චෙක් ගනුදෙනු

Shan-Kelaniya

Junior member
  • Feb 16, 2016
    75
    14
    8
    චෙක් එකක් ගනුදෙනු කරන්න පුළුං කාලය මාස 6 වෙනවා
    එත් නිතය්නුකුල වලංගු කාලය අවුරුදු 6 වෙනවා

    මේ කතාව තව ටිකක් පැහැදිලි කරන්නකෝ
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මේ කතාව තව ටිකක් පැහැදිලි කරන්නකෝ

    1 ) චෙක් එකක අද දිනේ දාල ලිවුවොත් අද සිට මාස 6 ක කාලයක් ඇතුලත ඒක අදාල බැංකුවෙන් මාරු කරන්න පුළුවන්.(නැත්තං වෙන බැංකුවක උනත් තියෙන එකවුන්ට් එකකට ඩිපොසිට් කරන්න පුළුවන්) මාස 6 න් පස්සේ ඒක ගනුදෙනු සඳහා බැංකුවට ඉදිරිපත් කරන්න බැහැ.

    2 ) කෙනෙක් එකවුන්ට් එකේ සල්ලි නැතුව ඔයාට චෙක් එකක් දෙනවා. ඔයා ඒ චෙක් එක බැංකුවට ඉදිරිපත් කරනවා. ඒ චෙක් එක අගරු වෙනවා (bounce). ඔයාට සල්ලි ලැබෙන්නේ නැහැ. එතකොට ඔයා නීතිමය පියවරකට යනවනම් අන්න එකේදී අදාල චෙක්පත නිකුත් කල දින සිට අවුරුදු 6 ක කාලයකට තමා වලංගු වෙන්නේ. අවුරුදු 6 කට පස්සේ ඔයාට බැහැ ඒ චෙක් පතට අදාලව නඩුවක් දාන්න.
     
    Last edited:
    • Like
    Reactions: Plusky

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    Cross karanawa kiyanne mokakda bn....

    ක්‍රොස් කරනවා කියන්නේ චෙක් පතකට අමතර ආරක්ෂාවක් යෙදීමක්.
    ඒකේදී සාමාන්‍යයෙන් කරන්නේ චෙක් පතේ ඉහල වම් කෙලවරේ පොඩි ඉරි කෑලි දෙකක් සමාන්තරව අඳිනවා. මෙන්න මේ වගේ
    main-qimg-eca2d5dd075ec6a368dcfdd5951426e8-c


    එතකොට චෙක් එක බැංකුවේ කවුන්ටරෙන් මාරු කරන්න බැහැ.
    අනිවාර්යයෙන් ගිණුමක් හරහාම මාරු කරගන්න ඕනේ.

    හිතන්නකෝ කෑෂ් චෙක් එකක් කියල. ඒ කියන්නේ නිශ්චිත පුද්ගලයෙකුගේ නමට ලියපු නැති චෙක් එකක්. Pay කියන තැන ලියන්නේ cash කියල. ඒ වගේ චෙක් එකක් ඕන කෙනෙකුට මාරු කරන්න පුලුවන්.
    බැංකුවේ තියෙන කවුන්ටරේට දීල (අදාල පුද්ගලයා අතින් චෙක් එක නැති වෙලා ඒක වෙන කෙනෙක් අතට පත් වුනොත් එයාට මාරු කරගන්න පුළුවන්).
    හැබැයි චෙක් එක පිටිපස්සේ පිටසන් කරන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ සම්පුර්ණ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය ලියල දෙපාරක් අත්සන යොදල ජාතික හැඳුනුම්පත සමග කවුන්ටරයට ඉදිරිපත් කරන්න ඕනේ. (ඕනේ නම් බොරු තොරතුරු දාල ඒකට හරියන බොරු ජාතික හැඳුනුම්පතක් එක්ක දීල වුනත් කරගන්න පුළුවන්)

    හැබැයි ක්‍රොස් කරපු චෙක් එකක් එහෙම මාරු කරන්න බැහැ. ඒකට අදාල බැංකුවේ ගිණුමක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. තමන්ගේ ගිණුමක් නැත්තං ගිණුමක් තියෙන කෙනෙකුට දීල එයාගේ ගිණුමට චෙක් එක ඩිපොසිට් කරලා සල්ලි ගන්න ඕනේ (වෙන බැංකුවක චෙක් එකක්නම් සල්ලි එවලේම ගන්න බැහැ චෙක් එක රියලයිස් වෙලා එන්න ඕනේ. අද උදේ දැම්මොත් හෙට 2 න් පස්සේ වගේ තමා මාරු වෙන්නේ, සිකුරාදා දැම්මොත් සඳුදා තමා එන්නේ) එතකොට තමන් දීපු චෙක් එකක් මොකක් හරි හේතුවකින් නැති වෙලා වෙන කෙනෙක් මාරු කරගෙන තිබුනොත් බැංකුව මාර්ගයෙන් බැක්ට්‍රැක් කරලා හොයාගන්න පුළුවන් සල්ලි වලට මොකද වුනේ කියලා.

    ඔය කිවුවේ බේසික්ම ක්‍රොසින් එක. තව ක්‍රොසින් වර්ග තියෙනවා.

    main-qimg-932df2d7edde3db45505d93ba1ef1f4c


    මේවයේ තියෙනවා එක එක තේරුම්. ඒවා මම පස්සේ වෙලාවක දාන්නම්.

    ආ තව ක්‍රොස් කරපු චෙක් එකක ක්‍රොසින් එක කැන්සල් කරන්න පුළුවන් crossing canceled කියල ලියල චෙක් එක අත්සන් කරපු පුද්ගලයා විසින් අදාල ස්ථානයේ තව අත්සනක් යෙදුවොත්.


     
    Last edited: