ගෑස් අලෙවිය අඩුවීමත් සමග හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගරවල මේ දිනවල දර අලෙවිය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට දර වෙළෙඳාම සිදුකරන වෙළෙඳුන් කුරුඳු දර තොග වශයෙන් තම වෙළෙඳසැලට රැගෙනවිත් අලෙවි කරන බවත් කුරුඳු දර අලෙවිය වැඩි වීම හේතුවෙන් තමන්ට වෙනත් දර තොග ලැබිමේ අඩුවක් පවතින බවත් වෙළෙඳුන් පවසති.
ගෑස් භාවිතා කළ පාරිභෝගිකයන් විශාල පිරිසක් මේ වන විට තමන්ගෙන් කුරුඳු දර මිල දී ගන්නා බව ද දර වෙළෙඳාමේ යෙදී සිටින ව්‍යාපාරිකයන් පවසයි.
කුරුඳු දර මිටියක් රු 50කට වැනි මිලකට අලෙවි කරන බවද එම වෙළෙඳුන් සඳහන් කරති.
