චොකලට්_හදනහැටි ♥

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    චොකලට්_හදනහැටි ♥

    ¸.•*´¨`*•.¸චොකලට් හදනහැටි¸.•*´¨`*•.¸


    1319294450.jpg

    චොකලට් නොකාපු කවුරුත් නෑ නේද???
    චොකලට් කාලා ස්මාර්ටීස් නොකාපු කවුරුත් නෑ නේද???

    ම්ම්ම්ම්ම්ම්ම්ම්.........ඔගොල්ලෝ කොච්චර ස්මර්ටීස් කෑවත් කනගමන් නිකමටවත් හිතුවද මේවා හදන්නේ කොහොමද කියලා?????????නෑ නේද???

    ඒකහින්දා අද ඕගොල්ලන්ව ගෙනියනවා ලන්ඩන් වල ස්මාර්ටීස් කොම්පැණියට............

    1319294452.jpg

    මේ ගොල්ලෝ පාවිච්චි කරන චොකොලට් එකනම් මේ කොම්පැණි එකෙන් නෙමයි හදන්නේ...වෙන ආයතනයකින් හදපුවා තමයි ගෙන්නන්නේ...

    ගෙනල්ලා මේ ලොකු කල්දේරම් වලට දාලා හොදට පදම් කරනවා...මේ එක කල්දේරමක චොකොලට් ටොන් 6ක් විතර දාන්න පුලුවන්...

    1319294453.jpg


    මේ තියෙන්නේ ස්මාර්ටීස් හැඩේ ගන්න තියන අච්චුව..මේ යට තට්ටුවට චොකොලේට් පිරෙව්වහම උඩින් තව අච්චුවක් තියලා වහනවා..එතකොට තමයි රවුම් වෙන්නේ...

    1319294454.jpg


    අච්චුවෙන් එලියට ගත්ත මේ චොකොලට් බුබුලු ලේයරය සිසිල් කරන්න මේ විදිහට තුනී කරලා තියනවා.....

    1319294455.jpg

    සිසිල් උන චොකලට් ලේයරයේ අනවශ්‍යය ටික මේ විදිහට අයින් කරගන්නවා....
    ඒ ඉවත් කල චොකලට් නැවත භාවිතා කරනවා...

    1319294456.jpg


    මේ තියෙන්නේ ස්මූතින් ඩ්‍රම් එක...වෙන් කරගත්තු චොකලට් බුබුලු මේකට දාලා කලත්තනවා...එතකොට තමයි හැඩේ නියමාකාරව එන්නේ..

    1319294457.jpg

    හොදට හැඩවුන චොකොලට් මේකට දාලා තමයි ස්මාර්ටීස් වල තියන පිට පොත්ත අලවන්නේ...මේක සීනි තැවරූ පොත්තක්....දන්නවනේ රසට හැපෙන පොත්ත??
    මේක සීනි ද්‍රවයක්...මෙකට චොකලට් බෝල ටික දානවා..

    1319294458.jpg


    මේ හදලා තියෙන්න දොඩම් රස ස්මාර්ටීස්...ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
    මේක රසගන්වන්නේ මුලදිමයි....අච්චුවට දාන තැනදි...
    මේ ස්මර්ටීස් වල එක රසක් විතරයි...තව ගොඩක් තියනවා.....එවාත් මේ විදිහටම තමා.....

    1319294459.jpg

    මේ තියෙන්නේ මිදි රස ඒවා.....

    1319294460.jpg


    ඊගාවට කරන්නේ හදපු ස්මාර්ටිස් මේවිදිහට මිශ්‍ර කරනවා...පාට 8ක් තියනවා.....

    1319294462.jpg

    දැන් මේ මිශ්‍ර වෙච්ච ස්මාර්ටීස් යන්නේ ඇසුරුම් කරන්න..........

    1319294463.jpg


    මෙතනින් තමයි අර ආපු ස්මර්ටීස් ටියුබ් වලට දාන්නේ
    විනාඩියට 600ක් විතර පුරවනවලු ටියුබ්.......

    1319294464.jpg


    මේ තියෙන්නේ අන්තිම අවස්ථාව මේ ක්‍රියා දාමයේ....
    ටියුබ් වලට මූඩි හයි කරනවා.....ලස්සනයි නේද????

    1319294465.jpg

    අන්තිමට ඉතින් ස්මාර්ටීස් වල කොල අලවලා පෙට්ටි වලට දානවා.......
    එක ස්මාර්ටීස් ටුයුබ් එකක් හදන්න පැය 22ක කාලයක් ගතවෙනවලු..........

    1319294448.jpg

    මේ විස්තරය මේ විදියටම මට හම්බුනේ ඊ මේල් එකකින්
    සියලු ගරුත්වය යන්න ඕනේ මේකේ මුල් නිර්මාතෘවරයාට
    එයා කවුද කියල මම දන්නේ නැතෝ :D:D
     
    Last edited:

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    රෙප කැපුවා:angry::angry::angry:
    අනවශ්‍ය දේවල් දාන්න එපා යකෝ..ව්:sorry:
    වාවන්න බෑ දැක්කම:(

    උබට චොකලට් කන්න හොද නැ බොලව් :frown:
    මයිල් හැලෙනවා :P:P