළුත හැම දාම බෙන්තර ඉඳලා කොළඹ ඇද්දා. ඒත් පැය දෙක-දෙක හතරක් දවසකට මගට ගෙවන එක අපරාධයක්. අනිත් පැත්තෙන් ඒ කාලේ චන්ද්‍රිකා වෙලාව පැයක් ආපස්සට ඇද්දා. මම වැඩට එන්න නැගිටින්නේ උදේ හතරට. මේ චන්ද්‍රිකාගේ වෙලාව හැදිල්ලෙන් හරියටම බැළුවොත් මම නැගිටින්නේ උදේ තුනට. උදේ හවස දෙකම මේල් කෝච්චියේ බඩ ගාල හොඳටම හෙම්බත් වුනාට පස්සේ මම තීරණය කලා බොඩිමක් හොයා ගන්න. අන්තිමට හොයලා හොයලා මට ගෙදර වගෙ තැනක් හමු වුනා. එහෙ ගිය අළුත වෙච්චි දෙයක් තමයි ලියන්නේ.

    මම එහේ යද්දි ඒ ගෙදර පුංචි ළමයි දෙන්නෙක් හිටියා. ලොකු එක්කේනා දුව. එයාගේ වයස අවුරුදු හතරයි. කොහොමත් මම වැඩිය කලබලයක් නැති මිනිහා. ඔෆිස් එකේ අනිත් අය සිකුරාදාම ගෙදර ගියත් මම හිතුවා නිකං දුක් විඳින්නේ නැතිව සෙනසුරාදා උදේ කලබලයක් නැතුව ගෙදර යනවා කියලා. එහෙ නතර වුන පලවෙනි සති අන්තයේ සෙනසුරාදා උදේ හතට විතර සතියෙම එකතු වෙච්ච රෙදි කන්දත් අරං මම ගියා එලියට රෙදි හෝදන්න. ගේ අයිනේ තාප්පයට හේත්තු වෙන්න ගහල තිබුන වතුර පයිප්පේ ගාව කොංක්‍රීට් ලෑල්ලක් දාල හදල තියෙන තැන තමයි එගොල්ලෝ රෙදි හෝදන්නේ. මමත් ඉතින් රෙදි ටික පෙඟෙන්න දාල එතන ඉඳගෙනම දත් මැදින්න පටන් ගත්තා. සෙනසුරාද උදේ හතට ගෙදර අය කීයටවත් නැගිටින්නේ නෑ. ඒ නිසා නිදන් හිටිය සරමත් කැහැපොට ගහගෙන උඩට මොනවත් අඳින්නැතුවම මමත් හිටියා එතන. කල්පනා ලෝකයේ ගැලිල දත් මැද මැද ඉන්න මට දොර අරින සද්දයක් යාංතමට වගේ ඇහුනා. ඒත් ඒ හරියේ ගෙවල් ලඟ-ලඟ තියෙන නිසා මට ඒ තරම් ෂුවර් නෑ මේ අපේ බෝඩිමේ දොරද ඇරුනේ කියලා.( මම ආවේ පස්ස දොරෙන්). එතකොටම ඒ ගෙදර ඉන්න අර කියපු දුව (ආදරේට හැමෝම කියන්නේ නංගි කියලා ) දුවගෙන ආව මම ඉන්න තැනට. සතියක්ම ඒ ගෙදර හිටි මාත් එක්ක මේ ළමය කුළුපග වෙලා හිටියේ. එහෙම දුවල ඇවිත් මට කියනවා

    "අංකල්-අංකල් මට චූ කරන තැන පෙන්නන්න" කියල

    මගේ ඉහ මොල රත් වෙලා ගියා මේ කියපු කතාවට. දෙයියනේ මේ ළමයා මොනවද මේ කියන්නේ මම කොහොමද පොඩි එකෙක්ටවත් මේව පෙන්නන්නේ. මම පොඩි කාලේ ඉඳන් බොහොම ලැජ්ජාවට හැදිච්ච එකා. දැන් මට හීන් දාඩියත් දාගෙන එනව. මම වට පිට බැලුව. තාම කවුරුවත් නෑ. මොනවා වුනත් තව පොඩ්ඩක් ඉවසනව.

    "මො...ක....ක්....ද නං....ගි කි....ව්....වේ?" කියලා මම ගොත ගගහා මම ඇහුවා.

    "මට චූ කරන තැන පෙන්නන්න" (ඒ පාර මූණත් පොඩ්ඩක් ඇඹුල් කරගෙන. මේ දවස් ටිකට මම තේරුම් ගත්ත දෙයක් තමයි පොඩි දේකට වුනත් මේ ළමයා අඬන බව)

    හත් වලාමේ මම වැටිච්ච අමාරුවක්. ඉඳලා-ඉඳල හොයා ගත්ත බෝඩිමත් නැති වෙන වැඩක් තමයි මේක. ඔන දෙයක් වෙච්චාවේ

    "අනේ අංකල් ඉක්මනට පෙන්නන්න. මට ඉන්න බෑ....." කෙල්ල අඬ-අඬා කිව්ව. මට එතකොටයි තේරුණේ.

    "ඔන්න ඔය පැත්තට යන්න කියල මම කිව්ව"

    ඒ පාර කෙල්ල මම පෙන්නපු පැත්තෙන් වාඩි වෙලා චූ කරනව. එතකොටයි මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවේ. හත් දෙයියනේ තව පොඩ්ඩෙන් හිරේ ගිහින් තමා නතර වෙන්න වෙන්නේ. එහෙම උනානම් පත්තරේ වැටෙයි "අවුරුදු හතරක කුඩා දැරියකට නිරුවත පෙන්වූ බැංකු නිලධාරියා රිමාන්ඩ්" කියලා. එහෙම උන්නානම් ඉතිං වහ ටිකක් කාලේ කැලේ නිදා ගන්න තමයි වෙන්නේ. මගේ අර ඉවසිල්ල තමයි මාව බේරුවේ. පොඩි-ලොකු කියලා බේදයක් නෑ ඕන එකෙක් ආසයි නෙව එලියේ චූ කරන්න.


    awidda-paya.blogspot.com
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අපි කෑ ගහනවනේ එලකිරි ඒවා උස්සලා දානවා ගත්තු තැන් දාන් නෑ කියලා...
    මුලින්ම අපි හැදිලා ඉමුකෝ ;)

    awidda-paya.blogspot.com/2012/04/1.html
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    reputation_neg.gif
    චූ කරන තැන 08-16-2014 11:30 PM පුක නොදි හිටටහන් -5
    dude u r mentally ill :(
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    :D

    අපි කෑ ගහනවනේ එලකිරි ඒවා උස්සලා දානවා ගත්තු තැන් දාන් නෑ කියලා...
    මුලින්ම අපි හැදිලා ඉමුකෝ ;)
    :yes:

    පටේ ප‍ටු,මේ ගොඩ් බලාස්ට් අස් ඔල් !!! :D:D
    :D

    reputation_neg.gif
    චූ කරන තැන 08-16-2014 11:30 PM පුක නොදි හිටටහන් -5
    dude u r mentally ill :(
    :D

    Dude he is mentally ill..

    DHIMI Syndrome

    Ignore him..
    :D


    :D:D රිදිල
    :D:yes:
     

    sudeeka

    Member
    Oct 12, 2012
    5
    0
    1
    මගේ ලොල් කතාවක් සබැඳියාව සහිතව මෙහි පල කිරීම ගැන ස්තුතිය පල කරනවා. අනෙක් කතා 35ත් කියවා අදහස් දක්වන්න.