ජඩ ආන්ඩුවේ හෙන්චයියෝ සමන් දෙයිහාමුදුරුව&

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජඩ ආන්ඩුවේ හෙන්චයියෝ සමන් දෙයිහාමුදුරුව&

    දැරණියගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාලිබොඩ ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි ඇලි හතේ මෙගා වොට් තුනක ධාරිතාවයකින් යුත් කුඩා ජල විදුලි බලාගාරයක් නීති විරෝධී ලෙස ඉදිකිරීම මේ වන විට ආරම්භ කර තිබේ.

    ඇලි හත යනු ලංකාවේ ඉතාම සුන්දර හා සුවිශේෂී දිය ඇලි අතුරින් ප‍්‍රමුඛත ම දිය ඇල්ලකි. එක දිගට ඇලි හතක් ලෙස ඇඳ හැලෙන මෙය නාය ගෙඟ් පිහිටා තිබේ. සමනල අඩවියෙන් ආරම්භ වී පහළට ඇඳ හැලෙන මේ ගඟ සීතාවක ගඟ හා සම්බන්ධ වී කළු ගඟ හා එක් වෙයි.

    ඇලි හත පිහිටා ඇත්තේ සමනල අඩවිය ස්වභාව රක්ෂිතය තුළ ය. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව 2007 සැප්තැම්බර් 7 වන දින අංක 1515/21 දරණ ගැසට් නිවේදනය මඟින් සමනල අඩවියෙන් හෙක්ටයාර 12979 ක වනාන්තර ප‍්‍රදේශයක් සමනල අඩවිය ස්වභාව රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. ඒ ප‍්‍රදේශය තුළ ඇලි හත පිහිටා තිබේ. මේ ප‍්‍රදේශය ස්වභාව රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත්තේ එහි පවතින අධික ජෛව විවිධත්වය හා ජල පෝෂක ප‍්‍රදේශයක් ලෙස පවතින ඉතාම සුවිශේෂී වූ වටිනාකම හේතුවෙනි. ඒ හේතුවෙන් ම මේ ප‍්‍රදේශය ඇතුළත් මධ්‍යම කඳුකරය ලංකාවේ දෙවන ස්වාභාවික ලෝක උරුමය ලෙස යුනෙස්කෝ සංවිධානය මඟින් 2010 වසරේ දී ප‍්‍රකාශයට පත් කළේ ය.

    එවන් වූ සුවිශේෂී ජෛව කලාපයක් වනසමින් කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතියක් නීති විරෝධී ලෙස ක‍්‍රියාත්මක කිරීම ඉතාම හානිකර තත්ත්වයකි.

    මේ ව්‍යාපෘතිය අනුව ඇලි හතේ තුන් වන ඇල්ල ඇඳහැලෙන ස්ථානයේ දී බලාගාරයේ වේල්ල ඉදි කරනු ලබන අතර එතැන් සිට නළ මඟින් රැුගෙන එන ජලය හත්වන ඇල්ල පාමුල ඉදිකරන බලාගාරය වෙත ගෙන ගොස් විදුලිය ජනනය කිරීමට සැලැසුම් කර ඇත. ඒ අනුව හතර, පහ, හය, හත යන දිය ඇලි හතර සම්පූර්ණයෙන් ම සිඳී යෑම සිදු වේ.

    ඇලි හත කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය (Elihatha Mini Hydropower Project) නමින් මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරනු ලබන්නේ මරදාන, මෙඩිසෙට් පෞද්ගලික ආරෝග්‍යශාලාවේ හිමිකරු වන වෛද්‍ය හර්ෂ සමරවීර මහතා විසිනි. ඔහු අමාත්‍ය මෛති‍්‍රපාල සිරිසේන මහතා ගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස ද ක‍්‍රියා කරයි. මේ දේශපාලන සම්බන්ධතා භාවිත කරමින් පාරිසරික අනපනත් උල්ලංඝනය කරමින් මේ ව්‍යාපෘතිය නීති විරෝධී ලෙස ක‍්‍රියාත්මක කරනු ලැබේ.

    2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 3 හා 6 වගන්තිවලට අනුව ස්වභාව රක්ෂිතයකට ඇතුළුවීම, වෘක්ෂලතාවලට හානි සිදු කිරීම, ශාක ඉවත් කිරීම, කැලෑ එළි පෙහෙළි කිරීම, හෑරීම, ස්ථිර හෝ තාවකාලික ගොඩනැඟිලි ඉදිකිරීම, මාර්ග තැනීම හෝ ඒවා භාවිත කිරීම සම්පූර්ණයෙන් ම නීති විරෝධී වෙති.

    එම පනතේ 6(4) වගන්තියට අනුව ඉහත හානිකර ක‍්‍රියාවල යෙදෙන යම් තැනැත්තෙක් වරදකරු වන අතර එසේ වරදකරු වීමේ දී රුපියල් විසිදහසකට නොඅඩු සහ රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ අවරුදු දෙකකට නොඅඩු සහ අවුරුදු පහකට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දෙකට ම ලක් විය හැකි ය. ඒ වරදට ම නැවත වරක් වරදකරු වුවහොත් රුපියල් හතලිස් දහසකට නොඅඩු සහ රුපියල් ලක්ෂ දෙකකට නොවැඩි දඩයකට හෝ අවුරුදු පහකට නොඅඩු සහ අවුරුදු දහයකට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දෙකට ම හෝ ඔහු යටත් විය යුතු ය.

    නමුත් අද වන විට වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 3 හා 6 වගන්ති උල්ලංඝනය කරමින් ස්වභාව රක්ෂිතය තුළ නාය ගඟ හරහා වේල්ල ඉදිකිරීම, නළ මාර්ග සකස් කිරීම හා බලාගාරය ඉදිකිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින අතර ඒ සඳහා වනාන්තරය එළි පෙහෙළි කර මාර්ග ඉදිකිරීම, දළ බෑවුම් සහිත ප‍්‍රදේශයේ පස් හාරා ඉවත් කර භූමිය සකස් කිරීම සිදු කර තිබේ. ස්වභාව රක්ෂිතයක් වනසමින් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමින් මේ සිදු කරන මහා විනාශය මැඩලීමට කිසිදු පියවරක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනතුරුත් ගෙන නොමැත.

    සමනළ අඩවිය යනු ඊට ම ආවේණික ජීවී විශේෂ අති බහුතරයක් ජීවත් වන ලංකාවේ සුවිශේෂීම ජෛව කලාපයකි. අලූතින් විද්‍යා ලොවට හඳුන්වාදීමට අති උරගයන් හා උභයජීවීන් රාශියක් ම ඒ අතර වෙති. ඇලි හත හා ඒ ආශ‍්‍රිත වනාන්තර යනු ඉතාම දුර්ලභ ජිවී විශේෂ ගණනවක් වාර්තාවන ප‍්‍රදේශයකි. එවන් ප‍්‍රදේශයක් මේ ආකාරයෙන් වැනසීම යනු මහා විනාශයකි. එපමණක් නො ව ඒ සඳහා කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගෙන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් බලා සීටීම යනු ඉතාම හානිකර තත්ත්වයකි.

    මේ නිසා අප ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යංශයෙන් හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මේ නීති විරෝධී හා දැඩි ජෛව විද්‍යාත්මක හානියක් ගෙන දෙමින් ක‍්‍රියාත්මක වන කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය වහාම නතර කිරීමට ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ය.

    - සජීව චාමිකර, පරිසර සංරක්ෂණ භාරය
     
    • Like
    Reactions: dxx

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඇලි හත කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය (Elihatha Mini Hydropower Project) නමින් මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරනු ලබන්නේ මරදාන, මෙඩිසෙට් පෞද්ගලික ආරෝග්‍යශාලාවේ හිමිකරු වන වෛද්‍ය හර්ෂ සමරවීර මහතා විසිනි. ඔහු අමාත්‍ය මෛති‍්‍රපාල සිරිසේන මහතා ගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස ද ක‍්‍රියා කරයි. මේ දේශපාලන සම්බන්ධතා භාවිත කරමින් පාරිසරික අනපනත් උල්ලංඝනය කරමින් මේ ව්‍යාපෘතිය නීති විරෝධී ලෙස ක‍්‍රියාත්මක කරනු ලැබේ.
    අනේ මංද ඕයි උඹ නං.............:rofl:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොකද්ද වැරද්ද මේ ත්‍රෙඩ් එකේ.

    පඳුර වටේ ගිහින් රිදිලා පරණ ත්‍රෙඩ් බම්ප් කරනු ලැබේ. හුකැස් පොරට පරන ත්‍රෙඩ් බම්ප් කරන තරමටම රිදිලා වගේ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    මෙහෙමයි මචං මම මහින්ද වාදියෙක්වත් රනිල් වාදියෙක්වත් නෙවෙයි මේ කිරියේම මම මහින්දටම බැනලත් තියෙනවා රනිල්ට බැනලත් තියෙනවා
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    මෙහෙමයි මචං මම මහින්ද වාදියෙක්වත් රනිල් වාදියෙක්වත් නෙවෙයි මේ කිරියේම මම මහින්දටම බැනලත් තියෙනවා රනිල්ට බැනලත් තියෙනවා


    සේම් හියර්...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අයියො ගගේ පැනපන් , රෙද්ද නැ,දේශපාලන ගනිකාවො කියන්නෙ මුන්ට තමා.:lol::lol::lol::lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,495
    32,230
    113
    කොහොමත් අර kandy city center එකේ අයිති කාරය. සිරිපාදෙ අලුත් කරාට පස්සෙ මට එතන තිබ්බ ශාන්තිය නැති උනා වගේ. උන්ගෙ නම ගහ ගන්න පරණ දොළොස් මහ පහනත් නිව්වා. ඕව තමා රටට හෙනේ උනේ. සමන් දෙයියො අනිවා දඬුවම් දෙයි ඕවට.
     

    Similar threads