චොකලට් ප්‍රහාර!
අසරණ ජර්මනියට චොකලට් ප්‍රහාර!
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය හා රුසියාව මිත්‍ර පාක්ෂිකයන් විසින් පරාජයට පත්වූ ජර්මනියේ විවිධ කොටස් තම පාලනයට නතුකරගත්තේය. ජර්මනියේ ප්‍රධාන මර්මස්ථානයක් වූ බර්ලින් නගරයද බටහිර බලවතුන්ගේ පාලනය යටතේ බටහිර බර්ලිනය ලෙසද, සෝවියට් රුසියාව පාලනය කල නැගෙනහිර බර්ලිනය ලෙස බෙදි ගියේය.
මේ ක්‍රි.ව 1948 වසරයි. සෝවියට් හා බටහිර බලවතුන් අතර ඇතිවූ මතභේදයක් හේතුවෙන් සෝවියට් රුසියාව විසින් බටහිර බර්ලිනයේ සැපයුම් මාර්ග අවහිර කරන ලදි. මෙය සීතල යුද්ධයේ මුල්ම අර්බුදයක් ලෙස හැදින්විය හැක.
ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය හමුවේ දැඩි පීඩාවට පත් බටහිර බර්ලිනයේ වැසියන් ඉන් මුදාගැනිමේ අරමුණින් ගුවන් මෙහෙයුමකට බටහිර බලවතුන් මුලපිරුවා. ඒ අනුව බ්‍රිතාන්‍ය , එක්සත් ජනපද, ප්‍රංශ ඇතුලු ගුවන් හමුදා යානාමුළුවක් ටොන් ගනනක භාණ්ඩ රැගෙන නිතිපතා බටහිර බර්ලිනය කරා පියාසර කරන්නට වූහ.
මෙම විශේෂ මෙහෙයුමට සම්බන්ද වූ එක් නියමුවෙකි, ගේල් හැල්වර්ස්න් (Gail Halvorsen). මෙහෙයුම අතර ලැබෙන විවේකයෙන් ඔහු විසින් භූමියේ තත්ත්වය පිලිබදව කැමරාවෙන් රූපගත කිරිම ද සිරිත විය. 1948 ජූලි මස කාගෝ ගුවන්යානාවද රැගෙන ලගාවුයේ ටෙම්පල්හොෆ් ගුවන්තොටටයි. බඩු ඉවත්කරගන්නා තෙක් ලද විවේකයෙන් තොටුපලේ ඇවිද ගිය ගේල් ගේ නෙත ගැටුනේ කටුකම්බි වැට අද්දර සිටින දරු කැළකි.
ඔවුන් සමග ඉක්මන් බජනයට වැටුනු ගේල් තොරතුරු විමසා සිටියේය. සංවාදය අවසානයේ ඔවුන්ට යමක් දිය යැයි සිතු ඔහු, සාක්කුවේ තිබු ඩබල්මින්ට් චුයින්ගම් දෙකක් ගෙන කොටස් වලට කඩා දරුවන් වෙත පෑවේය. සැනින් එය ග්‍රහණය කරගත් දරුවන් කලකට පසු ලැබුනු රසකැවිල්ල මහත් සොම්නසින් සපන්නට විය. චුයින්ගම් කෑල්ලක් සැපීමට වරම් නොලද දරුවන්, ඒවා ඔතා තිබු ආවරණය නාසයට තබා සුවද ආඝ්‍රාණය කරනු දුටු ගේල් සංවේදි විය.
ඊලග ගමනේදි තමන් තවත් රසකැවිලි රැගෙන එන බවත් ඔහු දරුවන්ට පොරොන්දු විය. තම ගුවන් යානාව තොටුපලට ලගාවන විට තටුව පද්දා සංඥා කරන බවත් එයින් තමාව හදුනාගන්නා ලෙසත් ඔහු දරුවන්ට ප්‍රකාශ කලේය.
තම කදවුරට ගිය ගේල් මේ පිලිබදව තම මිත්‍ර සෙබලුන්ට දැනුම්දුන් අතර ඔවුන්ගේ දායකත්වයෙන් චොකලට් අැතුලු රසකැවිලි සැලකිය යුතු ප්‍රමාණයක් සපයාගැනිමට හැකිවිය. ඊලග බර්ලින් ගමනේදි මෙම චොකලට්, ලේන්සූ ආධාරයෙන් තැනු කුඩා පැරශූට් වල අමුණා යානාවෙන් බිම හෙලිය. ඒවා ලබාගත් දරුවන්, පැරශුටයට භාවිතා කල ලේන්සූව වනමින් ගේල් ට ආචාර කලේය. ඉන්පසු සැම ගුවන් ගමනකදිම චොකලට් හෙලීම ගේල් ඇතුලු ගුවන්නැවියන් විසින් සිදුකල අතර, දින දින චොකලට් ලබාගැනිමට රැස්වන පිරිස ද වැඩිවෙන්නට විය. "Uncle Wiggly Wings" / "The Chocolate Uncle" ආමන්ත්‍රණයෙන් කුඩා දරුවන් විසින් ගේල් වෙත ලිපි එවන්නට විය.
ගුවනින් චොකලට් හෙලීමේ සිද්ධිය පුවත්පත් හරහා ප්‍රචාරය වීමත් සමග ගේල් ඇතුලු පිරිස වෙත ඇමරිකාවේ නන් දෙසින් ජර්මානු දරුවන් වෙත ප්රදානය කිරිම සදහා චොකලට් ඇතුලු රසකැවිලි දෝරේ ගලන්නට විය. පශ්චාත් යුධ සමයේදි ඇමරිකානු හා ජර්මානු සබදතා වර්ධනය කිරිමට ලද මහඟු අවස්ථාවකි.
ක්‍රි.ව 1949 වසන්ත සෘතුවේදි රුසියාව විසින් අවහිර කරන ලද ගොඩබිම් සැපයුම් මාර්ග නැවත විවෘත කල අතර ඒ වනතෙක් වසරක කාලයක් තුල ගුවන් මගින් බටහිර බර්ලිනය වෙත ටොන් දහස් ගනනක ආහාර රැගෙන යද්දි, ගේල් ඇතුලු ගුවන් නැවියන් ගේ අතුරු මෙහෙයුමෙන් රසකැවිලි ටොන් 23ක් පමණ බටහිර බර්ලිනය වෙත හෙලා ඇත.
- Roshin Fernando