බාර් වහන්න කලින් බෝතල් ගන්න බැරි උන කොල්ලො ටික මේ පැත්තට ආවා නම්.
නිකන් ගෙදරට වෙලා ඉන්න එකේ අද වයින් ටිකක් හදන්න හිතුවා.
උදේම ගිහින් චෙරි ටිකක් කඩාගත්තා.
වැස්ස නිසා ගෙඩි ගොඩක් වැටිලා
මල්ලිත් එක්ක සෙට් වෙලා ගෙඩි ටිකක් කඩාගෙන දෙතුන් පාරක් හොදලා, නැටි ටික එහෙම කඩලා හොදට සුද්ද කරගත්තා.
පස්සෙ චෙරි ටික ටිකක් බලෙන්ඩ් කරලා ඒකට සීනී, යීස්ට්, කරාබු නැටි, එනසාල් එහෙම දාලා හොදට කලවම් කරගත්තා.
අන්තිමට මැටි මුට්ටියකට දාලා රෙදි කෑල්ලකින් බැදලා පැහෙන්න තිබ්බා.
දැන් සතියක් විතර මේක තියන්න ඕනෙ. ඊට පස්සේ පෙරන්න ගමු
දැන් පැය 3ක් විතර වෙනවා. ඉන්න බෑ පට්ට සුවදක් එන්නෙ
එහෙනම් සතියකින් විතර බලමු මොකද වෙලා තියන්නෙ කියලා
ප.ලි: මේ ලොවි නෙමෙයි. මම පහල විකිපීඩියා ලින්ක් එක දාලා ඇති ඒකෙන් බලපල්ලා.
https://en.m.wikipedia.org/wiki/Malpighia_emarginata
Update - Day 06 :
අදට වයින් එක පැසවෙන්න දාලා දවස් 6ක් වෙනවා
ඔන්න එහෙනම් අද කලවම් කරන්න යන්නේ
පොල්කටු හැන්දක් එහෙම අරගෙන වැඩේට සෙට් උනා
වහලා තිබ්බ රෙදි කෑල්ල අයින් කරපු ගමන් මෙහෙම තමයි පේන්න තිබ්බේ
රතු පාට නැති වෙලා කහ පාටට හැරිලා. මාරම සුවදක් ආවා ඇරපු ගමන්ම. මම දාපු වතුර ප්‍රමානය ටිකක් වැඩිවෙලා වගේ (ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ)
පස්සේ පොල්කටු හැන්දෙන් හොදට කලවම් කරගත්තා.
යිස්ට් ටික ආපහු කලවම් උන නිසා සුදු පාටට හැරුනා.
ආපහු අපි දවස් 3කින් වගේ කලවම් කරලා ඊට පස්සේ තව දවස් 5කින් වගේ පෙරන්න ගමු
Last update:
අන්තිමට සේලයින් බටයක් අරන් අඩියේ තියෙන යීස්ට් ටික කලවම් වෙන්නේ නැතුව බෝතල් වලට පේරා ගන්න ඕනේ.
පෙරාගත්තම මෙහෙම තමයි පේන්න තිබ්බේ
මේ බෝතල් හොල්ලන්නේ නැතුව දවස් 4ක් වෙගේ තියලා. ආපහු තව බෝතල් ටිකකට පෙරා ගත්තා. එහෙම කරන්නේ කලවම් වෙලා තියන යීස්ට් තව දුරටත් අයින් කරන්න ඕනෙ නිසයි
බාර් දිගටම වහලා තිබ්බ නිසා ඉවසගන්න බැරැව thread එක දාන්න කලින් වයින් ටික බිව්වා
බෝතල් 3 1/2 ක් වගේ තිබ්බා. හොද පදමට තිබ්බා. යහමින් dope උනා