ලැබෙමින් පවතින ආරංචි සුබයි!
එජනිසට විශිෂ්ට ජයක් ලැබෙනවා
- ජානිපෙ නායක විමල් වීරවංශ
ඡන්ද ප‍්‍රකාශ කිරීම පිළිබඳ ලැබෙමින් තිබෙන ආරංචි ඉතා සුබ බවත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට විශිෂ්ට ජයක් ලැබෙනු ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
අද(17) බත්තරමුල්ල, ජයන්තිපුර එක්සත් බෞද්ධ සංගමයේ බෞද්ධ මන්දිරයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
‘‘ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා මහජනතාවගේ ඉතාමත් ඉහළ උද්යෝගයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා, දැන් පවතින සාමකාමී වාතාවරණය ඡන්ද ප‍්‍රතිඵල නිකුත් කරනතෙක්ම පවතීවි කියලා. අපිට යම් ආරංචි ලැබී තියෙනවා, ඡන්ද විමසීම අවසන් මොහොතේ අපට වාසිදායක ස්ථානවල යම් යම් ප‍්‍රචණ්ඩකාරී තත්ත්වයන් ඇති කිරීමේ සූදානමක් පිළිබඳව. අපි දැනටමත් ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්තුමන්ව දැනුම්වත් කර තිබෙනවා.
කොහොම වුණත් හැම පැත්තෙන්ම එන ආරංචි සුබයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙම පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබනවා. මන්ත‍්‍රී ධුර 120කට එහා ගණනක් බලාපොරොත්තු වෙනවා. පවතින තත්ත්වය අනුව කොළඹ දිස්ත‍්‍රික්කයත් අප ජයග‍්‍රහණය කරනවා.’’
1 day ago