මේ එළකිරි එකේ චොකලට් නොකාපු කවුරුත් නෑ නේද???
චොකලට් කාලා ස්මාර්ටීස් නොකාපු කවුරුත් නෑ නේද???
ම්ම්ම්ම්ම්ම්ම්ම්.........ඔගොල්ලෝ කොච්චර ස්මර්ටීස් කෑවත් කනගමන් නිකමටවත් හිතුවද මේවා හදන්නේ කොහොමද කියලා?????????නෑ නේද???
ඒකහින්දා මම අද ඕගොල්ලන්ව ගෙනියනවා ලන්ඩන් වල ස්මාර්ටීස් කොම්පැණියට............
මේ ගොල්ලෝ පාවිච්චි කරන චොකොලට් එකනම් මේ කොම්පැණි එකෙන් නෙමයි හදන්නේ...වෙන ආයතනයකින් හදපුවා තමයි ගෙන්නන්නේ...
ගෙනල්ලා මේ ලොකු කල්දේරම් වලට දාලා හොදට පදම් කරනවා...මේ එක කල්දේරමක චොකොලට් ටොන් 6ක් විතර දාන්න පුලුවන්...
මේ තියෙන්නේ ස්මාර්ටීස් හැඩේ ගන්න තියන අච්චුව..මේ යට තට්ටුවට චොකොලේට් පිරෙව්වහම උඩින් තව අච්චුවක් තියලා වහනවා..එතකොට තමයි රවුම් වෙන්නේ...
අච්චුවෙන් එලියට ගත්ත මේ චොකොලට් බුබුලු ලේයරය සිසිල් කරන්න මේ විදිහට තුනී කරලා තියනවා.....
සිසිල් උන චොකලට් ලේයරයේ අනවශ්‍යය ටික මේ විදිහට අයින් කරගන්නවා....
ඒ ඉවත් කල චොකලට් නැවත භාවිතා කරනවා...
මේ තියෙන්නේ ස්මූතින් ඩ්‍රම් එක...වෙන් කරගත්තු චොකලට් බුබුලු මේකට දාලා කලත්තනවා...එතකොට තමයි හැඩේ නියමාකාරව එන්නේ..
හොදට හැඩවුන චොකොලට් මේකට දාලා තමයි ස්මාර්ටීස් වල තියන පිට පොත්ත අලවන්නේ...මේක සීනි තැවරූ පොත්තක්....දන්නවනේ රසට හැපෙන පොත්ත??
මේක සීනි ද්‍රවයක්...මෙකට චොකලට් බෝල ටික දානවා...
මේ හදලා තියෙන්න දොඩම් රස ස්මාර්ටීස්...ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
මේක රසගන්වන්නේ මුලදිමයි....අච්චුවට දාන තැනදි...
මේ ස්මර්ටීස් වල එක රසක් විතරයි...තව ගොඩක් තියනවා.....එවාත් මේ විදිහටම තමා.....
මේ තියෙන්නේ මිදි රස ඒවා.....
ඊගාවට කරන්නේ හදපු ස්මාර්ටිස් මේවිදිහට මිශ්‍ර කරනවා...පාට 8ක් තියනවා.....

දැන් මේ මිශ්‍ර වෙච්ච ස්මාර්ටීස් යන්නේ ඇසුරුම් කරන්න..........
මෙතනින් තමයි අර ආපු ස්මර්ටීස් ටියුබ් වලට දාන්නේ
විනාඩියට 600ක් විතර පුරවනවලු ටියුබ්.......
මේ තියෙන්නේ අන්තිම අවස්ථාව මේ ක්‍රියා දාමයේ....
ටියුබ් වලට මූඩි හයි කරනවා.....ලස්සනයි නේද????
අන්තිමට ඉතින් ස්මාර්ටීස් වල කොල අලවලා පෙට්ටි වලට දානවා.......
එක ස්මාර්ටීස් ටුයුබ් එකක් හදන්න පැය 22ක කාලයක් ගතවෙනවලු...........
රී පෝස්ට් නෙමයි කියලා හිතනවා...මේක මගේම නිර්මාණයක්.....හොදයිනම් සලකන්න......
Last edited:



