ජනතාවට ගංවතුර - ජනපතිට ජල සැප
ජනතාවට ගංවතුර - ජනපතිට ජල සැප
මිලියනයකට වැඩි පිරිසක් පීරිසක් ගංවතුරෙන් පීඩාවට පත්ව තිබියදී ජනාධිපතිවරයා කන්කසන්තුරේ මුහුදු තීරයේ විනෝද සුවයෙන් පසුවන බව ලංකා පුවත් සේවය පවසයි. මෙම ඡායාරූපය අද දින ලංකා පුවත් සේවය විසින් ප්‍රචාරය කරන ලද අතර එහි දැක්වෙන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් අල්ලා ගත් මුහුදු ස්කූටරයක් පදවමින් විනෝද වන ජනාධිපතිවරයා බවද එහි දක්වා තිබේ. තවද මෙය රන්මුතුදූව චිත්‍රපටයේ දර්ශනයක් නොවන බවද ලංකා පුවත් සේවය වාර්තා කරයි.
පසුගියදා සංගුපිඩ්ඩි පාලම විවෘත කිරීමෙන් පසු එදින රාත්‍රිය යාපන අර්ධද්වීපයේ ගතකළ ජනාධිපතිවරයා පසුදින ශාරීරික ව්‍යායාම් සඳහා කන්කසන්තුරේ වෙරළ තීරයේ ඇවිදීමට ගිය බවත්, ඉන්පසු මෙම එල්.ටී.ටී.ඊ. මුහුදු ස්කූටර සවාරියේ නියැලුනු බවත් ලංකා පුවත් සේවය වැඩිදුරටත් අනාවරණය කරයි.
"ඉහත ඡායාරූපයෙන් දැක්වෙනුයේ රාජ්‍ය නායකයා මුහුදු රැලි මඟ හරිමින් මුහුදු ස්කූටරය පදවන ආකාරයයි. තීක්ෂණ බුද්ධියකින් යුත් දේශපාලඥයෙකුවන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඕනෑම රළු මුහුදක්, නිසළ කර ගැනීමට තරම් සමත් නායකයෙකි." යනුවෙන් එම ලිපිය අවසන් කර තිබේ.
මෙම ඡායාරෑපය ජනාධිපතිවරයාගේ නිල ඡායාරෑප ශීල්පියා වන සුදත් සිල්වා විසින් ගනු ලැබූ බවද එහි සඳහන්ය.
සුනාමි ව්‍යසනයට පසු පැමිණි විශාලතම ස්වාභාවික ව්‍යසනය පසුගිය සමයේ ඇතිවූ අධික වර්ෂාවත් සමඟ ඇතිවූ බව ආණ්ඩුවේම මැති ඇමතිවරු පවසති. මේ වනවිට ලෝකයේ විවිධ රටවල් මෙන්ම ශ්‍රී ලාංකික ජනතාවද සිය හැකි පමණින් පීඩාවට පත්වූවන් වෙනුවෙන් ආධාර සැපයීමට එක්වී සිටී. එවන් මොහොතක රටේ වගකිවයුතුම පුරවැසියා ලෙස ජනාධිපතිවරයා විනෝද සුවයෙන් කල් ගතකිරීම තරම් තවත් විහිළුවත් නොමැති බව දේශපාලන විචාරකයෝ පවසති.