ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජයග්‍රාහකයන් හා පරාජිතයන් ලෙස බෙදී වෙන් නොවී නව යුගයේ අභියෝගයන්ට මුහුණ දෙමින් නව දේශපාලන සංස්කෘතියක් යටතේ ශිලාචාර රටක් ගොඩ නැගීම සඳහා සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩ නැඟීමට එක් වන්නැයි සියලු දෙනාට ආරාධනා කරන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

    නව රජයේ නායක වික්‍රමසිංහ මහතා අගමැති පදවියේ දිවුරුම් දීමට නියමිතය.

    නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

    ජනවාරි අට වැනි දා විප්ලවය ඉදිරියට ගෙන යමින් යහපාලනය සහ සම්මුතිවාදය ඉදිරියට ගෙන යෑම සඳහා මෙරට බහුතර ජනතාවගේ අනුමැතිය හිමි වී තිබේ.

    මැතිවරණ කාලය පුරා ජනතා ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ සියලු පාර්ශවයන්ට මාගේ ස්තිතුය පළ කරමි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ සාමකාමී පරිසරය මේ මැතිවරණයේ දී උදා කර ගැනීමට අපට හැකි විය. ඒ යහපත් පරිසරය නිරන්තරව ආරක්ෂා කර ගැනීම අප සතු වගකීමකි.

    දැන් ජයග්‍රහාහකයන් හා පරාජිතයන් ලෙස බෙදා වෙන් කිරීම් අනවශ්‍යය. එක මවකගේ දරු කැල ලෙස අපි දැන් මෙරට නව දේශපාලන සංස්කෘතියක් බිහි කරලීමේ කාර්යයට එක් විය යුතු වෙමු. නව යුගයේ අභියෝගයන්ට මුහුණ දී අපේ දේශය ඉහළට ඔසවා තැබීමේ වෑයමට එක හදින් උර දිය යුතු වෙමු.

    ඒ අභියෝගාත්මක කාර්යය සඳහා අප හා එක්වන ලෙස මම ඔබ සැමට ආරාධනා කරන්නෙමි.

    අපි එකට එක්ව ශීලාචාර සමාජයක් බිහි කරමු. සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩ නංවමු. සැමට සමාන අවස්ථා සපිරි අලුත් රටක් නිර්මාණය කරමු.‘

    උඹ කොහෙද යකෝ මෙච්චර කල් ගිහින් හිටියේ? :growl::growl::growl::growl:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හුරේ වත්තල :cool::cool::cool:

    Gampaha dinoooo
    11.gif
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    රනිල්ට මැද කොළඹින් වාර්තාගත ජයක්

    එක්සත් ජාතික පක්ෂය මැද කොළඹ ආසනය වැඩි ඡන්ද 68479කින් ජයග්‍රහණය කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරන්නේද මැද කොළඹ ආසනයයි. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 79968 ක් ලබාගනිද්දී එම ආසනයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගෙන ඇත්තේ ඡන්ද 11489 ක් පමණි.
    මැද කොළඹ ආසනයේ එක්සත් ජාතික පක්ෂය 84.64% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇත.