චේගුවේරා සහ ඔසාමා බින්ලාඩන්
හුඟක් මාධ්‍යය බින් ලාඩන් තවත් චේගුවේරා කෙනෙක් වේ යැයි කියනවා මට කියවන්නට ලැබින. ලොව සිටි සමාජවාදීන් අතර මම ගරු කරන එකම සමාජවාදීයා චේගුවේරා පමනි.
ඔසාමා සහ චේගුවේරා අතර සමාන කම් වගේම අසමානතා රාශියක් වේ. චේගුවේරා සහ ඕසාමා යන දෙදනාම ධනවත් පවුල් වල තරුනයන් විය.චේගුවේරා සිය ධනය අතහැර නිර්ධන විප්ලවයට සම්බන්ද විය..චේගුවේරා වෛද්‍යවරයෙක් වූ අතර ඔසාමා ඉංජිනේරුවෙක් විය. චේගුවේරා සමාජවාදියෙක් සහ මිත්‍ය විශ්වාස අතහැරපු පුද්ගලයෙක් විය. හෙතෙම සිය ජාතිය පවා අතහැරියේය.චේගුවේරා කිසිවිටෙක වර්ගවාදියෙක් නොවීය.නමුත් ඔසාමා ආගම්වාදියෙක් විය. ඔසාමා පැහැදිලි මුස්ලිම් වර්ග වාදියෙක් පමණක් විය.
චේගුවේරා සහ ඕසාමා යන දෙදනාම විදේශ රටවල ජනතාව වෙනුවෙන් සටන් කලහ.මේක නිසා ඔසාමා තරමක් දුරට චේගුවේරා චරිතය ආදර්ශයක් කර ගන්නට ඇතයි සිතිය හැක. නමුත් චේගුවේරා කිසි දිනක සිවිල් ජනතා ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ල නොකරේය.සිවිල් ජනතාවට බෝම්බ ගැසුවේ නැත.සිවිල් ජනතාවගේ බෙලි කැපුවේ නැත.ඔසාමා බටහිර සිවිල් ජනතාව මෙන්ම ඉරාක,ඇෆ්ගන් ,පකිස්තාන් මුස්ලිම් පල්ලිවල බෝම්බ ගසමින්, ප්‍රාණ ඇපකරුවන් තියාගනිමින්, මර්කට් වල කාර් බෝම්බ පුපුරවමින් ජනඝාතක රැසක් කරන ලඳි. චේගුවේරා මරාගෙන මැරෙන බෝම්බ කරුවන් බාවිතා නොකලේය.සැමවිටම යුධ පෙරමුනේ සටන් කලේය.ඔහු සැම විටම සිය සෙබලුන් ගත කල ජීවිතයම ගත කලේය.සෙබලුන් අදින ඇඳුම් සහ ආහාර ගත්තේය.කිසිම විටෙක විශේෂ සැලකුම් බාවිතා නොකරන ලදි.නමුත් ඔසාමා තරමක සුඛෝපභෝගී ලෙස ජීවත් වී ඇති බව පෙනේ.චේගුවේරා කෑල වල පැල්පත් වල ජීවත් වෙමින් සටන් කලේය.ඇමතිවරයෙක් ලෙස සිටපු කාලයේ පවා කුඩා නිවසක සිටිමින් අල්පේච්ච ජීවිතයක් ගත කර ඇත.නායකයන් දුක් සැබෑ ලෙස නායකත්වය පෙන්වන්නේ කෙසේදයි ඔහු ලොවට පෙන්වා දුනී.මෙලෙස ජීවත් වූ අනික් පුද්ගලයා මහත්මා ගාන්ධි වේ.
චේගුවේරා සියලුම ආගම් ප්‍රතික්ශේප කරපු, කාන්තා පීඩනයට එරෙහිව සටන් කර පුද්ගලයෙක් වේ.ඕසාම මුහමද්ගේ දර්ශනය තුල සිටිමින් තලෙයිබාන් සමග එක්ව මානව නිදහස, කාන්තා නිදහස මර්ධනය කරන ලදි.
ඔසාමා චරිතය නූගත් මුස්ලිම් මූලධර්මවාදී තරුනයන් අතර වීර චරිතයක් වුවත් කිසිම දෙනෙක නිදහස්වාදී උගත් තරුනයන් අතර වීර චරිතයක් නොවනු ඇත. නමුත් චේගුවේරා බටහිර උගත් තරුනයන් අතර, යුරෝපීය උගත් නූගත් තරුනයන් අතර මෙන්ම ආසියානූ උගත්, නූගත් තරුනයන් අතර අදර්ශයට ගන්නා වීර චරිතයක් බවට පත්ව ඇත.

Last edited: