චොගම් ගොස්‌ මලගම් ගිය සත්තු RIP

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    චොගම් ගොස්‌ මලගම් ගිය සත්තු RIP

    පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා මෙහි පැමිණි විදේශිකයින් පිනවීම උදෙසා බත්තරමුල්ල ජනකලා කේන්ද්‍ර භූමියේ කඩි මුඩියේ තැනූ සතුන්වත්ත මේ වනවිට සතුන් දෙතුන් දෙනෙක්‌ පමණක්‌ මහත් දුකසේ කල් ගෙවන පාලු වන රොදක්‌ බවට පත්ව ඇති අයුරු එහි යන ඕනෑම අයෙකුට දැකිය හැකිය.

    පොදු රාජ්‍ය මණ්‌ඩලයීය නායක සමුළුවට පැමිණි පිරිසට ස්‌වභාවික සත්වෝද්‍යානයක අසිරිය පෙන්වීම මෙම සත්වෝද්‍යානය තැනීමට හේතු විය. ඒ සඳහා දෙහිවල සත්වෝද්‍යානයේ සිටි මුවන් 13 දෙනකු ජන කලා කේන්ද්‍ර භූමියට කඩිමුඩියේ ගෙනත් දැමූ අතර උන්ගෙන් හතර දෙනෙකු දැනටමත් මියගොස්‌ ඇති බව තහවුරු වී ඇත. තුන් දෙනෙකු දියවන්නාවට පැන පිහිනා යද්දී නාවික හමුදා බෝට්‌ටු මගින් උන් අල්ලාගෙන යළිත් ජනකලා කේන්ද්‍ර භූමියේ සත්වෝද්‍යානයට මුදාහැරි පුවත මීට පෙර මාධ්‍ය ගණනාවකින් හෙළිදරව් කෙරිණි. දෙහිවල සතුන්වත්තේ ඕලු මුවන් 8 දෙනෙකු සිටි අතර එයින් පස්‌ දෙනෙක්‌ ම මෙම නව සතුන්වත්තට ගෙන ආ නමුත් මේ වනවිට උන්ව දැකගත හැකි නොවේ. ආපසු රැගෙන ගොස්‌ද නැත. ඉතාම අහිංසකවූත් සුලු දෙයකින් පවා මහත්සේ කලබලයටත්, කම්පනයටත් පත් වන මුවන් එවැනි අවස්‌ථාවකදී ලේ ගමනාගමනය වැඩිවීමෙන් මරණයට පවා පත් වනු ඇත. ගෝනා ද එසේ ම අහිංසක සත්ත්වයෙකි. දෙහිවල සත්වෝද්‍යානයේ සිටි ඉබ්බන් 40 ක්‌ පමණ මෙම නව සත්වෝද්‍යානයට ගෙනැවිත් දැමූ නමුත් මේ වන විට දැකිය හැකි වන්නේ ඉබ්බන් එක්‌කෙනෙක්‌ හෝ දෙන්නෙක්‌ පමණි.

    animal3.jpg
    හැඳි ආලාවා නමැති කොකුන් 12 ක්‌ දෙහිවල සිට බත්තරමුල්ලට රැගෙන ගොස්‌ දැමූ අතර එසේ ගෙනගිය පළමු දිනයේදීම කොකුන් 2 ක්‌ මියගොස්‌ තිබිණි. තවත් එක හැඳි ආලාවා කොකෙක්‌ කකුලක්‌ කැඩී දෙහිවල සත්වෝද්‍යානයට ගෙනැවිත් මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී. එම කොකුන් 12 අතරින් හය දෙනෙකු ඉතිරිව අනෙක්‌ කොකුන් මිය ගිය බව වාර්තා වූ නමුත් ඉතිරිවූ හයදෙනා පිළිබඳවද තොරතුරක්‌ නැති බව දැන් දැන් දැනගන්නට ලැබේ. කිතලා, කිරලා, වලිකුකුලා වැනි කුරුල්ලන්ද දෙහිවලින් බත්තරමුල්ලට සංක්‍රමණය කෙරිණි. එසේ සංක්‍රමණය කරවනු ලැබූ ඇතැම් කුරුල්ලන්ට ඉගිලෙන්නට අත්තටුවල ශක්‌තිය හීන වී ඇති අතර ඉගිලෙන්නට පුළුවන් කුරුල්ලන් දැනටමත් ඉගිල ගොස්‌ ඇත.

    වසර තිහකට පසු පැටව් දැමූ දෙහිවල සතුන්වත්තේ දිය බල්ලාට ද බත්තරමුල්ලට මාරුවක්‌ ලැබුණු නමුත් දෙහිවල සතුවත්තේ නිලධාරීන් ඇතුළු පිරිසකගේ දැඩි විරෝධය හමුවේ දිය බල්ලාගේ ස්‌ථාන මාරුවත්, තවත් මොණරෙකුගේ ස්‌ථාන මාරුවත් අහෝසි විය. දිය බල්ලා දැමීමට තැනූ වලට කිඹුලෙක්‌ රැගෙන ගොස්‌ දැමුණු අතර මොණරු දෙදෙනකු වෙනත් කෙනෙකුගෙන් පරිත්‍යාග ලෙස බත්තරමුල්ලට ලැබී තිබිණි. ඉන් එක්‌ මොණරෙකුද සතුරෙකුට ගොදුරුව මිය ගියේය. පින්නවලින් රැගෙන විත් තිබූ අලි පැටවුන් දෙදෙනා මාංචුවලින් තුවාල ලබා වේදනා විඳිමින් දින කිහිපයක්‌ එම සතුන්වත්තේ රඳවා තැබුණු අතර එම අලි පැටවුන්ට බෝවන රෝග තිබූ බවටද පසුව අනාවරණය විය.

    animal1.jpg
    රුපියල් කෝටියක්‌ පමණ මහජන මුදල් නාස්‌ති කරමින් අක්‌කර 3.1 ක ක්‍ෂණිකව තැනූ බත්තරමුල්ල මත්තුවත්ත භූමිය පිළිබඳ නිසි පරීක්‍ෂණයක්‌ නොකර මෙසේ හිතුමතේට සතුන් ගෙනැවිත් දැමුවේ අමන මරි මෝඩකමක්‌ නිසා නොවේ නම් කුමක්‌ නිසාද.......?

    මෙම සතුන්වත්ත තැනූ දියවන්නාව ආශ්‍රිත වන රොද හඳුන් දිවියා, කොළ දිවියා, කබරයින්, නාගයින්,

    විෂ සතුන්ගෙන් ගහණ බවට මීට පෙර යම් යම් තොරතුරු හෙළිදරව්වී තිබිණි. ඉගිළෙන්නට බැරි කුරුල්ලන් මේ සතුන්ට රසවත් ආහාර වන්නට ඇත. කුරුළු බිත්තර නාගයින්ගේ කුසගිනි නිවනු ඇත. වනයක්‌ පිළිබඳ කිසිවක්‌ නොදැන අහසින් පාත්වූ අහිංසක සතුන් මේ ඉරණමට ගොදුරු වූයේ අතිශය ෙ€දනීය අයුරිනි.

    CHOMG-Sri-Lanka-Baththramulla-Zoo-Animal-Harassed.jpg


    කවුරුන් හෝ යෝජනා කළ පලියට ලකුණු දමා ගැනීමේ කෑදරකමින් මෙහෙය වූ මෙම සතුන්වත්ත ව්‍යාපෘතිය හේතුවෙන් රජයටද සිදුවූයේ මහත් කැළලකි. ගැහැණු මොළේ හැඳිමිටේ තරම් යෑයි ඇතැමුන් අර්ථ දක්‌වන්නේ කට කහනවාට නොවන බව මෙවැනි අනුවණ ක්‍රියාවන්ගෙන් තහවුරු වේ. මෙවැනි දෙයක්‌ කළ යුතු බවට කවුරු යෝජනා කළත් එය ක්‍රියාවට නංවන්නට මත්තෙන් කළයුතු පිළිවෙළට එය කළා නම් මෙවැනි ෙ€දවාචකයක්‌ අවම කරගන්නට ඉඩ තිබිණි.

    animal2.jpg
    කාලයක්‌ තිස්‌සේ දෙහිවල සතුන්වත්තට හුරුවී සිටි සතුන් ක්‍ෂණිකව වෙනත් ස්‌ථානයකට රැගෙන යන්නට මත්තෙන් ඒ සම්බන්ධයෙන් දැනුම හා අත්දැකීම් බහුල පිරිසගෙන් නිසි උපදෙස්‌ ගතයුතුව තිබිණි. අලුත් සත්තු වත්ත තැනීම හා දෙහිවල සතුන්වත්තෙන් ඒ සඳහා සතුන් රැගෙන යාම පිළිබඳ සාකච්ඡා වට ගණනාවක්‌ තිබූ නමුත්, නිසි නිලධාරීන්, සතුන් පිලිබඳ නිසි අවබෝධයක්‌ හා දැනුමක්‌ ඇති නියම පිරිස ඊට සම්බන්ධ නොවූ බවට දැන් දැන් අපට තොරතුරු ලැබෙමින් පවතී. ලකුණු දමා ගැනීමට කලබල නොවී, නිසි උපදෙස්‌ පරිදි මෙම සතුන්වත්ත ඇති කළා නම් අදටත් බත්තරමුල්ල ජනකලා කේන්ද්‍ර භූමියේ ලක්‌සල යටතේ පාලනය වන නව සත්වෝද්‍යානයත් එහි සතුන් අදටත් යහතින් වැජඹෙනු ඇත. ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද ගන්නට නොහැකි නමුත් මෙවැනි අමන මරි මෝඩ වැඩ යළිත් කරන්නට මත්තෙන් නුවණ ඇති අයගෙන් උපදෙස්‌ ගතයුතු බව අපි සිහිපත් කරන්නෙමු..

    තුෂාරී කළුබෝවිල
    ජගත් කණහැරආරච්චි
    ඡායාරූප - සමන් අබේසිරිවර්ධන
     
    Last edited:

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    lankawe inna unta wasa visath kawala,anthetama naya karayoth karala,puluwan tharam huragenath kala kabasiniya karala kala tikath kapagena gas tikath wikunala,dan sathtu tikath maranawa.deiyangema pihitai
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    lankawe inna unta wasa visath kawala,anthetama naya karayoth karala,puluwan tharam huragenath kala kabasiniya karala kala tikath kapagena gas tikath wikunala,dan sathtu tikath maranawa.deiyangema pihitai

    kiyala wadak na bn me loke dewiyo nadda kiyala hithenawa:(
    jara wada karana eunta witharai ada kale hariyanneth:dull: