ඡන්දයක් තිබුණට

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඡන්දයක් තිබුණට

    ඔස්ටේ‍්‍රලියාවේ ගෙවල් ගානේ ඇවිත් ඡන්දෙ ඉල්ලන්නේ නෑ - ඒත් ඡන්දය නොදැම්මොත් දඩ; 'ප‍්‍රජාතන්ත‍්‍රවාදය' යනු කුමක්දැයි ප්‍රත්‍යක්‌ෂ වූවා වැන්න!




    ausaඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර සිට උදේනි, හමු වුණේ කාලෙකට පස්සෙ. ලංකාවේ ඉඳල 2004 විතර ඔස්ටේ‍්‍රලියාවට ආපු උදේනි බලන්න අපි කි. මී. 60 විතර දුරට ගියේ සති තුනකට විතර ඉස්සර වෙලා.

    ‘‘ආයෙ දවසක හවසක එන්න. කෑමටත් එක්කල’’ යැයි අපට ආරාධනා කළ උදේනි.

    ‘‘ආ විසිහතර වැනිදා අපිට නිවාඩු. එදාට එන්න. රෑට’’ එසේ ආරාධනය නිම කළ උදේනි හා ඔහුගේ බිරිඳ ඊළ`ගට කීවේ තවත් විශේෂ දෙයකි.

    ‘‘විසිහතර වැනිදා ඡන්දයකුත් තියනවා වික්ටෝරියා ප‍්‍රාන්ත ඡන්දෙ.

    මට එකවරම හිතුනේ ඡන්දයත් දවසක හවස නැත්නම් රෑ මෙතරම් දුර එන්නේ කෙසේද යන්නය. ඡුන්දයක් පවත්වන දිනෙක සවස හා රාත‍්‍රිය ලංකාවේ හැටි අපිට හුරු පුරුදුය. වෙඩි තබා ගැනීම්, හොරඡුන්ද, මගඩි, පහරදීම් කලබල පෙළපාලි ජන ජීවිතය අවුල් කාලයකි. කොහොම උනත් අත්දැකීමක් ලබා ගැනීමටත් පුළුවන. ඔස්ටේ‍්‍රලියාවේ ඡුන්දයත් දැකගත හැකිය.

    ‘‘හරි අපි එන්නම්’’ - මම තීන්දු කළෙමි.

    ඡන්දයට ඇත්තේ සති තුනකි. මේ අතර තුර තිළිණ, සශිත, ඕෂනි, සහ මධුශානි, ඇතුළු හිතවතුන් හා ඥාතීන් අපව විවිධ ස්ථානවලට කැඳවාගෙන ගියේ අපට රට තොට පෙන්නීමටය. ගමේ හැදුනු වැඩුනු ගොඩයන් වූ අපට මෙල්බර්න්හි තට්ටු 50-60 උස ගොඩනැ`ගිලි ඉතා දියුණු නාගරික පිරිසිදු හා විනයගරුක මිනිසුන් කුතුහලය ඇති කළේය. මං තීරු හතරක් හෝ ඊට වැඩි තීරු සහිත පාරවල් අයිනේ තන තිල්ල මැද ගස් වවා ඇත. ලයිට් කණු ඇත. මගේ කුතුහල වූයේ ඡුන්දය ගැනය.

    ‘‘ පෝස්ටර්, කටවුට්, රැස්වීම්, පෙලපාලි, දක්නට නැත.

    කිලෝ මීටර් 30 පමණ දුර යනවිට නිවසක් ඉදිරිපිට අඩි 3 x 4 පමණ කුඩා කටවුට් එකක් පමණක් දැක ගත හැකි විය. එහි වූයේ ඡන්ද අපේක්‍ෂිකාවගේ ඡුායාරූපයත් හා පක්‍ෂයේ නම පමණි. අඩි 3 වඩා උස නොවූ තාප්පවල කිසිදු තැනක පෝස්ටර් නැත. දේශපාලනඥයන් තම ප‍්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට සවිකළ එකද කටවුට් එකක් වත් නැත.

    ‘‘ඡන්දයක් තිබුණට හෝ පෝස්ටර් එහෙම නෑ නේ?’’

    එය දරාගත නොහැකි පුදුමයක් වූ විට මම ප‍්‍රශ්න කළෙමි.’’

    n10 5‘‘ආ...මෙහෙ එහෙම නෑ. මැති ඇමැතිවරුන් අපි දන්නෙ නෑ.’’

    රැස්වීමක් පවත්වන තැනත් කිසිදා නුදුටිමි. පෙළපාලි, විරෝධතා, මඩ ප‍්‍රචාර, මරණ, තර්ජන, විවෘත කිරීම්, කිසිවක් නොපෙනේ.

    ‘‘එතකොට ප‍්‍රචාරය කරන්නෙ කොහොමද? මම ප‍්‍රශ්න කළෙමි.

    ‘‘රේඩියෝ එක පත‍්‍රිකා වගේ ගෙදරට තැපෑලෙන් එවන දේවල් විතරයි. ඡුන්දෙ දවසෙ වුනත් නිවාඩු නෑ. ඕන තැනක ඡුන්ද මධ්‍යස්ථානයකින් ඡුන්දෙ දාන්න පුළුවනි. ගෙවල් ගානෙ ඇවිත් ඡුන්දෙ ඉල්ලන්නෙත් නෑ.’’

    තත්ත්වය එසේය. කිස්බරෝ පන්සල, යුරෝත් පන්සල, මෙල්බර්න් නගරය අවට හැම ප‍්‍රදේශයකම අපි ගියෙමු. ඡන්දය දවසේ එනම් විසිහතර වැනිදා සවස අපි උදේනිගේ නිවසට ගියෙමු. අපි මෙහි පැමිණි මුල් දිනයත් අදත් එක වගේය. ඡන්දයක ගැන කිසි සද්දයක් නැත. පරිසරය බෙහෙවින් නිහඬය. සුන්දරය. අපි රූපවාහිනියේ රාත‍්‍රි විකාශය මගින් ඡන්දය දැනගනිමු. රාත‍්‍රි 10-11 පමණ වනවිට ප‍්‍රතිඵල නිකුත් වී තිබිණ. තරගකරුවන් 351 දෙනෙකු අතරින් 40 දෙනෙකු තෝරාගත් ඡන්දයයි. මෙහි ජයග‍්‍රහණය ලබාගත් ඩෑන් ඇන්ඩෲස් (ෘ්භ ්භෘඍෑඋී* ලේබර් පක්‍ෂයෙන් තරග කර ආණ්ඩු පක්‍ෂයට නායකත්වය දී මුල් පුටුවට පත් වී තිබුණි. විපක්‍ෂයේ මැතිව් ගයි (ඵ්එඑයැඅ ඨමහ* පරාජය වී තිබුණු අතර දෙදෙනාම ජනතාව අමතා කථා කළහ.

    ‘‘මේ ජන්දය පිළිගන්නේ නෑ. හොර ඡන්ද තිබුණා. වැනි අවලාද කියැවෙන්නේ නැත. පක්‍ෂ විපක්‍ෂ සියල්ලෝම ජනවාරියේ සිට පාලනයට දායක වෙති.’’

    උදේනි කියන ලද තවත් කතාවක් මගේ පුදුමයට හේතු විය.

    ‘‘මෙහෙ ඡුන්දෙ දැම්මෙ නැත්නම් දඩ ගහනවා. දෙපාරක් ජන්දෙ දාල නැත්නම් දඬේ වැඩියි. සමහරු ඡන්දෙ දාන්නේ දඩ ගෙවන්න වෙන නිසයි’’

    ඔස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ මිනිස්සු ඡුන්දයට දක්වන උනන්දුව එසේ බව මම ඒත්තු ගතිමි.

    මෙය ලියන 25 දා එනම් ඡුන්දයට පසුදා අපි තවත් සංචාරයක නිරත වීමු. ඡුන්දයට පසුවදා, ලංකාවේ නම් ජය ලැබූ කණ්ඩායම් රට පුරා පෙළපාලි යනවා ඇත. රතිඤ්ඤ, දැල්වේ. මේවා නිසාම පාරවල් තදබදයට ලක්වේ. මෙහි පලතුරු වත්තක් අසබඩ පිට්ටනියක විවිධ රටවලින් පැමිණි ජනතාව නිදහසේ සතුටින් සිටිති. දූ දරුවන් සමග කාලය ගත කරති. පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා කිසිවක් නැති බව මිනිසුන්ගේ හැසිරීමෙන්ම දිස්වේ.

    ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු කුමක්දැයි අත්දැකීමෙන්ම ප‍්‍රතක්‍ෂවූවා වැන්න.

    මෙහි ජනමාධ්‍යවල තත්ත්වයද එසේය. පුවත්පතක් අතට ගත් සැනින් හා රූපවාහිනි නාලිකා මගින් ප‍්‍රවෘත්ති ලෙස අපට දැනගත හැකි වන්නේ වැඩිපුරම දේශපාලන ප‍්‍රශ්න නොවේද? එහෙත් මැතිවරණයක් පැවැති මේ දිනවල පවා ඊට ලැබී තිබුණේ් ඉතා අඩු ප‍්‍රචාරයකි. රූපවාහිනියේ තිරයක මත බොහෝ වේලාවක් පෙනී සිටින්නට කයිවාරු ගසන්නට, පත්තර පිටුගණන් පුරවන්නට මෙහි දේශපාලනඥයන්ට වාසනාව උදා වී නැත.

    n10 6එමෙන්ම මහජනතාවගේ බදු මුදල්වලින් සාදන ලද ගොඩනැ`ගිලි මංමාවත් හෝ වෙනත් පොදු ස්ථානවල මුල්ගල් තැබුවේ අහවල් ඇමැතිවරයා අතින් යැයි නාම පුවරුද මෙහි නුදුටිමි. ඒ සියල්ල ඒ ඒ ආයතන මගින් සිදුවන අතර ප‍්‍රතිරූප සැදීමක් නැත.

    ඡන්දය, පාර්ලිමේන්තුව, රජය ගැන මෙහි සිටින ශ‍්‍රී ලාංකිකයන් තොරතුරු දැනගන්නේ ලංකාවේ ජනමාධ්‍ය මගිනි. අපද එසේ කළෙමු. ලංකාවේ දේශපාලනඥයන්ට මේ තරම් කැපී පෙනීමේ අවශ්‍යතාවයක් ඇත්තේ කුමක් නිසා දැයි අපට නොතේරේ. එමෙන්ම දේශපාලනය වෙනුවෙන් තම වටිනා කාලය ශ‍්‍රමය හා ධනය වැය කරමින් ලිප්ටන් වට රවුමේ නැතහොත් වෙනත් පොදු ස්ථානයකට රැස්වී, කෑගසමින් පෙළපාලි යමින් ජන ජීවිත අඩාල කරමින් හැසිරෙන්නේ කුමක් නිසාද යන්නද ගැටලූවකි.

    පොදු ප‍්‍රවාහන සේවය වන බස් රථය හෝ දුම්රිය නියමිත වේලාවටම එන යන බව අපි දුටිමු. දුම්රිය ස්ථානයේ නාම පුවරුව (ඩිජිටල්* මගින් දුම්රිය එන වේලාව විනාඩියෙන් විනාඩිය පෙන්වයි. හරියටම නියමිත විනාඩියේදී එය පැමිණෙයි. මිනිසුන් සන්සුන්ව ඊට ගොඩවෙති. ගෙවීම් කරනු ලබන්නේ ්ඔඵ කාඞ් වැනි කාඞ්පතකිනි. බස්රථයේදී රියැදුරු අසුන ල`ග පිහිටි යන්ත‍්‍රයට කාඞ්පත ඇතුළු කර මගීන් බැසයති. මාරු කාසි ප‍්‍රශ්නයක් නැත. කොන්දොස්තරවරයා ඉතුරු සල්ලි දෙනතෙක් අවිනිශ්චිතව බලා සිටීමක්ද නැත.

    එමෙන්ම සෑම නිවාස සංකීර්ණයකටම විශාල උද්‍යාන පිහිටුවා තිබේ. ව්‍යායාම පිණිස ඇවිදින, විවේක සුවය විඳින බොහෝ අය මෙහි සිටිනු දක්නට ලැබේ. තද බදයක් නැත. අවිනීත පෙම් රැු`ගුම් පාන පාසලින් කට්ටි පනින ශිෂ්‍යයන්ද නැත. වටිනාම දෙය නම් මේ උද්‍යානවල පිරිසිදු කමයි. ෂොපිං බෑග්, ඉතිරි වූ කෑම, අයිස් කප්, යෝගට් කෝප්ප තැන්තැන්වල දමා නැත. සුරතල් බල්ලන් සමග යන එන අය පවා එම බල්ලා මළපහ කළොත් ඒවා රැුගෙන කවරයක දමා ගෙන ගොස් අදාළ කුණු බක්කියකට දමා යා යුතුය. අපි මේවා දුටිමු. පාරවල් හා අවට පරිසරය අති පිරිසිදුය.

    මහා මාර්ගය දෙපස ඇති මගීන්ට යෑමට ඇති මං තීරුව (පේමන්ට් එක* අල්ලාගත් වෙළෙඳුන්ද නැත. පේමන්ට් මහජනතාව සඳහාමය. ඒවා අවහිර වන සේ පදික වෙළෙඳුන්ට වෙළෙඳාම් කිරීම තහනම්ය. උද්‍යාන වල පවා අයිස්ක‍්‍රීම්, කඩල, රටකජු විකුණන කිසිවෙක් දක්නට නොලැබේ.

    පාර අයිනේ ඇති බිම් තීරුව පදිංචි කරුවන් විසින් බලෙන් අල්ලාගෙන නැත. ජලය බැස යන කාණු පොළොව යටින් ඇති නිසාදෝ මදුරුවන් දක්නට නැත. සෑම නිවසකම තාප්පය අඩි 3 පමණ සීමා වී ඇති නිසා නිවස ඈතට පෙනේ. නිවසත් පාරත් අතර තීරුව ශුද්ධ පවිත‍්‍ර කොට අලංකාර ලෙස පවත්වා ගැනීම නිවැසියාට භාර වන අතර එසේ නොකළොත් දඩ මුදල් ගෙවීමට සිදුවේ.

    රථ වාහන නීතිය ද අකුරටම ක‍්‍රියාත්මක වන බව පෙනේ. ඉතා වැදගත් කරුණක් වන්නේ කුඩා දරුවන් වෙනුවෙන් නියමිත ආසන මෝටර් රථයේ තිබීම නීතියක් බවට පත් වී ඇති බවය. මේ පුංචි ආසනය මත දරුවා තබා ආරක්‍ෂක පටි පැළඳිය යුතුය. පිටුපස අසුනේ සිටින අය පවා ආරක්‍ෂක පටි පැළඳීම අවශ්‍යය. නොඑසේ නම් දඩ මුදලක් ගෙවීමට සිදුවන්නේ රියැදුරාට නොව මගියාටය.

    මෙම රට විශාල දියුණුවක් හා විනය ගරුක බවක් ඇති වීමට ප‍්‍රධාන හේතුව නීතිය අකුරටම ක‍්‍රියාත්මක වීම බව අපි දුටිමු. රථ වාහන නීති කඩන අයගේ එම අවස්ථාව මාර්ගයේ ඇති කැමරා මගින් රූපගත කරන අතර නිවසටම දඩකොළය ලැබේ. සෑම කෙනෙකුටම බදු මුදලක් ගෙවීමට සිදුවන නමුදු එම මුදල් ප‍්‍රදේශයේ සංවර්ධනයට යොදා ගනී. සිදුවන සංවර්ධනය දිනපතා ජනතාවට දැකගත හැකිය.

    අනෙක් වැදගත්ම කරුණ වන්නේ අල්ලස් ගෙවීමට ඇති නොහැකියාවයි. අල්ලස් ගැනීම හා දීම මෙහි ඇත්තේම නැති බවක් දුටිමු. පොලිසියට, දේශපාලනඥයාට අල්ලස් දීම කළ නොහැකිය. මිනිසුන් අවංකය. බොරු කීම හා බොරු කිරීම ඉතා අඩුබව පෙනේ.

    ලංකාවේ මෙවැනි සමාජ තත්ත්වයක් ඇති කර ගැනීමට කවදාවත් හැකි නොවේ යැයි මෙහි සිටින අයගේ මතය වුවත් අප එසේ නොසිතමු. ශ‍්‍රී ලංකාව හදාගත යුත්තේද ලාංකිකයන් විසින්මය.

    සුනිල් කුමාර ගම්ලත්
    ඔස්ටේ‍්‍රලයාවේ- මෙල්බර්න් නගරයේ සිට
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Mamath MEL giya last month...true

    Namuth Indian ayayi apei ayayi hasirena widiha wenas original Aus ayata wada..janma purudda nisa wennathi
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    subha waadi dhrushti konayen.

    Oya wagema thama, allapu gedara eka marunath danne nea.sabandatha hondatama adui.

    Anika prajathanthrawadaya kiya ne dada gahala chande labaganna eka newei.
    Wela tyenne api balaporottu wena SYSTEM eka ehe danatamath RUN wenawa. Ekai minissu udasiina.

    Hama thanama ohoma bea. Eth dakunu asiyawa tharam sautuu nea
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොයි රටකවත් ප්‍රජාතන්ත්‍රවාදය කියන දේ 100% නෑ. සමානාත්මතාවය වගේ ‍දේවල් කියෙවුවට ඔය කොයි රටකවත් එහෙම කරන්න හැකියාවක් නෑ. සාපේක්ෂව සමහර පැතිවලින් සමහර රටවල් ඉදිරියෙන් ඉන්නව. අනිත් දේ තමයි නීතිවලින් විතරක් මිනිස්සුන් ව වෙනස් කරන්න බෑ. ලංකාව හා වෙනත් දකුණු ආසියාතික රටවලට අනන්‍යය වූ ජීවන රටාවන් තියෙනව. ඒවට හැඩගැහිල තියෙන්න අවුරුදු ගණනාවක ඉදල. මුලින් මිනිස්සුන්ගෙ ආකල්ප වෙනසක් කරන්න ඕන. ලංකාව වගේ රටවල ඉන්න මිනිස්සුන්ගෙ සුන්දර ගතිගුණ සෑහෙන්න තියෙනව. ඒත් එයාල හැඩගැහිල ඉන්න සිස්ටම් එක නිසා තමයි ගොඩක් දේවල් වෙලා තියෙන්නෙ. ඒ සිස්ටම් වෙනස් කරනවනම් අර ගතිගුණ, අනන්‍යතාවය වගේ දේවල් තියාගෙන තමයි වෙනස් කරන්න ඕන.
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    මහින්දලා රනිල්ලා මෛතීලා අනුරලාගෙ ප්‍රජාතන්ත්‍රවාදය මෙය නොවේ. එය බටහිර ජාතීන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදයෙන් ෆිල්ටර් වී ආ රොඩ්ඩකි. කරුමයනම් අපටද දැන් එය ශරීරගත වී හමාරවීමය.