ඡනතාව සොයන්නේ විපක්ෂයක්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡනතාව සොයන්නේ විපක්ෂයක්


    ඔන්න ඡන්ද ප්‍රතිපල පිටවුනා එත් මේ දැක්කම සමහර අය කියයි සන්ධානය දිනුවා කියලා ඔව් ඡන්ද ප්‍රතිපල අනුව ඡන්දේ සන්ධානේ දිනුම් යු එන් පි එක පරාදයි .එත් මේ ප්‍රකාශිත ඡන්ද සං්‍යාව ඉතාම පහල මට්ටමක තිබුනා ඡනතාවට එතරම් උනන්දුවක් තිබුනේ නෑ ඒ මෙ ආන්ඩු පෙරලන ඡන්දයක් නොවන නිසා.එත් ආන්ඩුවේ ඡන්ද අඩුවෙලා ඡන්ද වැඩිවෙලා තියෙන එකම පක්ෂ දෙක නම් සරත් ෆොන්සේකාගේ පක්ෂය සහ ඡනතා විමුක්ති පෙරමුණට ඡනතාව වැඩි බලයක් ඡනතාව දී තිබෙනවා .කියන්නේ මේ ඡන්දයෙන් මිනිස්සු බලය වැඩිකර දිලා තියෙන්නේ මේ විපක්ෂයන් වලට විතරයි .එ කියන්නේ මිනිස්සු විපක්ෂයක් හොයනවා ආන්ඩුවේ බලය අඩු කර තිබෙනවා .එ වගේම ඡන්දය නොදි විරෝධය ප්‍රකාශ කරලා තියෙනවා ප්‍රධාන විපක්ෂය වන එක්සත් ඡාතික පක්ෂයට .මේ ආන්ඩු විරොධය මතුවෙයි කවද හරි ආන්ඩු පෙරන ඡන්දයකදි සියට 75ක් 80% ඡන්ද ප්‍රකාශ වුන ඡන්දයකදි .මේ විරෝධය දකින්න පුලුවන් වෙයි . අපි බලමු ‍මේ දුෂිත පාලනය තව කොපමණ කාලයක් තියෙවිද කියලා .ඡනතාව නායකයෙක් හොයනවා එ නායකයා 'මේ නිදාගන්න සිටින ඡනතා මතය නැගිටිවි විරෝදය මතු වෙවි .අපි එතෙක් බලා සිටිමු .මේ දුෂණපාලනයට විරුද්ධව ඡන්දය දුන්න සෑම පුද්ගලයෙක්ට ස්තුතියි .
     
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    mr-gadaffi


    හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් සභා ඡන්ද ප්‍රතිඵලය ඉතා වැදගත් සංඥාවකි.

    2009 පළාත් සභා මැතිවරණයට සාපේක්ෂව එහි ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය 10%කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටී තිබේ.

    අවසන් වශයෙන් පැවැත්වුණු ප්‍රධානතම මැතිවරණය වූ 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී ආණ්ඩුව දිස්ත්‍රික්කයේ ආසන හතෙන් පහක් ම දිනා ගත් අතර විපක්ෂයට දිනා ගත හැකි වූයේ ආසන දෙකක් පමණි. විපක්ෂයෙන් ආසන දිනා ගත්තේ එක්සත් ජාතික පක්ෂය පමණි. සරත් ෆොන්සේකාගේ පක්ෂය සමග සන්ධානගතව තරග කළ ජනතා විමුක්ති පෙරමුණට ආසනයක් දිනා ගැනීමටවත් බැරි විය.

    මෙවර මැතිවරණයේදී ආණ්ඩුව සමස්ත ආසන සංඛ්‍යාව වන 14න් අටක් දිනා ගනිද්දී විපක්ෂය හයක් දිනාගෙන තිබේ.

    2009 පළාත් සභා මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවතියේ ආසන 12ක් පමණි. ආණ්ඩුවට එයින් අටක් හිමි වූ අතර එක්සත් ජාතික පක්ෂයට තුනක් ද ජනතා විමුක්ති පෙරමුණට එකක් ද හිමි විය.

    මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් සිය ඡන්ද ප්‍රතිශතයන් හා ආසන සංඛ්‍යාව වැඩි කරගෙන තිබේ.

    තැපැල් ඡන්ද ප්‍රතිඵලයත් සමස්ත ඡන්ද ප්‍රතිඵලයත් අතර වෙනසින් පෙන්නුම් කරන්නේ රජයේ සේවයේ යෙදී සිටින මධම පංතික කොටස් අතර ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩු වී නොමැතිමුත්, සෙසු බලවේග අතර තත්වය වෙනස් බවයි.

    මෙසේ සිදු වනනේ ආණ්ඩුවේ 'සංවර්ධන' වැඩසට‍හනේ නාභියෙහි ය. රාජපක්ෂ පවුලේ බලකොටුවෙහි ය. ඔටුන්න හිමි කුමාරයා වන නාමල් රාජපක්ෂගේ බල ප්‍රදේශයේ ය.

    මාතර දිස්ත්‍රික්කයේ ද සමස්ත ප්‍රතිඵලය සලකා බැලූ විට ආණ්ඩුවට ආසන දෙකක් අහිමි වී තිබේ. කලින් ආසන 18කින්12ක් හිමි කරගෙන සිටි ආණ්ඩුවට මෙවර හිමි වී තිබෙන්නේ ආසන 17කින් 10ක් පමණි. ඡන්ද ප්‍රතිශතය ද 9%කින් පමණ පල්ලම් බැස තිබේ.

    සියලු දිස්ත්‍රික්කවල මෙවැනි පල්ලම් බැසීමක් අපේක්ෂා කළ හැකි අතර කොළඹ දිස්ත්‍රික්කයේ කැපී පෙනෙන වෙනසක් දැකිය හැකි වනු ඇත. (Update: ආණ්ඩුවට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසන තුනක් ද, කලුතර දිස්ත්‍රික්කයෙන් තිබුණු ආසනයක් ද අහිමි වී තිබේ.එසේ වන්නේ කලුතර දිස්ත්‍රික්කයේ සමස්ත ආසන සංඛ්‍යාව දෙකකින් වැඩි වී තිබියදී ය. )

    (Update: කොළඹ නගරයේ ඡන්ද ප්‍රතිඵලය ආණ්ඩුවට තරු පෙන්වන එකකි. සුළුතර දෙමළ ජනයා වැඩිපුර ජීවත් වන ප්‍රදේශවල ආණ්ඩුව තුන්වන තැනට වැටී ඇත.)

    (Update: ගම්පහ දිස්ත්‍රික්කයේ මුළු ආසන සංඛ්‍යාව ආසනයකින් වැඩි වෙද්දී ආණ්ඩුවේ ආසන සංඛ්‍යාව 27 සිට 23 දක්වා අඩු වී තිබේ. ඡන්ද ප්‍රතිශතය 12%කින් පමණ අඩු වී තිබේ.)

    (Update: කොළඹ දිස්ත්‍රික්කයේ මුළු ආසන සංඛ්‍යාව දෙකකින් අඩු වෙද්දී ආණ්ඩුවේ ආසන සංඛ්‍යාව හතකින් අඩු වී තිබේ. කොළඹ දිස්ත්‍රික්ක‍යෙන් ආණ්ඩුව බෝනස් ආසන ද ඇතුළුව ආසන 18ක් දිනා ගනිද්දී ‍විපක්ෂය ආසන 22ක් දිනාගෙන තිබේ. ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය බිඳ වැටීම 12%කට වැඩි ය.)

    ආණ්ඩුව මෙම ප්‍රතිඵලය ලබන්නේ නිදහස්, ස්වාධීන මැතිවරණයකින් නො වීම ද විශේෂ ය. මේ ප්‍රතිඵලය ලැබෙන්නේ සමස්ත රාජ්‍ය යන්ත්‍රය ම සිය වාසිය වෙනුවෙන් යොදා ගැනීමෙන් අනතුරුව වීම සලකා බැලූ විට ඇත්තෙන් ම සමස්ත ප්‍රතිඵලයේදී ආණ්ඩුව පරාද බව පැහැදිලි ය.

    විපක්ෂය මෙම ප්‍රතිඵලයෙන් තේරුම් ගත යුතු කරුණක් වන්නේ අනාගත ජනාධිපතිවරණයකදී පොදු අපේක්ෂකයකුට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැරදවීම දුෂ්කර නො වන බවයි.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    western province eke me paara bagayak witara chande daala na ne.
    godak minissu danne na unge chande tiyena watinakama.
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    අර ජිනීවා වල චන්දෙ කිරල මැනලා බලල අපිට වෙන රටවල් වලින් සලකලා තියෙනවා කියලා G.L. පිරිස් උන්නැහේ කියපු සමිකරණේ මේකටත් දාලා බැලුවොත් මොකද?...
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් මචන්. ඇත්ත.

    පිස්සු පුසා;16455183 said:



    western province eke me paara bagayak witara chande daala na ne.
    godak minissu danne na unge chande tiyena watinakama.

    chandeka watinakama=bathpacket+gal bottle:lol:

    අර ජිනීවා වල චන්දෙ කිරල මැනලා බලල අපිට වෙන රටවල් වලින් සලකලා තියෙනවා කියලා G.L. පිරිස් උන්නැහේ කියපු සමිකරණේ මේකටත් දාලා බැලුවොත් මොකද?...


    அமைதி;16455416 said:


    මම ජන්දේ දැම්මෙත් නෑ.

    :):)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    UNP, JVP, FP මේ ඔක්කොම එකට එකතුව පොදු විපක්ෂයක් උනොත් ආණ්ඩුවට කෙලවන්න පුළුවන්