චෙල්සිට_ඔබාමා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
හමුදා රහස් පිට කළ චෙල්සිට ඔබාමා ගෙන් සමාව



_93645723_cfa543fd-5559-4bb6-817b-6c781e377747.jpg


චෙල්සී මෑනිං 2045 දක්වා සිරදඬුවම් විඳීමට නියමිතව සිටියාය

ඇමෙරිකානු හමුදාවේ අතිශය රහස් තොරතුරු විකීලීක්ස් වෙබ් අඩවියට ලබා දුන් චෙල්සී මෑනිං ගේ දඬුවම ලිහිල් කරන බව ජනාධිපති බරක් ඔබාමා නිවේදනය කළේය.
ඒ අනුව දැනට වසර 2045 දක්වා තිස් පස් වසරක සිරදඬුවමකට ලක් කර සිටින චෙල්සී මෑනිං ලබන මැයි මාසයේ 17 වැනි දින බන්ධනාගාරයෙන් නිදහස ලැබීමට නියමිතයි.
සංක්‍රාන්ති ලිංගිකයකු වන 29 හැවිරිදි චෙල්සී එක්සත් ජනපද හමුදාවේ සොල්දාදුවකු ලෙසින් සේවය කළේ බ්‍රැඩ්ලි මෑනිං ලෙසිනි.



_93645725_1bd3d312-6d0f-4c0b-abec-ea09ebc38582.jpg


සංක්‍රාන්ති ලිංගිකයකු වන චෙල්සී එක්සත් ජනපද හමුදාවේ සොල්දාදුවකු ලෙසින් සේවය කළේ බ්‍රැඩ්ලි මෑනිං ලෙසිනි

2010 දී විකීලීක්ස් අඩවියට රහස් තොරතුරැ ලබාදීමේ චෝදනාවට චෙල්සී මෑනිං වරදකරු බව 2013 අධිකරණය තීන්දු කළේය. එය ඇමෙරිකානු ඉතිහාසය තුළ අතිශය රහසිගත තොරතුරු එතරම් විශාල ප්‍රමාණයක් අනාවරණය වූ එක් අවස්ථාවකි.
සිරදඬුවමට ලක්කිරීමෙන් අනතුරුව චෙල්සී මෑනිං දෙවරක්ම සිය දිවි නසාගැනීමට උත්සාහ කළ අතර, වරක් ආහාර වර්ජනයකද නිරත වූවාය.
ලබන සිකුරාදා සිය ධුරයෙන් සමුගන්නා ජනාධිපති ඔබාමා, සිය අවසන් නිල කටයුත්තක් ලෙසින් සිරකරුවන් 209 දෙනකුගේ දඬුවම් ලිහිල් කර ඇති අතර තවත් 64 දෙනකුට සමාව ප්‍රදානය කර තිබේ.



BBC


 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මාධ්‍ය නිදහස :yes: :yes:
මිනිස්සු කූඩු කරන්න නං කූඩු කල්ල නෑ කියල රවට්ටන්න ඕනෙ :yes: :yes: