ජනතාවට ගංවතුර - ජනපතිට ජල සැප

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජනතාවට ගංවතුර - ජනපතිට ජල සැප

    ජනතාවට ගංවතුර - ජනපතිට ජල සැප

    President_LTTEscooter.jpg


    මිලියනයකට වැඩි පිරිසක් පීරිසක් ගංවතුරෙන් පීඩාවට පත්ව තිබියදී ජනාධිපතිවරයා කන්කසන්තුරේ මුහුදු තීරයේ විනෝද සුවයෙන් පසුවන බව ලංකා පුවත් සේවය පවසයි. මෙම ඡායාරූපය අද දින ලංකා පුවත් සේවය විසින් ප්‍රචාරය කරන ලද අතර එහි දැක්වෙන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් අල්ලා ගත් මුහුදු ස්කූටරයක් පදවමින් විනෝද වන ජනාධිපතිවරයා බවද එහි දක්වා තිබේ. තවද මෙය රන්මුතුදූව චිත්‍රපටයේ දර්ශනයක් නොවන බවද ලංකා පුවත් සේවය වාර්තා කරයි.

    පසුගියදා සංගුපිඩ්ඩි පාලම විවෘත කිරීමෙන් පසු එදින රාත්‍රිය යාපන අර්ධද්වීපයේ ගතකළ ජනාධිපතිවරයා පසුදින ශාරීරික ව්‍යායාම් සඳහා කන්කසන්තුරේ වෙරළ තීරයේ ඇවිදීමට ගිය බවත්, ඉන්පසු මෙම එල්.ටී.ටී.ඊ. මුහුදු ස්කූටර සවාරියේ නියැලුනු බවත් ලංකා පුවත් සේවය වැඩිදුරටත් අනාවරණය කරයි.

    "ඉහත ඡායාරූපයෙන් දැක්වෙනුයේ රාජ්‍ය නායකයා මුහුදු රැලි මඟ හරිමින් මුහුදු ස්කූටරය පදවන ආකාරයයි. තීක්‍ෂණ බුද්ධියකින් යුත් දේශපාලඥයෙකුවන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඕනෑම රළු මුහුදක්, නිසළ කර ගැනීමට තරම් සමත් නායකයෙකි." යනුවෙන් එම ලිපිය අවසන් කර තිබේ.
    මෙම ඡායාරෑපය ජනාධිපතිවරයාගේ නිල ඡායාරෑප ශීල්පියා වන සුදත් සිල්වා විසින් ගනු ලැබූ බවද එහි සඳහන්ය.

    සුනාමි ව්‍යසනයට පසු පැමිණි විශාලතම ස්වාභාවික ව්‍යසනය පසුගිය සමයේ ඇතිවූ අධික වර්ෂාවත් සමඟ ඇතිවූ බව ආණ්ඩුවේම මැති ඇමතිවරු පවසති. මේ වනවිට ලෝකයේ විවිධ රටවල් මෙන්ම ශ්‍රී ලාංකික ජනතාවද සිය හැකි පමණින් පීඩාවට පත්වූවන් වෙනුවෙන් ආධාර සැපයීමට එක්වී සිටී. එවන් මොහොතක රටේ වගකිවයුතුම පුරවැසියා ලෙස ජනාධිපතිවරයා විනෝද සුවයෙන් කල් ගතකිරීම තරම් තවත් විහිළුවත් නොමැති බව දේශපාලන විචාරකයෝ පවසති.
     

    Dileepa_J

    Active member
  • හා හා...., එපා එවන් වහසි බස් දොඩන්නට....
    ඒ අප මහ රජානෝ ආසියාවේ ආශ්චර්යය පතා දිය කෙළිනා අන්දමයි..!
    එබැවින් රාජ උදහසට පවා ලක්වන එවන් වදන් සඳහා මට ලබා දිය හැක්කේ BUMP එකක්ම පමණකි!
     

    chinthakaruksha

    Active member
  • May 14, 2009
    222
    31
    28
    යකෝ, මේක මහා පුදුම වැඩක්නේ. රටේ නායකයා විදියට උ රටේ ජනතාව එක්ක ඉන්න එකත් වැරදිද උතුරට ගිහින්. ගං වතුරෙන් පීඩාවට පත් උන අයට මොකුත්ම කරන්නේ නැතුව ඔහොම ගිහින් ඉන්නවනම් වැරදියි. මහා පුදුම කතා තමා මුන් කියන්නේ.දැන් මේ පත්තර කාරයෝ මොකක්ද කරන්න කියන්නේ ජනාධිපතිට.
     
    Last edited:

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    හා හා...., එපා එවන් වහසි බස් දොඩන්නට....
    ඒ අප මහ රජානෝ ආසියාවේ ආශ්චර්යය පතා දිය කෙළිනා අන්දමයි..!
    එබැවින් රාජ උදහසට පවා ලක්වන එවන් වදන් සඳහා මට ලබා දිය හැක්කේ BUMP එකක්ම පමණකි!
    :lol::lol::yes:
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    එවන් මොහොතක රටේ වගකිවයුතුම පුරවැසියා ලෙස ජනාධිපතිවරයා විනෝද සුවයෙන් කල් ගතකිරීම තරම් තවත් විහිළුවත් නොමැති බව දේශපාලන විචාරකයෝ පවසති.

    දේශපාලන විචාරකයා කොහෙද ඉන්නෙ ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හා හා...., එපා එවන් වහසි බස් දොඩන්නට....
    ඒ අප මහ රජානෝ ආසියාවේ ආශ්චර්යය පතා දිය කෙළිනා අන්දමයි..!
    එබැවින් රාජ උදහසට පවා ලක්වන එවන් වදන් සඳහා මට ලබා දිය හැක්කේ BUMP එකක්ම පමණකි!


    :lol::lol::yes:
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මෙයාගෙ කුමාර වරු 3න් දෙනත් අන්ගනාවියො පිරිවරන් ‍දිය කෙළින හැටි පෙන්වන ඡායාරෑප අන්තරජාලයේ තියෙනව ඕනෙ තරන් ඉතින් තාත්තා ඔය ස්කූටරයක් පැද්ද කියල මහ ලොකු කජ්ජක්ද බන්
    take it easy

    ආසියාවේ ආස්චර්ය :P
     
    • Like
    Reactions: urajdrlk

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ ඔව්. රජතුමා ඉතින් පොඩි අතල් එකක් තමයි ගන්නේ. එත් ඕක SF හරි රනිල් හරි කරා නන් ඉතින් බලාගන්ඩ තිබුණා. දැක්කනේ SF චන්දෙ කාලේ ගමේ ගිය වෙලාවේ ඔරුවක් පැදලා මේකේ සමහරු කියපු දේවල්.:P
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    Machan Awasthawadi wenna epa...President North walata giya welawe gaththa photo wagayak,,Janapathi janathawa atharaya yanawata wirudda wechcha ubala wage ropiyo me ratata hariyan ne.....
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Ko me JVP ponsiya...chanda kaaleta witharada danne naha pay karanne..anik kalawal walata fake eken awith meke jepponta puka didi innawa athi🤣🤣
     
    • Like
    Reactions: KDH