ජංගම දුරකථනයක්‌ භාවිතයට වියදම අවම රට ශ්‍&#3515

thilinatta

Active member
  • Apr 5, 2009
    360
    92
    43
    ජංගම දුරකථනයක්‌ භාවිතයට වියදම අවම රට ශ්‍&#3515

    ජංගම දුරකථනයක්‌ භාවිතයට
    වියදම අවම රට ශ්‍රී ලංකාව


    අකිත පෙරේරා

    ජංගම දුරකථනයක්‌ භාවිත කිරීමට අවශ්‍ය වන මාසික වියදම අවම රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

    ඒ අනුව මෙරට තුළ ඩොලර් 0.97 කින් මාසයක්‌ පුරා ජංගම දුරකථනයක්‌ භාවිත කිරීමට හැකි බවත් අන්තර් ජාතික විදුලි සංදේශ සංගමය විසින් සිදුකරනු ලැබූ සමීක්‍ෂණයකදී හෙළිවී ඇත.

    මේ වන විට ලොව පුරා ජීවත් වන සෑම පුද්ගලයන් 10 දෙනකුගෙන් අට දෙනකුම සඳහා ජංගම දුරකථනයක්‌ පවතින බවට ද එම සමීක්‍ෂණය තහවුරු කොට තිබේ.

    ලොව පුරා ජංගම දුරකථන භාවිතය මෙතරම් ඉහළ ගිය ද ඒ සඳහා අවම මාසික වියදමක්‌ සහිත රට ශ්‍රී ලංකාව බවට පත්වන අතර බංගලාදේශය, ඉරානය, පාකිස්‌තානය, නේපාලය, ඉන්දියාව, භූතානය, මොංගෝලියාව, ඉතියෝපියාව සහ සුඩානය යන රටවල් ද එම ලැයිස්‌තුවේ ශ්‍රී ලංකාවට පසුපසින් සිටී.

    අදාළ සමීක්‍ෂණයට අනුව ජංගම දුරකථනයක්‌ භාවිතයේදී මාසිකව වැඩිම වියදමක්‌ දරන රට වන්නේ තුවාලු රාජ්‍යයයි. එම වියදම ඩොලර් 45.73 කි.

    නෙදර්ලන්තය, අයර්ලන්තය, ප්‍රංශය, ස්‌පාඤ්ඤය, ඇන්ඩෝරා, ස්‌විට්‌සර්ලන්තය, එක්‌සත් ජනපදය, ඊශ්‍රායලය, බෙල්ජියම වැනි රටවල් ද මාසිකව වැඩිම දුරකථන වියදමක්‌ දරන රටවල් ලෙස ලැයිස්‌තුගතව තිබේ.

    මෙම සමීක්‍ෂණයේදී සැලකිල්ලට ගෙන ඇත්තේ දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ සහ දත්ත ගාස්‌තු පදනම් කරගනිමිනි.


    http://www.divaina.com/2016/01/19/news09.html
     
    • Like
    Reactions: Rukaef

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    වෙන රටවල් වල තියෙන්නේ පැකේජ්.අපිට ඕන පැකේජ් එකක් තෝර ගන්න පුළුවන්.ඒ රටවල් වල රීලෝඩ් දානවට වඩා වාසියි පැකේජ් ක්‍රමය.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,456
    32,183
    113
    "විදුලි සංදේශ සංගමය" හොරාගෙ අම්ම පේන කියනවා. :yes:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ කතාව නම් ඇත්ත.. මෙහේ ලොකල් සිම් එකකින් කොල්ස් ගන්නවට වඩා ලාබයි ඩයලොග් එකේ රොමින්ග් දාගෙන කොල්ස් ගන්නවා. ඒ තරමට ලන්කාවේ කොල්ස් ගනන් අඩුයි.. හැබැයි ඉන්ටනෙට් එක්ක බලපුවහම නම් ඉස්ප්පිඩ් එකට් සාපෙක්ශව ඉන්ටනෙට් ලන්කාවේ ගනන්.. sms calls නම් ලන්කාවේ ෆ්‍රීබී දෙන තරම් වෙන කොහෙවත් දෙන්නේ නැ
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Source ekakwath cite karanne nadda ban lankawe wadagath news paper ekakin wath?

    Oka research kare Pingdom eken. Internet packages witharai baluwe. Phone calls UK, US wala ehema expensive plan ekak gaththe naththam. US wala incoming SMS walatath charge karanawa.
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ජංගම දුරකථන ගාස්තු අවම රට ශ්‍රී ලංකාව වීම හේතු කොට ගෙන ... දුරකථන හා අන්තර්ජාල ගාස්තු සංශෝදන අද මද්යම රාත්‍රියේ සිටක්‍රියාත්මක වේ....
    කියලා කියයිද දන්නේ නෑ
     

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    ජංගම දුරකථන ගාස්තු අවම රට ශ්‍රී ලංකාව වීම හේතු කොට ගෙන ... දුරකථන හා අන්තර්ජාල ගාස්තු සංශෝදන අද මද්යම රාත්‍රියේ සිටක්‍රියාත්මක වේ....
    කියලා කියයිද දන්නේ නෑ

    :P:P:angry: