යුද්ධයත්,1949 වර්ෂයේ විප්ලවයත් සමග මතුවන මහජන චීන සමූහාණ්ඩුව සතු වූ දුර්වල ආර්ථිකය එක්සත් ජනපදයේ සහ සෝවියට් දේශයේ දියුණු යුද්ධෝපකරණ තාක්ෂණය සමග තරඟ කිරීමට ප්‍රමාණවත් නොවීය.1950 දශකයේදී චීනයට සෝවියට් දේශයේ සහාය ලැබිණි.1970 සහ 1980 දශක වලදී චීනුන් එක්සත් ජනපදය සහ යුරෝපය දෙසට හැරිණි.මාඕගේ සංස්කෘතික විප්ලවය නිසා චීනයේ තාක්ෂණික සහ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්රය පසුබැසීමට ලක්විය.චීනයේ දේශීය කර්මාන්ත ක්ෂේත්රය නීත්‍යානුකූලව වෙනත් රටවලින් ලබාගත් සහ ඔත්තු බැලීම්වලින් සොරාගත් දෑ මත රදා පැවතුණි.
රුසියාවෙන් සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් යුදෝපකරණ තාක්ෂණය සොරා ගැනීම චීනය විසින් සිදුකරන්නේ බොහෝ කාලයක පටන්ය.කාලයත් සමග බීජිං ඔත්තුකරුවන්ගේ හැකියාවෙන් දියුණු වී ඇත.පහත දැක්වෙන්නේ ඔවුන් විසින් සොරා ගත් සහ පිටපත් කල යුද්ධෝපකරණ කිහිපයකි.
ජේ-7 ප්‍රහාරක යානය
1961 වර්ෂයේදී සෝවියට් දේශයත්,මහජන චීන සමූහාණ්ඩුවත් අතර අවිනිශ්චිතතාවය එහි උපරිමයට ලඟා වූ අතර සෝවියට් දේශය ඔවුන්ගේ නවතම මිග්-21 යානයේ සැලසුම් සහ එය නිර්මාණය කිරීමට යොදාගන්නා අමුද්‍රව්‍ය චීනයට ලබාදුන්නේය.එහි අරමුණු වූයේ දෙරට අතර පරතරය අවම කිරීම සහ චීනය සහ කොමියුනිස්ට් දැවැන්තයන් අතර එකමුතුව ඇති කිරීමයි.නමුත් එම උත්සාහය ඵලක් නැති විය.චීන-සෝවියට් ආරවුල තවත් දිගැස්සිණි.1960 දශකයේ අවසන් භාගයේදී ඔවුන් යුද්ධයක් ආසන්නයට පැමිණියෝය.
සෝවියට් දේශය ලබාදුන් මිග්-21 යානයේ සැලසුම් සහ අනෙකුත් අමුද්‍රව්‍ය යොදාගෙන ජේ-7 යානය නිපදවන්නට චීනය ක්‍රියා කලේය.එය මිග්-21 යානයට බොහෝ සෙයින් සමානය.චීනය ජේ-7 යානයේ අපනයන මොඩලය එෆ්-7 යන නමින් වෙළඳපොලට නිකුත් කලේ සෝවියට් දේශයේ මිග්-21 සමග තරඟ වැදීමටය.
1969 වර්ෂයේ සෝවියට් දේශයත් මහජන චීන සමූහාණ්ඩුවත් දේශසීමා ආරවුලක් හේතුවෙන් යුද වැදුණු අතර එතැන් පටන් දෙරට සතුරන් බවට පත් විය.ඉන් ප්‍රයෝජන ගත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.ඔවුන් වහාම චීනය සමග මිත්‍ර විය.ඒ 1970 දශකයේ මුල් භාගයේදීය.චීනුන් ජේ-7 යානා සෘජුවම ඇමෙරිකානුවන්ට විකිණීය.ඇමෙරිකානුවන් සෝවියට් ගුවන් හමුදාවට එරෙහිව සිය නියමුවන් පුහුණු කිරීමට එම ජේ-7 යානා භාවිතා කරන ලදි.
ෂෙන්ශෙන් හි ප්‍රදර්ශනයට තබා ඇති J-7 යානයක්
ජේ-11 ප්‍රහාරක යානය
1990 දශකයේ මුල් භාගයේදී සෝවියට් දේශය බිද වැටීමෙන් පසුව රුසියා-චීන සබදතා යළි වර්ධනය වන්නට විය.තමන් සතු දියුණු යුද්ධෝපකරණ තාක්ෂණය තවදුරටත් චීනයෙන් සඟවා තැබීමට තරම් හේතුවක් රුසියාව නොමැති විය.සෝවියට් දේශයේ බිද වැටීමෙන් පසුව රුසියානු යුද්ධෝපකරණ කර්මාන්තයට ගනුදෙනුකරුවන් අවශ්‍ය විය.ටියාන්මෙන් චතුරස්රයේ සමූල ඝාතනයත් සමග අවදි වූ එක්සත් ජනපදය සහ යුරෝපය චීනයට අවි වෙළදාම සම්බන්ධව තහනම් පැනවීමත් සමග අධි තාක්ෂණික යුද්ධෝපකරණ වල මූලාශ්‍ර සපයා ගැනීම සම්බන්ධව චීනයට ප්‍රශ්න ඇතිවිය.
1990 දශකයේදී චීනයත්,රුසියාවත් අතර දැවැන්ත අවි ගනුදෙනු කිහිපයක් සිදුවිය.ඉන් වඩාත් වැදගත්ම එකක් වූයේ බහු කාර්යය ප්‍රහාරක යානයක් වූ සුකොයි-27 ෆ්රලෑන්කර් යානා විකිණීම,බලපත්‍ර ලබාදීම සහ තාක්ෂණය පවරාදීමේ ගනුදෙනුවයි.එහි ප්‍රතිඵලය වූයේ ලොව දරුණුතම ගුවන් ප්‍රහාරක යානය චීනයට ලැබීමත්,රුසියානු ගුවන් යානා කර්මාන්තයේ අත්වැල චීනයට පාවා දීමත්ය.
මෙම ගනුදෙනුවේ කොන්දේසි කඩකරමින් සිය සැබෑ ස්වරූපය පෙන්වන්නට චීනුන් වැඩි කාලයක් ගත කලේ නැත.රුසියාව චෝදනා කලේ චීනය කොන්දේසි උල්ලංඝනය කරමින් ඔවුන්ගේ උපාංග සුකොයි-27 යානාවලට එකතුකරමින් ජේ-11 යන නමින් අනුකරණ යානයක් නිපදවා ඇති බවයි.ඉන් නොනැවතුණු චීනුන් ගුවන් යානා ප්‍රවාහන නෞකාවලට ගැලපෙන ජේ-11 යානයේ සංස්කරණයක්ද නිර්මාණය කලේ රුසියා-චීන සුකොයි-27 යානා ගනුදෙනුවේ කොන්දේසි අමු අමුවේ උල්ලංඝනය කරමින්ය.
රුසියා-චීන සබදතා යොදාගනිමින් චීනුන් රුසියානු තාක්ෂණය අත්පත් කරගත්තේ එසේය.එතැන් පටන් තමන්ගේ යුද්ධෝපකරණ තාක්ෂණය චීනයට ලබාදීමේදී රුසියාව බොහෝ සැලකිලිමත් වේ.
චීනයේ J-11 ප්‍රහාරක යානය
ජේ-31 ප්‍රහාරක යානය
චීනය ඇමෙරිකානු එෆ්-35 ප්‍රහාරක යානයේ දත්ත සොරා ගෙන තිබෙන බවට ඇමෙරිකානු විශ්ලේෂකයන් සැකකරයි.එම සැකකිරීම් සත්‍යයක් බව හෙළි වූයේ චීනය ජේ-31 නම් ස්ටෙල්ත් ප්‍රහාරකය යානය එළිදැක්වීමෙන් පසුවයි.හැඩහුරුකමින් ජේ-31 ද්විත්ව එන්ජින් යානය ඇමෙරිකානු එෆ්-35 යානයට සමානය.නමුත් අභ්‍යන්තර තාක්ෂණය අතින් ජේ-31 යානය ඇමෙරිකානු යානයට පසුපසින් ඇතැයි විශ්වාස කල හැකිය.ඒ කෙසේවුවත් ජේ-31 යානය ගුවන් යානා ප්‍රවාහන නෞකාවල සිට පවා ගුවන් ගත කල හැකි මෙන්ම අපනයන වෙළඳපොලේදී ඇමෙරිකානු යානය සමග තරඟ වැදීමට හැකි එකක් වනු ඇතැයි සිතිය හැකිය.
Shenyang J-31 ස්ටෙල්ත් ප්‍රහාරක යානය
ඩ්‍රෝන් යානා
2010 වර්ෂයට පෙර චීනය ඩ්‍රෝන් තාක්ෂණය අතින් ඇමෙරිකාවට වඩා ගව් ගණනක් ඈතින් පසුවිය.එතැන් පටන් චීනුන් ඇමෙරිකානු ඩ්‍රෝන් තාක්ෂණය පසුපස හඹායමින් කෙටි කාලයක් තුල ඇමෙරිකානු ඩ්‍රෝන් මොඩල සමග අපනයන වෙළඳපොලේ තරඟ කල හැකි ඩ්‍රෝන් යානා නිපදවන්නට සමත්ව තිබේ.චීනුන් මෙතරම් ඉක්මණින් එම තාක්ෂණය ඩැහැ ගත්තේ කෙසේද
ඇමෙරිකානු බුද්ධි අංශවලට අනුව චීන හැකර්වරුන් ඇමෙරිකානු රජය සහ පෞද්ගලික සමාගම් වන ජෙනරල් ඕටොමැක්ස් ආදියෙන් ඩ්‍රෝන් යානා නිපදවීමට අවශ්‍ය තාක්ෂණය සොරා ගෙන තිබේ.චීනයේ නවතම සන්නද්ධ ඩ්‍රෝන් යානය පෙනුමෙන් සහ හැකියාවෙන් ඇමෙරිකානු යානාවලට බොහෝ සමාන බව පැවසේ.සැබවින්ම එය චීන ගුවන් යානා ක්ෂේත්රය ලැබූ ජයග්‍රහණයකි.
චීනයට අයත් වින්ග් ලූන්ග් නම් ඩ්‍රෝන් යානය
නයිට් විෂන් තාක්ෂණය
වියට්නාම යුද්ධයෙන් පසුව එක්සත් ජනපද හමුදාව නයිට් විෂන් තාක්ෂණය මත විශාල ආයෝජනයක් සිදුකරන ලදි.එහි ප්‍රතිඵලය වූයේ නයිට් විෂන් තාක්ෂණය විශාල ප්‍රගතියක් අත් කර ගැනීමයි.එහිදී සෙබලුන්,සන්නාහ සන්නද්ධ රථ සහ ගුවන් යානාවලට රාත්‍රී මෙහෙයුම් සිදුකිරීමට අවශ්‍ය තාක්ෂණයේ ප්රවර්ධනයක් සිදුවිය.1980 දශකයේ පටන් ඇමෙරිකාව සහභාගී වූ යුද්ධවලදී මෙම වාසිය බොහෝ ජයග්‍රහණවලට හේතුවක් විය.චීනය මෙම තාක්ෂණය අත්පත් කරගෙන ඇමෙරිකානුවන් නයිට් විෂන් තාක්ෂණය ඔස්සේ ලබාගත් වාසිය අවසන් කරන්නට උත්සාහ කරන බව හෙළිව තිබේ.මෙම ක්ෂේත්රය සම්බන්ධව ඔත්තු බැලීමේ කටයුතු වේගවත් කරන්නට චීනුන් ක්‍රියා කර ඇත.මෙහිදී ඔවුන් අන්තර්ජාලය ඔස්සේද සාම්ප්‍රදායික ඔත්තු සේවා මෙහෙයුම් ඔස්සේද මෙම තොරතුරු සොරා ගැනීමට ප්රයත්න දරමින් සිටියි.චීන ව්‍යාපාරිකයන් නීතිවිරෝධීව එක්සත් ජනපද සමාගම්වලින්,අපනයනය පාලනය කර තිබෙන තාක්ෂණයන් අත්පත් කරගැනීම ඉන් එක් උපක්රමයකි.
ජපානයට ඉහළ අහසේ පියාසර කරන UH-1N Iroquois හෙලිකොප්ටරයක නියමුවෙක් නයිට් විෂන් උපාංගයක් පැලද සිටින අයුරු
කර්මාන්ත ක්ෂේත්රයේ රහස් සොරාගැනීමට චීනය දරන උත්සාහය අවම කිරීමට එක්සත් ජනපදය බොහෝ ප්රයත්න දරයි.සයිබර් ඔත්තු බැලීමේ ජාලයට සම්බන්ධ චීන හමුදාවේ නිලධාරීන් සමහරෙක් සම්බන්ධව ඇමෙරිකානු රජය දැඩි අවධානය යොමුකර තිබේ.එෆ්බීඅයි ආයතනය ඔවුන් අත්‍යාවශ්‍ය ලැයිස්තුවට ඇතුලත් කර තිබේ.නමුත් තම තාක්ෂණය චීනයට නතුවීම වැළැක්වීමේදී ඇමෙරිකාවට තිබෙන ලොකුම බාධකය වන්නේ චීන-ඇමෙරිකා වෙළඳ සබදතාය.
Source:warisboring.com
-HarshaLulzSec-